නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කුරුණෑගල පොලිස් ස්ථානය තුළදී කුරුණෑගල නගරාධිපතිවරයාට සිය උපන්දිනය සැමරීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුට ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
කොරෝනා වසංගය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කළ සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර එම පිරිත් දේශනය ශ්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපතිවරයා ඊයේ (30) පස්වරුවේ සහභාගි වී ඇත.
එහිදි ඊයේ දිනට යෙදි තිබු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ උපන්දිනය යෙදී තිබීම නිමිත්තෙන් සහතාර පොලිස් අධිකාරීවරයා නගරාධිපතිවරයා වෙනුවෙන් සුදානම් කර තිබු උපන්දින කේක් ගෙඩිය කැපීමද සිදුකර තිබිණි.










