ඉතා කඩිමුඩියේ ආණ්ඩුව හිතුවක්කාරී ලෙස රසායනික පොහොර තහනම් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් රටේම සමස්ත ගොවි ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ මේ හරහා ඉදිරි අනාගතයේදී සාගතයක් ඇතිවීම නොවැළැක්විය නොහැකි බවයි.
එමනිසා සමස්ත ගොවි ජනතාවට අත්විදින්නට සිදුව ඇති මරු පහරෙහි ප්‍රතිපල නුදුරේදීම ආණ්ඩුවට අත්විදින්නට සිදු වනු ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.
එම නිවේදනය මෙසේය.











