තෙල් මිල ඉහළ නැංවීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වගකිව යුතු බව කියමින් ඒ මහතාට ඉල්ලා අස්වන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනය හරහා ආණ්ඩුව ඇතුළේ පවතින අර්බූදයේ ගිනිපුපුරු එළියට පැමිණ ඇති බවත්, එම නිවේදනය හරහා පොහොට්ටුව රට කරවන බව පොහොට්ටුවේ ලේකම්වරයාටම අමතක වී තිබීම හාස්‍යජනක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ ගම්මන්පිල මහතා පමණක් නොව මුලු ආණ්ඩුවම ඉල්ලා අස්වී ගෙදර යායුතු බවකි.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.












