නීතිපති දෙපාර්තමේන්තුවේ පසුගියදා විවෘත කෙරුණු විද්‍යුත් පුස්තකාලයේ සිංහල, ඉංග්‍රීසි සහ චීන භාෂාවලින් පමණක් සමන්විත වූ සමරු ඵළකය වහාම ඉවත් කොට දෙමළ භාෂාවද සහිතව යළි ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.
මෙරට චීන තානාපතිවරයා ද එය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියේය.
මෙම විද්‍යුත් පුස්තකාලය ස්ථාපිත කිරීම සඳහා අනුග්‍රහය දක්වා තිබුණේ චීන රජය විසිනි.
කෙසේ නමුත්, දෙමළ භාෂාව ද ඇතුළත් නව සමරු ඵලකය එහි දැන් ස්ථාපිත කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළාය.










