මේ රටේ ඇති දූෂිත මාධ්‍ය ආයතන සහ දූෂිත මාධ්‍යවේදීන් පිළිබදව රටට හෙළිදරව් කළ යුතු කාලය එළඹ ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සදහන් කොට ඇත.
අද පාර්ලිමේන්තුවේදී පැවැති කණ්ඩායම් රැස්වීමේදී සේනාරත්න මහතා මේ බව සදහන් කොට තිබේ.
මේ වනවටි ඇතැම් දූෂිත මාධ්‍ය සහ මාධ්‍යවේදීන් සමගි ජන බලවේගය ඉලක්ක කර අසත්‍ය ප්‍රචාර පැතිරවීමට කටයුතු කරමින් සිටින බවත්, මේ සම්බන්ධයෙන් රටට නම් ගම් සහිතව හෙළිදරව් කළ යුතු බවත් මන්ත්‍රීවරයා එහිදී කියා තිබේ.
මේ ආකාරයෙන්ම මෙම දූෂිත මාධ්‍ය ඉකුත් ජනාධිපතිවරණයේදීද හැසිරුණු බවත්, උදාහරණ සහිතවම ඒ සියල්ල රටට අනාවරණය කිරීමට කාලය එළඹ ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කොට ඇත.










