චීන තානාපති කාර්යාලය මෙතෙක් අනුගමනය කළ ක්‍රියාපටිපාටියේ කිසියම් වෙනසක් සිදු කරමින් දෙමළ භාෂාව සදහා ඉහළ වැදගත්කමක් ලබා දීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව පසුගිය දිනෙක චීන තානාපති කාර්යාලය මගින් නිකුත් කළ ට්ටිටර් පණිවුඩය සිංහල, ඉංග්‍රීසි භාෂාවන්ට අමතරව දෙමළ භාෂාවෙනුත් පළ කිරීමට ඔවුන් පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් මීට පෙර චීන ආධාර යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඊ-පුස්තකාලය විවෘත කරන අවස්ථාවේදී එහි සිංහල ඉංග්‍රිසි සහ චීන භාෂාව පමණක් සදහන්ව තිබුණු අතර ඊට සමාජ මාධ්‍ය ජාලාවන්හි විශාල විරෝධයක් එල්ල විය.
පසුව එම ඵලකය නැවත සකස් කරමින් ඊට දෙමළ භාෂාවද ඇතුළත් කිරීමට චීන තානාපති කාර්යාලය පියවර ගෙන තිබිණ.











