• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව පළවා හරින්න සජිත් බලමුළු තර කරයි!

June 5, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
කොරෝනා එකට මුහුණ දෙන සජිත්ගේ ටීම් එක මෙන්න (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

රටේ සියලු ක්ෂේත්‍ර කඩා බිද දමමින් අසාර්ථක පාලනයක් රැගෙන යන වත්මන් ආණ්ඩුව නෙරනෙ හැරීමට එක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දී තිබේ.

එම නිවේදනය මෙසේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් නිවේදනයක්

ආණ්ඩුව මේ වන විටත් සිය අසාර්ථකත්වය උපරිම ලෙස පෙන්වා ඇති අතර ශාපකාරී ආණ්ඩුවට පහත කාරණා අවධාරණය කරමු.

කොරෝනා ව්‍යසනය දිනෙන් දින උග්‍ර වී ඇති අතර ආණ්ඩුව සිය අශිෂ්ඨත්වය ප්‍රකට කරමින් එයින්
දේශපාලනය කරමින් සිටී. කොරෝනා ව්‍යසනය පැතිරෙනවාද නැද්ද යන්න පිළිබඳව සොයා බලන
පර්යේෂණාගාරයක් බවට ආණ්ඩුව මේ රට පත් කළ අතර ඒම සාපරාදී වරදෙහි වන්දිය ආණ්ඩුව මේ රටේ සමස්ථ ජනතාවට ගෙවිය යුතුය. එමෙන්ම, රුපියල් 5000 දීමනාව ලබා දීම, එන්නත්කරණ ක්‍රියාවලිය මෙන්ම නිරෝධායන ක්‍රියාවලිය ද දේශපාලනයට නතුකරගෙන ඇත. අත්‍යාවශ්‍ය ඖෂධ පවා දැඩි හිඟයක්ව පවතින අතර විශේෂයෙන්ම පිළිකා රෝගීන්, දියවැඩියා රෝගීන්, හදවත් රෝගීන්, වකුගඩු රෝගීන් එයින්අ වාසනාවන්ත ඉරණමකට මුහුණ දෙමින් සිටී. සිල්ලර ක්‍රමයට සොච්චම් ප්‍රමාණයක් එන්නත් ගෙන්වන අතර එයද බලපුලුවන්කාර පිරිස් ඩැහැගනිමින් සිටී.
සංචරණ සීමා සහ ලොක්ඩවුන් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බලවතා සහ දුබලයාට දෙවිදිහකට සලකන ක්‍රියාවලියක් බවට පත්කොට ඇති අතර දේශපාලන බලපුතුවන්කාරකම සහ හිතවත්කම මත නීති සහ රීති නැවීම සිදුවෙමින් තිබේ. එක රටක එක නීතියක් වෙනුවට එක් එක් අයට නීති රැසක් නිර්මාණය වී ඇත.

මේ වනවිටත් රටපුරා දැඩි වර්ෂාවක් පවතින අතර අවතැන් ජනතාව වෙනුවෙන් ක්‍රමවත් සහ විධිමත්
යාන්ත්‍රණයක් තවමත් ක්‍රියාත්මකව නැත. ආපදා කළමණාකරණ ක්‍රියාවලිය වල්වැදී ඇත. කොරෝනාවෙන්බැ ටකන ජනතාව ආපදාවෙන්ද බැටකනතුරු ආණ්ඩුව ආපදා කළමණාකරණ යාන්ත්‍රණය සක්‍රීය නොකරන්නේ ඇයි?

පොහොර ප්‍රශ්නයෙන් ගොවි ජනතාව පීඩා විඳින අතර, අස්වනු අළෙවිකරගැනීමට ද හැකියාවක් නැතිව ඔවුන්පී ඩා විඳී. ධීවර ප්‍රජාව ඇතුලු සමස්ත කම්කරු ප්‍රජාවද, රාජ්‍ය සේවකයා, පෞද්ගලික අංශ සේවකයා ඇතුලු සියලු දෙනාද අතිශයින්ම පීඩාවට පත්ව සිටින අතර ඔවුන්ගේ ජීවිත කබලෙන් ලිපට වැටී ඇත.

පරිසර විනාශය උග්‍ර වී ඇති අතර මේ ව්‍යසනය මොහොතේත් දැවැන්ත පරිසර විනාශයක් සිදුවෙමින් තිබේ. පසුගියදා සිදුවූ නෞකාවේ ගිනි ගැනීම හේතුවෙන් වසර ගණනාවකට නැවත පිලිසකර කළ නොහැක. විනාශයක් රටට සිදුවී ඇති අතර ඒ පිළිබඳව ආණ්ඩුව තවමත් සිටින්නේ නිද්‍රාශීලීව වන අතර අදාල විනාශයට වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය පවා තවමත් මන්දගාමීව සිදුවෙමින් තිබේ.

අධ්‍යාපනය කඩාවැටී ඇති අතර,විෂය භාර අමාත්‍යවරයාට ඒ පිළිබඳව වගේ වගක් නැත. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රියාවලිය පවා තවමත් ක්‍රියාත්මක වන්නේ ප්‍රාථමික මට්ටමේය. දැනටමත් රටේ ආර්ථිකය බරපතල කුනාටුවකට හසුවී ඇති අතර කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත්ආ සියානු කලාපයේ සියලු රටවල් වලට වඩා වේගවත් ආර්ථික බංකොලොත් බවකට අපේ රට පත්ව තිබේ.

එදා වේල හෝ සපයාගන්නට නොහැකිව ලක්ෂ ගණනක් ජනතාව දුක්වේදනා විඳිමින් සිටී. වැටුප් ගෙවා ගැනීමේ හැකියාව පවා දැඩි ගැටලුවක් බවට පත්ව තිබියදීත් ආණ්ඩුවේ ඇතැමුන් තමන්ට මුදල් ඇති බවට පුරසාරම් දොඩවමින් සිටී.

රටේ සියලුම ක්ශේත්‍ර සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත්තේ ආණ්ඩුවේ නොහික්මුණු, අකාර්්‍යක්ෂම සහ වියවුල්ස හගත වැඩපිළිවෙල නිසාය. දෙවසරක් පුරා ආණ්ඩුව තමන්ගේ නොහැකියාව පෙන්වා ඇති අතර වියත් යැයි කියා බලය ගත් ආණ්ඩුව ජනතාවගේ හුස්ම ගැනීමේ අයිතිය පවා කොල්ලකන දිනය වැඩි ඈතක නැත. එබැවින් මේ දුර්ධාන්ත පාලනය නෙරපා හැරීම උදෙසා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතු අතර අතර ජනතාවාදී වැඩපිළිවෙලක් උදෙසා හෘදසාක්ෂියට එකඟව එකට එක්විය හැකි සියලු බලවේග වලට ඒ සඳහා දෑත් ඔසවා ආරාධනා කරමි.

විපක්ෂ නායක

SendShareShare
Previous Post

දින-වෙලාව මකලා! ෂැංග්‍රිලා CCTV පොලිසියෙන් ‘එඩිට්’ කරලා!!

Next Post

පාකිස්ථානය එන්නත්කරණය පෞද්ගලික අංශයට බාර දෙයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.