තෙල් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සංවාදයක් රට හමුවේ මතුව පැවතියදී ඒ පිළිබද සාකච්ජා කිරීම සදහා අද (14) සවස පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී නැති බව වාර්තා වේ.
ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී ඇති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තෙල් මිල සම්බන්ධයෙන් මුලින්ම අදහස් දක්වා ඇත්තේ චමල් රාජපක්ෂ මහතාය.
අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ පොහොර ප්‍රශ්නය සහ ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මේ වනවිට මතුව ඇති බවත්, ඉන්ධන මිල යළි අඩු කළ යුතු බවත්ය.
කැබිනට් රැස්වීමට සහභාගී වී සිටි ඇමැතිවරුන් අතිබහුතරයක් චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය අනුමත කරමින් අදහස් දක්වා ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙහිදී කිසිදු අදහස් දැක්වීමක් සිදු කොට නොමැති බව දැනගන්නට ඇත.
එමෙන්ම ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි විමල් වීරවංශ මහතාද අද දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වී නොමැති බව දැනගන්නට ඇත.








