ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධව සිටින සෙසු පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් කිරීම සදහා අද වන විට ආණ්ඩුව තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ආණ්ඩුව බිහි කිරීමට ශක්තිය දුන් පක්ෂ නායකයන් කැබිනෙට්ටුවෙන් ඉවත් කිරීමට එම පක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් කිරීමට සැලසුමක් සැලසුමක් ඇතැයි ද පැවසූ ඔහු මෙයාකාරයට ගියොත් අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම තත්ත්වය අත් වනු ඇති බවද පෙන්වා දුන්නේය.
ඉන්ධන මිල වැඩි කරන ලද්දේ උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ තනි කැමැත්තෙන් නොවන බවත් ආණ්ඩුවේ තීරණයක් බවද කී ඔහු ඔහුට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය මෙම ආණ්ඩුවේ දෙපාර්ශවයක් අතර ඇති මතයෙන් භේදය වාසි ලබාගැනීම සඳහා විපක්ෂයේ සැලසුමක් යයි තව දුරටත් කියා සිටියේය.










