• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පරණ සිංදුවලට නව මුහුණුවරක් ගන්න එක අභියෝගයක් වුණා…

June 1, 2021
in Heart
Reading Time: 4 mins read
A A
පරණ සිංදුවලට නව මුහුණුවරක් ගන්න එක අභියෝගයක් වුණා…
Share on WhatsAppShare on Facebook

දයා වික්‍රමසිංහ කියන්නෙ මගේ සීයා…
මේ වැඩෙත් එක්ක සීයාගේ නම ජීවමානව රැදේවී…

බෞද්ධ සංස්කෘතියත් සමඟ බැඳී පවතින අප රටේ ජනතාවට වෙසක් උත්සවයේ වටිනාකම අමුතුවෙන් විස්තර කළයුතු දෙයක් නෙමෙයි. ඒ තථාගතයන් වහන්සේගේ සිදුහත් කුමාරෝත්පත්තිය, සම්බුද්ධයට පත්වීම, සම්බුද්ධ පරිනිර්වාණය සමරන උතුම් තෙමඟුල වෙසක් පුන් පොහෝ දිනයට යෙදී තියෙන හින්දයි. වෙනදා නම් වෙසක් උත්සවය රාජ්‍ය මට්ටමේ සිට හැම බෞද්ධයෙක්ම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය දීල වෙසක් සමරනව. නමුත් දැනට වසර දෙකක පමණ කාලය සිට මෙම වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවන්ට පමණක් මුල්තැන දෙමින් බෞද්ධයන්ට සමරන්නට සිදුවුණේ නිවෙස්වල සිටමයි.

වෙනදාට දකින්න ලැබෙන වෙසක් තොරන්, මහා පන්කූඩු, වෙසක් සැරසිලි, වෙසක් දන්සල් මේ වසර දෙක තුළ අපට දැකග්නට ලැබුණෙ නෑ. කාලාන්තරය තිස්සෙ පැවතුණ වෙසක් සංස්කෘතියක් සමඟ බැඳී පවතින තවත් දෙයක් වෙන්නෙ බෞද්ධ ගීත සාහිත්‍ය. වෙසක් උත්සවය හා ඊට සමාගාමීව වර්ධනය වූ බෞද්ධ සාහිත්‍යයක් අතීතයේ සිටම අප රටේ පැතුණු එක රහසක් නෙමෙයි. මොහිදින් බෙග්, පණ්ඩිත් අමරදේව, නන්දා මාලිනී වැනි ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයන්ගෙන් පෝෂණය වූ එම බෞද්ධ ගීත සාහිත්‍ය මෑත කාලීනව වර්ධනය වූ ආකාරයක් දැකගන්නට ලැබුණෙ නැහැ. ඒ ගමනට නිමාව තබමින් නව පරපුරේ තරුණ දක්ෂ ගායන ශිල්පියෙක් ඒ වැඩේට අතගහල තියෙන බව අපට පහුගිය දිනවල දැකගන්න ලැබුණ.මේ ඒ ගැන ඔහුත් එක්ක කළ කතාබහක්.

🔴 මොකක්ද මේ දවස්වල හැමෝම කතා වෙන සනුකගෙ අලුත්ම වැඩේ?
මගේ බැති ගී දයාව කියන ඇල්බම් එකත් එක්ක තමයි ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරන්න අරන් තියෙන්නෙ. ඒක නිකුත් වෙන්නෙ වීඩියෝ ඇල්බම් එකක් විදිහට. මගේ යූටියුබ් චැනල් එක හරහා තමයි මූලිකව ගීත එළිදැක්වූවේ. ඊට අමතරව ඒක වැඩසටහනක් විදිහට දෙරණ නාළිකාවෙත් විකාශනය වුණා.

🔴 ඇයි එකපාරටම ඒ වගේ වැඩක් කරන්න හිතුණෙ?
මම ගිය අවුරුද්දෙ ‘අවසන් සටහන’ සහ ‘අපි දෙන්නා’ කියන ගීත දෙකක් කළා. ඒකත් එක්කම මම හිතල බැලුව මොකක්ද 2021 කරන්නෙ කියල. මගේ අලුත් ඇල්බම් එකකුත් මේ වෙනකොට ලෑස්ති කරල තියෙනව. ඒකත් සියයට 50ක් විතර වැඩ ඉවරයි. අනිත් වැඩේ තමයි මේ ‘බැති ගී දයාව’ කියන වෙසක් ඇල්බම් එක. මට හිතුණේ ලෝකෙම ව්‍යසනයකට මුහුණ දීල ඉන්න මේ වෙලාවෙ මේ කරන එක හොඳයි කියල. මේ අවුරුද්දෙ ජනවාරිවල තමයි වැඩේ හරියටම පටන් ගත්තෙ. මාර්තුවල තමයි වැඩේ කරනව කියල හරියටම තීරණය කරල රෙකෝඩින් එහෙම පටන් ගත්තෙ.

🔴 සංගීත් වික්‍රමසිංහ කියන නම සංගීත ක්ෂේත්‍රය තුළ අපි අහල තිබුණට දයා වික්‍රමසිංහ කියන නම අපිට අහන්න ලැබුණෙ නෑ?
දයා වික්‍රමසිංහ කියන්නෙ මගේ සීයා. බැති ගී දයාව කියන ඇල්බම් එකේ තනිකර තියෙන්නෙ මගෙ සීය වචන ලියපු සහ තනු නිර්මාණය කරපු ගීත. ඒ ගීතවල සංගීතයත් ඔහු නිර්මාණය කරල තිබ්බ. නමුත් මේ ගීතවල තනු සියල්ල මතක තිබුණෙ මගෙ පියාට. ඔහුට සංගීතය මතක තිබුණෙ නැහැ. ඒ ගීත එකක්වත් පටිගත කරල තිබුණෙ නෑ ඒ කාලෙ. පළමුවැනි වතාවට තමයි මේ ගීත පටිගත වෙන්නෙ. සියලුම සංගීත ඛණ්ඩ තාත්ත අතින් තමයි නිර්මාණය වුණේ. තනු සහ පදවැල් තිබුණ විදිහටම අපි තිබ්බ. නව සංගීත සංයෝජනයෙන් මම දායක වුණා වර්තමාන පරපුරට හරියන විදිහට ගීත නිර්මාණය කරන්න.

🔴 ඔබ ගයන ගීත සියල්ලේම ගායනය, සංගීතය, පද රචනය ඔබේ සීයා. ඒ වගේ දක්ෂ ශිල්පියෙක් ජනප්‍රිය නොවෙන්නෙ මොනවගේ හේතු බලපෑව කියලද ඔබ හිතන්නෙ?
ඔහු මේ ගීත පටිගත නොකරපු එක තමයි ඔහු ජනප්‍රිය නොවෙන්නෙ ප්‍රධානම හේතුව වෙන්න ඇත්තෙ. අනිත් එක එවකට ඔහුට මේ ගීත පටිගත කරන්න ලොකු අවශ්‍යතාවක් තියෙන්නත් නැතුව ඇති. නමුත් ඔහු ‘වනගත කොල්ලා’ කියන චිත්‍රපටයට ගීතයක් නිර්මාණය කරල තියෙනව. ඒ ගීතය එවකට සෑහෙන ජනප්‍රියත්වයට පත්වුණු ගීතයක්. මාලනී ෆොන්සේකා රඟපාපු පළමුවැනි වේදිකා නාට්‍ය සංගීතවත් කරල තියෙන්නෙත් මගේ සීයා.
මගේ සීයාට විශේෂ උවමනාවක් තිබිලා තියෙනවා එයාගෙ ගමට මොකක් හරි දෙයක් කරන්න අපේ අම්මයි, තාත්තයි ඇතුළු ගම්පහ, පහළ ගම කියන ගමේ හිටපු සියලුදෙනාම එකතු කරගෙන ඒගොල්ලන්ගෙ දක්ෂතා හඳුනගෙන ඒ අයට වැඩිදුර ඒව උගන්වල තමයි 1976 මේ ගීත නිර්මාණය කරල මේ වැඩසටහනක් කරල තියෙන්නෙ. ගම්පහ ඕනෙම භක්ති ගීත වැඩසටහන්වල ගායනා කරල තියෙන්නෙ මේ ගීත. මේව පටිගත කරල නැති නිසා මට හිතුණා මේව සංරක්ෂණය කරන්න. සීයා කරල තියෙන වැඩ කිසිම කෙනෙක්ට අහන්න විදිහක් නැති නිසා තමයි මට හිතුණේ මේ වැඩේ කරන්නම ඕනෙ කියල. මම හිතනව ඔහුගෙ නම තව බොහෝ කාලයක් ජීවමානව පවතීවි මේ වැඩෙත් එක්ක.

🔴 1970 ගණන්වල කියපු ගීතවලට නව සංගීතය මුසු කරද්දි මොනවගේ ගැටලුවලටද මුහුණ දුන්නෙ?
පැරැණි ගීතවලට නව සංගීතය එකතු කරන ලොකු අභියෝගයක් වුණා. මොකද ඒ ගීතවල රස නොමරා නව සංගීතය එකතු කරන්න ඕනෙ නිසා. මගේ තාත්ත මේ සඳහා මට ලොකු සපෝට් එකක් දුන්න. තාත්තගෙ මගපෙන්වීම යටතේ මට පුළුවන් වුණා මේ ගීතවල නියම රස නොමරා අලුත් දේවල් එකතු කරන්න. අලුත් දේවල් එක්ක වැඩ කරන කෙනෙක් හැටියට තාත්තත් එක්ක වැඩ කරන එකත් මට ලොකු අත්දැකීමක් වුණා.

🔴 මේ ගීත එළියට එන්නෙ වීඩියෝ ඇල්බම් එකක් විදිහට? ඇයි ඒ විදිහට වීඩියෝ ගීත ඇල්බම් එක කරන්න හිතුවෙ?
මුළු ලෝකෙම මියුසික් කියන එක දැන් තාක්ෂණයත් එක්ක දියුණු වෙලා යූටියුබ් කියන මාධ්‍ය වැඩියෙන් භාවිතා කරන තැනට ඇවිල්ල තියෙන්නෙ. මමත් ක්ෂේත්‍රයට ආවෙ යූ ටියුබ් එක හරහා මගේ ගීත එළිදක්වල. මම හිතනව යූටියුබ් හරහා විශාල පිරිසක් අතරට නිර්මාණ අරන් යන්න පුළුවන් කියල.

🔴 වීඩියෝ එක හරහා අලුත් වැඩක් කරන්න ලොකු උත්සාහයක් ගත්ත බවක් පේන්න තියෙනව?
මේ ප්‍රසංගයෙ පසුතල නිර්මාණ, ආලෝකකරණය, මේකෙ වීඩියෝ එකේ අදහස පවා විහායස් ටීම් එකේ ප්‍රසාද් අලුත්වත්තගෙ අදහසක්. ඔහු තමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙ. යූ. රස්ත ජී. තමයි මේකෙ නිෂ්පාදන කළමනාකරු.
මගේ සීයා මේක නිර්මාණය කරල තියෙන්නෙ බුදු සිරිතේ තියෙන විශේෂ අවස්ථා අනුපිළිවෙළට. මුල් ගීතයේ තියෙන්නෙ බෝධිසත්වයන්ට මනු ලොවට වඩින්න කියල කියන දේව ආරාධනය, දෙවැනි ගීතයෙ තියෙන්නේ සිදුහත් කුමරු මවුකුස පිළිසඳ ගන්නා අවස්ථාව, ඊළඟ ගීතයෙ තියෙන්නේ සිදුහත්කුමාරෝත්පත්තිය. ඔය විදිහට අවසානයට බුද්ධ පරිනිර්වාණය, මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය වෙනකන් මේ ගීතය පෙළගැහිල තියෙනව.

🔴 මේ සඳහා සහභාගි වුණු සෙසු ශිල්පින්ගෙන් ලැබුණු සහයෝගය ගැන කතා කළොත්?
මේ ගීතවලට සංගීතය සපයන්න ලංකාවෙ ඉන්න වෘත්තීමය සහ දක්ෂතම සංගීතවේදීන් පිරිසක් තමයි එකතු වුණේ. මගේ පියත් මේ ගීත කලින් ගායනා කරල තියෙන හින්ද ගීත අලුතින් නිර්මාණය කරනකොට මම හිතුව මගේ පියාවත් මේ නිර්මාණ සඳහා දායක කරගන්න. ඊට අමතරව වින්ඩි ගුණතිලකත් මේකට සම්බන්ධ වෙනව. ඔවුන්ගෙ උපරිම සහාය මේ වැඩේ සාර්ථක කරගැනීම සඳහා මට ලබාදුන්න. ඊට අමතරව මේ වැඩසටහනට පසුබිම් ගායනයෙන් වොයිස් වැඩසටහනේ මගේ ටීම් එකේ හිටපු ළමයි දසදෙනෙක් සම්බන්ධ වුණා.

🔴 ඔබ මෙතෙක් කරගෙන ආ සංගීත රටාවේ වෙනසක් අපි මේත් එක්කම දකිනව. ඔබ විශ්වාස කරනවද එයින් ඔබට අලුත් රසිකයන් පිරිසක් එකතු වෙයි කියල?
අනිවාර්යයෙන්ම අලුත් රසික පිරිසක් සහ ඉන්න රසිකයන් පවා දැනටමත් මට මේ සඳහා හොඳ ප්‍රතිචාර දක්වල තියෙනව. ඇත්තටම හරිම සතුටුයි මට ලැබෙන ප්‍රතිචාර ගැන.
– ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

කොරෝනා රෝගීන් 8000ක් තවම ගෙවල්වල!

Next Post

රොටි පිටි 4කින් නගී

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.