කොවිඩ් ආසාදිත තවත් මරණ 38 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (28) තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,363 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද දිනයේ හමුවූ සමස්ත ආසාදිතයින් ගණන 2,845කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 177,707ක් දක්වා ඉහළගොස් තිබේ.










