මුලු රටම ආවරණය වන පරිදි සංචරණ සීමා පනවා තිබියදී මගීන් රැගෙන පෞද්ගලික බස් රථයක් අක්කරෙයිපත්තුවේ සිට කොළඹ බලා ධාවනය කොට ඇති බව වාර්තා වේ.
පසුව මෙම බස් රථය, එහි රියැදුරු සහ කොන්දොස්තර ඉගිනියාගලදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට ඇත.
මෙහි මගීන් 48 දෙනකු සිට ඇති අතර අද (31) දින ඒ සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.










