සහරාන් හෂීම්ගේ අන්තවාදයට ආධාර අනුබල ලබාදුන් සහ ඔහු ඇතුළු පස් දෙනකුට රැකවරණය ලබා දුන් ඔලුවිල් ප්‍රදෙශයේ විවාහ රෙජිස්ටාර්වරයකු අත් අඩංගුවට ගත් බව ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය කියයි.
2017 වසරේ දී සහරාන් ඇතුළු පස් දෙනකු කාත්තන්කුඩි අලියාර් ප්‍රදේශයේ දී පිරිසක් සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර පසුව සහරාන් ඇතුළු පස් දෙනා එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති සැඟව සිට ඇත්තේ ඔලුවිල් ප්‍රදේශයේ ඉහත රෙජිස්ට්‍රාර්වරයාගේ නිවසේ බව අනාවරණය කොටගෙන ඇත.
විවාහ රෙජිස්ටාර්ගේ නිවසේ සැඟව සිටි සැකකරුවන් පස් දෙනාගෙන් දෙදෙනෙකු මවුලවීවරුන් වන අතර ඔවුන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය රඳවාගෙන ප්‍රශ්න කරන අතර සහරාන් ඇතුළු සෙසු තිදෙනා පාස්කු ප්‍රහාරයේ බෝම්බ කරුවන් බව පැවසේ.










