වැලිගම මිරිස්ස පොල්වත්ත මෝදර මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 200කට අධික වටිනා හොරයින් මත්කුඩු කිලෝ දෙසීයේ හිමිකරුවන් සම්බන්ධයෙන් මේ වනවිට නම් කිහිපයක්ම එළියට පැමිණ තිබේ.
ඇතැමුන් මෙය හරක් කටා නැමැත්තාගේ බව සදහන් කරන අතර තවත් සමහරුන් මෙය කොස්ගොඩ සුජීගේ බව සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කෙරී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පසුගිය මැයි මස එකොළොස් වැනි දින ධීවර කටයුතු සඳහා පිටත් වූ බහුදින ධීවර යාත්‍රාවකින් මෙම මත්කුඩු මත් කුඩු ගෙන එන්නට ඇති බවත් අනතුරුව කුඩා යාත්‍රාවකට මත්කුඩු තොගය පටවාගෙන මුහුදු වෙරළට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය කියයි.
රාජ්‍ය බුද්ධි සේවාව ට ලද රහසිගත තොරතුරක් අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව , වෙරළාරක්ෂක බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඒකාබද්ධව මෙම වැටලීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.










