• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සල්මන්ට දෙවියන්ගේ පිහිටයි…

May 28, 2021
in Heart
Reading Time: 4 mins read
A A
සල්මන්ට දෙවියන්ගේ පිහිටයි…
Share on WhatsAppShare on Facebook

කමිසය උනාදමා රඟන්නට ඉන්දියානු තරු අතර සල්මන් ඛාන්ට තිබෙන මේනියාව සුළුපටු නැත. සිරුරෙහි සික්ස් පැක් ප්‍රදර්ශනය කිරීමෙන් සල්මන් අත්විඳින මානසික සතුට අප්‍රමාණය. එලෙසම ඔහුගේ පැහැපත් සිරුරෙහි සික්ස් පැක් ප්‍රදර්ශනය වන විට තරුණ පිරිමින් සේම ගැහැනුන්ද ඔහුට අවශ්‍ය ප්‍රතිචාරය පමණට වඩා හුවාදක්වන බවද සල්මන් හොඳින් දන්නා කරුණකි. කමිසය උනාදමන හැම සීන් එකක් අවසානයේදී සල්මන් ආදරණීය ‘රොඩ්ඩක්’ දමන්නේද තමා වෙනුවෙන් ඔකඳ වන ඒ ප්‍රේක්ෂක පිරිසටය.

තරගයකට වාගේ නැවතත් විටින් විට සල්මන් කමිසය උනාදමන චිත්‍රපටය පසුගියදා නිකුත් විය.
ඒ ‘රාධේ’ය. බිහිසුණු ක්‍රියාදාම චිත්‍රපටයක් වූ ‘රාධේ’ විකට ජවනිකාවන්ගෙන් සේම ප්‍රේමාලිංගනයන්ගෙන්ද පරිපූර්ණ වූ මසාලා ගණයේ චිත්‍රපටයකි. සල්මන් ඛාන් ‘රාධේ’ ගැන නිතර දෙඩූ පුරසාරම් නිසා ඔහුට ප්‍රියකරන ප්‍රේක්ෂකයන් ‘රාධේ’ පැමිණෙන තුරු තලුමැරුවේ කොරෝනාව දෙවැනි රැල්ලෙන් ඉන්දියාව පීඩාවට පත්කරන්නට සූදානම් වන සමයේය.

සල්මන් ‘රාධේ’ ගැන කළ පාරට්ටුව කොතෙක්දැයි කියනවා නම් එයට හොඳම නිදසුන වන්නේ ‘පතන්’ සිනමා පටයෙහි නිකුතුව කල්දැමීමට ෂාරුක් ඛාන් අදහස් කොට තිබිණි.

“‘රාධේ’ අපට ගේමක් විය හැකියි… අපි ටිකක් ඉවසමු….”

ෂාරුක් එලෙස කියා තිබුණේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්න සීන් එක තමා පිළිබඳවද ඔහු සිතා සිටි නිසාය.
ඉතින් මොකද වුණේ, ‘රාධේ’ එල්ල කළ අතුල්පහර ෂාරුක්ගේ ‘පතන්’ චිත්‍රපටයට හතරගාතේදා වැට්ටුවද? හතරගාතේදා වැට්ටවීම කෙසේ වෙතත් ‘පතන්’ චිත්‍රපටයට යමක් දන්වන්නටවත් ‘රාධේ’ට හැකිවේදැයි යන්න සැක මතුවන තරමට සියල්ල නොසිතූ ලෙස උඩුයටිකුරු වී ඇත.

සිදුවූයේ කුමක්ද?

සිදුවූයේ ‘රාධේ’ නැරඹූ ප්‍රේක්ෂකයන් සහ විචාරකයන් එය සල්මන්ගේ අඩුම ශ්‍රේණිගත චිත්‍රපටය ලෙස නම්කිරීමය.
සල්මන් තම නොහැකියාව ‘රාධේ’ හරහා අපූරුවට පෙන්වාදී ඇතැයි යන්න සිනමා විචාරකයන් කිහිප දෙනකුම අදහස් දක්වා තිබුණේ සල්මන්ගේ සියලුම බලාපොරොත්තු සුන්කර දමමිනි.

සමීක්ෂණවලට අනුව ‘රාධේ’හි වාර්තමාන ශ්‍රේණිගතකිරීම 1.8කි. එලෙසම මෙහි එක් පුදුමයක් ලෙස සඳහන් ඒ තරමට දුර්වල පිළිගැනීමක් තිබියදීත් ‘රාධේ’ සහ සල්මන් ගැන නොයෙක් දෙනා නොයෙක් දේ කතාබහ කිරීම දිගින් දිගටම පැවැතීමය.
දොස් කියන තරමට ‘රාධේ’ නරක නැත. ටේ්‍ලරයකින් චිත්‍රපටයක සාර්ථක අසාර්ථක බව මනින්නට නොහැකි යැයි එක් සිනමා විචාරකයකු පවසන විට, සල්මන්ගේ සුපුරුදු මෝඩ චූන් එලෙසමය.

ඔහුගේ වෙනසක් දකින්නට බොහෝ දෙනකු ‘රාධේ’ මත අලුත් බලාපොරොත්තු තැබූවද සල්මන් සියල්ල විනාශකොට තිබිණැයි තවත් විචාරකයකු සඳහන් කොට තිබිණි. එනමුදු, ඔමැක්ස් මීඩියා සමාගම නම් පවසා සිටින්නේ ‘රාධේ’ පළමු සති අන්තය වන විට මිලියන 8.9ක දර්ශන ප්‍රමාණයක් ලබාගෙන ඇති බවය.

සල්මන්ට මල් පුදන හෝ මඩ ගසන පිරිසෙන් ඈත්ව මධ්‍යස්ථව සිට බලන කල ‘රාධේ’ ගැන කිව හැකි දේ අවංකවම කියන්නේ නම් ප්‍රතිචාරය කෙබඳුයිද?

‘රාධේ’ යනු සල්මන්ගේ සීනි බෝල ආලිංගන සහ මෝඩ වීරකම් නැවත ප්‍රදර්ශනය කළ සැලෝලයිඩ් එකතුවකි.
ඒ ප්‍රතිචාරය ඉහත සඳහන් කළ මැද මාවතේ පිරිසගෙනි.

ඒ කියන්නේ සල්මන් ඉවරයිද?

සල්මන් ඉවර වූයේ ‘ඛාන් තට්ටුවේ’ ඛේදනීය ඇදවැටීමත් සමගමය. ඔහුට යන්තමට හෝ තරු අතර පය තබන්නට ඇති එකම තුරුම්පුව වූයේ ‘රාධේ’. ‘රාධේ’ පාඩු වුවහොත් සල්මන්ට දෙවියන්ගේ පිහිටද? තව එයට කල් බැලිය යුතුව ඇත. එනිසා මඳක් බලා සිටියාට කමක් නැත.

කොහොමටත් සල්මන් දැඩිව සංතාපයට පත්ව ඇත්තේ ‘රාධේ’හි ඇදවැටීමට වඩා එහි අක්‍රමික වීඩියෝ පටිගතකිරීම් රහසේ සිදුවන නිසාය. සිතුවාට වඩා වංචනික සංයුක්ත පට පැටව් ගසා ඇත.
මේ අකාරුණික කොල්ලකෑම ගැන සහ නීති විරෝධී ප්‍රවාහනය ගැන සල්මන් සිය ට්විටර් ගිණුමෙහි මෙලෙස සටහන් කොට ඇත.
“අප ඔබ වෙනුවෙන් ‘රාධේ’ නැරඹීම සඳහා ඉන්දියානු රුපියල් 249ක සාධාරණ මුදලකට ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට බලා සිටියදී ඔබ එය පාපකාරී ලෙස කොල්ලකෑවේය. ඇත්තෙන්ම එය නීච මුහුදු කොල්ලකරුවන් කළ දරුණුතම අපරාධයක් තරමට ශෝකජනකය. සල්මන්ට ළැදි ප්‍රියතමයන් ඒ දුක්බර සටහන දැක දැඩි ශෝකයට පත්ව ඇති බව ‘රාධේ’ අධ්‍යක්ෂ ප්‍රභූදේවා පවසා තිබිණි.

– දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අනේ… පුලුවන්නම් ඒ අම්මාව ජීවත් කරන්න උදව් වෙන්න…

Next Post

පිස්සු නැටූ මොරටු නගරාධිපති අත්අඩංගුවට?

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.