ජූනි මස 10 සහ 11 වැනිදා විශ්‍රාම වැටුප් ලබා දීම සිදුකළ යුතු නිසාවෙන් ඒ සඳහා යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව අදාළ විශ්‍රාම වැටුප් හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පහසුකම් සැපයීමට යොදවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස්වලට අනුව ක්‍රියාකරන බව යුද්ධ හමුදාධිපති කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්වරුන්ගේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව මැදිහත් වී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ යොදාගනිමින් විශ්‍රාම වැටුප් ලාභීන්ට පහසුකම් ලබන 10 සහ 11 දින සපයන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.
මෙතෙක් හුදෙකලා කළ ග්‍රාමසේවා වසම්වලින් ග්‍රාම සේවා වසම් 77ක හුදෙකලාභාවය ඉවත්කළද එම ප්‍රදේශවල ජනතාවට සංචරණය සඳහා අවසර හිමිනොවන බවත් ඊට හේතුව වන්නේ එම ප්‍රදේශවල කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානමක් තවදුරටත් පැවතීම මෙන්ම සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකවීම බවද යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.
සංචරණ සීමා පැනවීමෛන් පසු මෙරට තත්ත්වය ඉදිරියේ දීත් මේ පිළිබඳ විශ්ලේෂණය කර විශේෂඥ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු වුවහොත් දැනට පවතින නිර්දේශයන්ට අනුව ලබන 14 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීමමේ හැකියාව පවතින බවද යුද්ධ හමුදාධිපතිවරයා කීය.
අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමේදී ඒ වෙනුවෙන් අත්‍යවශ්‍යය පුද්ගලයින් කොළඹට පැමිණිය යුතු නිසා ඔවුන් පුද්ගලික ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමේ ගැටළුවක් නොමැති බවත් එතුමන් කීය.
මේ වන විට දින 23කට ආසන්න කාලයන් සංචරණ සීමා පනවා තිබුණද අත්‍යවශ්‍ය සේවා සඳහාත් අත්‍යවශ්‍ය රාජකාරි සඳහාත් ප්‍රවාහන බලපත්‍ර ලබා දී තිබෙන්නේ සංචරණ සීමා පැනවූ කාලසීමාවේ දී මහජනතාවට ගැටළුවක් ඇති නොවී පහසුකම් සැපයීමට රජය කටයුතු කරන නිසා බවද යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.
දිලංක ගුණතිලක










