දැනට පනවා ඇති සංචරණ සීමා ජූනි 21 වනදා අලුයම 4ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එහෙත් පළාත් අතර සංචරණ සීමා එලෙසම තවදුරටත් ක්‍රියාත්මක කරනු ඇති.
මේ අතර ජූනි 23 වැනිදා රාත්‍රී 10.00 සිට 25 වැනිදා අලුයම 4 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීමා නැවත පැනවේ.
මහජන රැස්වීම්, පොදු ස්ථානපල හවුවීම්, උත්සව සහ සාද තවදුරටත් තහනම්ය.
රාජ්‍ය සේවයේ දැනට සිදුවන ආකාරයට නිවෙස්වල සිට රාජකාරී ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මකයි.
දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව වෙළඳසැල් විවෘත කිරීමේ හැකියාව පවතී.










