කොරෝනා වසංගතය පැතිර යාම ඇරඹීමෙන් පසු මෙරට කොරෝනා මරණ අනුපාතිකය මේ වන විට ප්‍රථම වරට සියයට 01ට ආසන්න මට්ටමට පැමිණ ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
මේ අනුව අද (14දා ) දහවල් වන විට මෙරට කොරෝනා මරණ අනුපාතිකය සියයට 0.96 ක්ව පැවති අතර ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 97ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
ඊයේ දිනය වන විට මෙරට ජනගහණයෙන් මිලියනයකට වාර්තාවූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,150 ක් වූ අතර සුවපත් වී මුදා හැරෙන කොරෝනා ආසාදිතයන්ගේ අනුපාතය සියයට 84.31 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
කෙසේ වුවද ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව වාර්තා කරන ” වර්ල්ඩෝමීටර් ” වෙබ් අඩවියට අනුව මෙරට ජනගහණයෙන් මිලියනයකට සිදු වන කොරෝනා මරණ සංඛ්‍යාව 99ක් වන අතර වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,403 කි .








