වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නායකත්වය දරන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් යන දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.










