තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් ලබන ජුනි මස 8 වනදා මෙරටට ලැබීමට නියමිත බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මේ වනවිට මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 41,939 කට සහ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 421කට ලබාදී ඇත.
ඒ අනුව මෙතෙක් කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් නවලක්ෂ 25,242කුට, එම එන්නතේම දෙවන මාත්‍රාව පුද්ගලයින් තුන්ලක්ෂ 41,962කුට ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තාවන්හි සඳහන් වේ.
ඊට අමතරව, ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව මෙතෙක් 14,984 දෙනෙකුට ලබාදී ඇත.










