• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ඔබ එන්න… ඔබ ඇවිත් යන්න එන්න…’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

June 5, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 8 mins read
A A
‘ඔබ එන්න… ඔබ ඇවිත් යන්න එන්න…’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

රනිල් වික්‍රමසිංහට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න යැයි ආරාධනා කළ අය අතර අගමැති මහින්ද රාජපක්ෂද සිටී. එය සිදුවූයේ අසනීපයෙන් සිටින රනිල් වික්‍රමසිංහගේ බිරිය මෛත්‍රී වික්‍රමසිංහ බලන්න මහින්ද රාජපක්ෂ පස්වැනි පටුමඟේ රනිල් වික්‍රමසිංහගේ නිවෙසට ගොස් සතුටු සාමීචියේ යෙදෙන අතරතුරදීය. එහිදී මහින්ද රාජපක්ෂ කීවේ රනිල් වික්‍රමසිංහ සතුව පාර්ලිමේන්තු අත්දැකීම් ඇති බවත්, ඒවා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සමග බෙදාහදා ගන්න ඔහු යළි පාර්ලිමේන්තු පැමිණිය යුතු බවත්ය.

29.11.2020

සන්ඩේ ටයිම්ස්

ඉහත දැක්වෙන්නේ රනිල්ගේ මාමාගේ පුවත්පත වන යූඑන්පී යූ.ඇන්.පී. නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනගේ පවුලේ පුවත්පත වන ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ දේශපාලන කොළමෙහි පළ වූ පුවතකි. එසේම රනිල්ගේ මාමාගේත්, රුවන්ගේත් පවුලේ දිනපතා ඉංග්‍රීසි පුවත්පත වන ‘ඩේලි මිරර්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් මහින්ද රාජපක්ෂ මෙසේ කියා තිබිණි.

‘මම නම් හිතන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ ඇරෙන්න වෙන අයෙක් යූ.ඇන්.පී. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යා යුතුයි කියලා. ඔහු තමයි හොඳම සුදුස්සා විපක්ෂයට නායකත්වය දෙන්න. දැන් තියෙන්නේ දුර්වල විපක්ෂයක්. ඔහු ආවොත්වි තමයි විපක්ෂය ශක්තිමත් වෙන්නේ වෙන්නේ… ̃

මහින්ද රාජපක්ෂ

ඩේලි මිරර්

03.02.2021

මේවා දැක්ක දැනට රාජපක්ෂලා සමග කලකිරී සිටින ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකු මාධ්‍යවේදියෙක් සමග අපූරු කතාවක් කියා තිබිණි.

“ඇයි ජේ.ආර්. 1980 මැතිනියගේ ප්‍රජා අයිතිය නැති කරලා මැතිනියව පාර්ලිමේන්තුවෙන් පැන්නුවේ? ඇයි මහින්ද 2010 ෆොන්සේකාට නඩු දමල පාර්ලිමේන්තුවෙන් පන්නා ගත්තේ? ඇයි මෛත්‍රිපාල 2015 දිනලා මහින්ද පාර්ලිමේන්තු එන එක වළක්වන්න පුළුවන් හැම ගේමම ගැහුවේ? ශක්තිමත් විපක්ෂයකට තියෙන බය හින්දා. ආණ්ඩුවක නායකයෙක් විපක්ෂයක් ශක්තිමත් වෙනවාට ආසාවෙන් ඉන්නවා මම දැක්කාමයි. මොන්ටිසෝරියේ ළමයෙකුට වුණත් තේරෙනවා මහින්දලා බයයි සජිත්ලාගේ විපක්ෂයට. මහින්දලා දන්නවා ඒක ශක්තිමත් විපක්ෂයක් කියලා. ඒක දුර්වල කරන්න තමයි රනිල්ව ගේන්න හදන්නේ… ̃

මේ රාජපක්ෂලා ගැන කලකිරී සිටින ආණ්ඩුවේ ප්‍රබල ඇමැති කී කතාවය.

ඔහු කීවා හරියට හරිය. මහින්ද ඇතුලු රාජපක්ෂ පවුලම ඉන්නේ මේ විපක්ෂයට බයවෙලාය. සජිත්ගේ විපක්ෂය 2015-2019 කාලයේ මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය තරමටම පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට හිසරදයක්වී ඇති බව රාජපක්ෂලා දනී. නැතිනම් ‘සජිත් පිස්සා’ කියලා ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේ බෝඩ් අල්ලන් ඉන්නේ නැත. කොරෝනා නිසා සජිත්ගේ විපක්ෂයට පාරට බහින්න විදියක් නැති බවත් රාජපක්ෂලා දනී. පාරට බහින්න පුළුවන් වුණා නම් ආණ්ඩුව ලොකු අමාරුවක
වැටෙන බව ආණ්ඩුව දනී. පසුගිය මැයි දිනය තහනම් කළේ සජබය කොළඹ හොල්ලයි කියන බයටය. ඡන්ද නොතියන්නේත් 2019 සහ 2020 ඡන්දවලදී පොහොට්ටුවට ජන්දය දීපු මිනිස්සු තරහට ස.ජ.බ.යට ඡන්දය දෙයි කියන බයටය.

ආණ්ඩුව ගැන මිනිස්සු කලකිරී ඇතැයිද, ඡන්දයක් දිනන එක ලෙහෙසි නැතැයි කියා ප්‍රසිද්ධියේම කීවේ වියත් මගේ ප්‍රධාන කථිකයෙක් වූ ගම්පහින් වැඩිම මනාප ගත්ත නාලක ගොඩහේවාය.
ඇමැති මණ්ඩලයක් ඉවර වුණාමත්, මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඉවර වුණාමත් පාර්ලිමේන්තු ලොබියේ ආණ්ඩු පක්ෂයේ ජනප්‍රියතම මාතෘකාව රාජපක්ෂලාට නම් ආයේ ජන්දය දිනන්න පුලුවන් කියල හිතන්න බැහැ කියන කතාවය.

එහෙත් මේ කතාව අහගෙන අකුලාගෙන ඉන්න රාජපක්ෂලා සූදානම් නැත. ඊළඟට ඉන්නේ ඔටුන්න හිමි කුමාරයා නාමල්ය. ගෝඨාභයව ජනාධිපති කළේ නාමල්ට පාර කපන්නටය. ඒත් සජිත්ගේ විපක්ෂය රාජපක්ෂලාගේ රෝඩ් මැප් එක හෙවත් මාර්ග සිතියම ව්‍යාකූල කොට ඇත.

කවුරුත් නොදන්න කතාවක් තිබේ. 2005 ජනාධිපතිවරණය පරාජය වූ විට රනිල් එවකට නියෝජ්‍ය
නායක කරු කැඳවා නායකත්වය භාරගන්න ලැහැස්ති වෙන්න යැයි කීවේය. කරු මේ කතාව රාජපක්ෂලා ඇතුළු රනිල්ගේ නායකත්වයට එරෙහි කැරැලි ගහන්න සූදානම් වූ කණ්ඩායමට කීවේය. රාජිත බී.බී.සී. සංදේශයට කීවේය. තමන් කරුට එවැනි කතාවක් කීවේ නැතැයි රනිල් පසුවදා කීවේය. රනිල්ට නායකත්වයෙන් යන්න එපා කියා කීවේ මහින්දය.

2010 ජනාධිපතිවරණ පරාජයට පස්සේ ෆොන්සේකා මහ ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට
ඇවිත් විපක්ෂ නායක ධුරය ගනියි කියා රනිල් බය විය. ෆොන්සේකාට යූ.ඇන්.පී.යෙන් නාම යෝජනා දීම රනිල් බකල් කළේය. මහින්ද, ෆොන්සේකාව හිරේට යවා මන්ත්‍රී ධුරය අහෝසි කෙරෙව්වේය. රනිල් විපක්ෂ නායක විය.

2015 ජනාධිපතිවරණයේ රනිල් දත කට මැදගෙන තරග කරන්න බලාගෙන සිටියේය. මහින්දත් ‘වන් හෝස් ‌රේස්’ කිය කියා නොනිමි ආශාවෙන් සිටියේය. හැබැයි ඇමෙරිකාව, ඉන්දියාව සහ දෙමළ ජාතික සන්ධානය රනිල්ට දිනන්න බැහැ කියා ඉල්ලන්න එපා යැයි කීහ. මෛත්‍රිපාලව ගෙන ආවේ ඔවුන්ය. 2010 ෆොන්සේකාගේ කකුලෙන් ඇද්දා වගේ රනිල් මෛත්‍රිගෙ කකුලෙන් ඇද්දේ නැත්තේ
ඇමෙරිකාව, ඉන්දියාව බලාගෙන සිටින නිසාය. මෛත්‍රී දිනලා රාජපක්ෂලාව ඉවර කළොත් තමන්ද ඉවර වී මෛත්‍රි යූ.ඇන්.පී. නායකත්වය ගෙන රට ආණ්ඩු කරයි කියා රනිල් බය විය. ඒ නිසා මෛත්‍රි
ශ්‍රී.ල.නි.ප නායකත්වය ගන්නවාට රනිල් උඩින් කැමැති විය.

හැබැයි රනිල් මෛත්‍රිට රාජපක්ෂලා ඉවර කරන්න දුන්නේ නැත. රාජක්ෂලා නඩුවලින් බේරුවේ රනිල්ය. අන්තිමේදී රනිල් රාජපක්ෂලා සමග එක්ව තමන් ඉවර කරයි කියල බයේ මෛත්‍රී රාජපක්ෂලාට එක්විය. රාජපක්ෂලා යළි බලයට එන්නේ රනිල් ගහපු ඒ ගොන් ගේම නිසාය.

2019 ජනාධිපතිවරණයට රනිල් එයි කියලා රාජපක්ෂලා ඇගිලි ගනිමන් බලා සිටියහ. හැබැයි ආවේ සජිත්ය. 2010 ෆොන්සේකාගේ කකුලෙන් ඇද්දා වාගේ රනිල් 2019 සජිත්ගේ කකුලෙන් ඇද්දේය. රනිල් හිතුවේ සජිත් ඉවර කළාම යූ.ඇන්.පී.ය ජීවිත කාලයටම තනියම භුක්ති විඳින්නටය. 2020 මහ මැතිවරණයට යූ.ඇන්.පී.ය දෙකඩ කළේ රනිල්ය. ඔහු නායකත්වයෙන් ඉවත් වූවා නම් යූ.ඇන්.පී.ය දෙකඩ වන්නේ නැත. අවසානයේ සජිත්ලා කීවේ තමන්ට නායකත්වය දෙන්න අකැමැති නම් කරුට
දෙන්න කියාය. රනිල් කරුට දුන්නේත් නැත. අන්තිමටම සජිත්ලා කීවේ රනිල්ට ́ එහෙනම් නායකත්වය තියාගෙන මහ ලේකම්කම රංජිත් මද්දුමබණ්ඩාරට දෙන්න කියාය. රනිල් ඒකටත් අකැමැති විය. රනිල් කළේ මහින්දගේ කොන්ත්‍රාත්තුවක්ය. මේ වෙනකොට රනිල්ව බැඳුම්කරයට අත්අඩංගුවට ගන්න යැයි ආණ්ඩුව ඇතුළෙන් ලොකු බලපෑමක් ආවේය. රනිල් හිරේට නොයා බේරුණේ පක්ෂය දෙකඩ කරලාය. රනිල්ටවත්, රනිල් වටේ ඉන්න හෙංචයියන්ටවත්
මේක නොතේරුණාට අහිංසක යූ.ඇන්.පී.කාරයන්ට මෙය තේරුණි. ඔවුන් තමන්ගේ ආගම වන් යූ.ඇන්.පී.ය සහ අලියා අතහැර ස.ජ.බ. දුරකතනයට කතිරය ගැසුවේ ඒ නිසාය.

“සජිත් ඡන්ද කීයක් කඩන්නද? ලලිත්ලා, ගාමිණීලා පක්ෂය කඩාගෙන ගිහින් ගත්තේ ලක්ෂ 10යි. සජිත් එච්චරවත් ගන්නේ නැහැ… ̃

පාක්ෂිකයෝ තමන් සමග නැති බව තේරුම් ගත් යූ.ඇන්.පී. අපේක්ෂකයෝ රනිල් හමුවී තත්ත්වය හොඳ නැහැ කියද්දී රනිල් කීවේ එහෙමය. රනිල් හිතුවේ සජිත් මන්ත්‍රී ආසන 05ක් 10ක් ගනී කියලාය. සජිත්ව හිරේට දමන්න සජිත්ට එරෙහි සංස්කෘතික අමාත්‍යංශයේ සංස්කෘතික අරමුදලේ චෝදනා අඩංගු ෆයිල් එක මහින්දට දුන්නේ රනිල්ගේ මිත්‍රයන්ය. අරලිය ගහ මන්දිරයෙන් යනකොට රනිල් ඇමැතිවරුන්ගේ දූෂිත ගනුදෙනු ෆයිල් තියලා ගියා යැයි කීවේ රනිල්ගේ මාමාගේ ‘සන්ඩේ ටයිම්ස්’ පත්තරයය. රනිල් සිතුවේ සජිත් මන්ත්‍රී ආසන 05ක් 10ක් ගත්තොත් ආණ්ඩුව ෆොන්සේකාව වගේ සජිත්ව හිරේට දැම්මාම සජිත්ගේ මන්ත්‍රීවරුන් ඩැහැගෙන විපක්ෂනායකකම ගන්නටය.

“ඒක හරියට රනිල්ගේ සුනාමියක් වගේ. අපි ඔක්කොම ඉවර වුණා… ̃

2020 ජන්දයෙන් පරාජය වෙච්ච රනිල්ගේ හිතවාදීන් කීවේ එහෙමය. රනිල් නිසා තමන් පරාජය වුණා යැයි කියා රනිල්ට නායකත්වයෙන් යන්න යැයි ඔවුහු කීහ. මේ වෙලාවේත් රනිල්ට යන්න එපා යැයි කීවේ මහින්දය. මේ වෙලාවේ රනිල්ගේ මිනිසුන්ම රනිල්ට යන්න කියද්දී රනිල්ව ආරක්ෂා කරගන්න මහින්ද රනිල් ලව්වාම දූතයෙක් පත්කර ගත්තේය. ඔහු වජිර අබේවර්ධනය. රනිල් පාර්ලිමේන්තු යා යුතු යැයි කිය කියා කැම්පේන් කරන්න ගත්තේ ඔහුය. බාලගිරි දෝෂය අද නොවේ හෙට
කියන්නැහේ රනිල් අද පාර්ලිමේන්තු එනවා, හෙට එනවා කිය කියා ඔහු දින දුන්නේය.

පසුගියදා අපූරු සිදුවීමක් විය. රටේ ආර්ථිකය ගැන නොව මිනිසුන්ගේ ජීවිත ගැන සිතා රට වහන්න යැයි රනිල්වී ඩියෝවක් මුදාහරිමින් කීවේය. ආණ්ඩුව රට වැහුවේය. මේ වෙනකොටත් රනිල් ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල නායකයන් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් එන්නත් කොට තිබිණි. පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් එන්නත්ක රන්නත් කලින් රනිල්ලා එන්නත් ගසාගෙන තිබිණි.
සජිත් එන්නත ලබාගෙන තිබුණේ නැත. රනිල් රට වහන්න කියලා වැඩි දවසක් ගියේ නැත. ඇමැති මණ්ඩලයත් ‘සූම්’ තාක්ෂණයෙන් යද්දී යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොතේදී රැස ්විය. කෘත්‍යාධිකාරී මණ්ඩලයට නන් දෙසින් සිරිකොතට එන්න පාස් දී තිබුණේ ආණ්ඩුවෙන්ය. ආණ්ඩුව රට වැහුවට පාස් දෙන්නේ අත්‍යාවශ්‍ය සේවාවලට පමණි. යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩලයත්
අත්‍යාවශ්‍ය සේවයක් යැයි ආණ්ඩුව හිතුවාද දන්නේ නැත. රනිල් පාර්ලිමේන්තු යා යුතු යැයි සම්මත වුණේ ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයේය. ඒකත් ආණ්ඩුවට අත්‍යාවශ්‍ය සේවයක්ද දන්නේ නැත. පරාජිත අපේක්ෂකයෝ ජාතික ලැයිස්තුවෙන් ගන්නේ නැතැයි රනිල් කීවේ 2015දීය. රනිල් ඒ යෝජනාව
කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත කර ගත්තේය. දැන් රනිල්ට එන්න රනිල්ම ඒ යෝජනාව අහෝසි කරගෙන තිබේ.

“රනිල් පාර්ලිමේන්තුවට ආ දවසේම ඔයගොල්ලොත් රනිල්ට නැති වෙන්න ගහන්න. එතකොට සජිත්ගේ මන්ත්‍රීවරු එකා දෙන්නා රනිල්ව ආරක්ෂා කරන්න එයි. එතැනින්ම ගැටුම හැදෙයි… ̃

මේ, රාජපක්ෂලා ආණ්ඩු පක්ෂයේ පසුපෙළට දෙන උපදෙස්ය.

“යූ.ඇන්.පී.යට තිබෙන්නේ ඡන්ද ලක්ෂ දෙකයි ගාණක්. ඒකෙනුත් රනිල් ගත්තේ ඡන්ද 2000ක් විතරයි. රනිල්ව ආරක්ෂා කරලා රනිල් එක්ක සන්ධාන ගහලා ඒ ලක්ෂ දෙක ගන්න ගිහින් අපිට තව ලක්ෂ 10ක් 15ක් ඡන්ද නැතිවෙයි. මොකද රනිල් එන්නේ මහ බැංකු හොරකම, කොටි හංවඩුව, සිංහල බෞද්ධ විරෝධය ඔක්කොම කරේ තියාගෙන… ̃

මේ ස.ජ.බ. මන්ත්‍රී කෙනෙක් කී කතාවය. රනිල්ව පාර්ලිමේන්තු ගෙනල්ලා නාමල්ට ඔටුනු පළඳවන්න ලේසි යැයි රාජපක්ෂලා හිතනවා නම් ‘සොරි ඩොට් කොම්’ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මරණ 48ක්!

Next Post

තමන්ගේ වැඩ ගොඩක් ගෝඨා නාමල්ට බාර දෙයි!

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.