සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට අයත් ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන ඩී.එස්. සේනානායක ආදි සිසුන් හට සමාජ මාධ්‍ය ජාලාවන්හි දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.
එසේ සමාජ මාධ්‍ය ජාලාවන්හි විරෝධය පළ වී ඇත්තේ උදය ගම්මන්පිල, ෂෙහාන් සේමසිංහ සහ ප්‍රේම්නාත් සී දොලේවත්ත යන අමාත්‍යවරුන්ටය.
මීට අමතරව සේනානායක විදුහලේ නිර්මාතෘ ආර්. අයි. ටී. අලස් මහතාගේ පුත්‍රයා වන ටිරාන් අලස් මහතාද වත්මන් ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරයෙකි.
ඒ මහතා ආනන්ද සහ රාජකීය විදුහල්වල ආදි සිසුවෙකි.










