සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු උපන්දින සාදයක් වටලා ඇති පොලිසිය කාන්තාවන් 5දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අද (09) කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.
පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේ චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයක් පැවැත්වීම නිමිත්තෙන් ඊට සහභාගී වූ සියලු දෙනා මේ වනවිට නිරෝධායනය කර ඇති අතර හෝටලය සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනුණේ නැත.










