JAT Holdings නිෂ්පාදන අතරට එක්වන නවතම පෙරළිකාරී නිෂ්පාදනය වන ‘WHITE by JAT’ ‘බි්‍රලියන්ට් වයිට්’ ඉමල්ෂන් තීන්ත මේ වනවිට වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. මෙය සෑම විටම උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයන්ට තිළිණ කරන, නිර්මාණශීලී දැක්මකින් යුත් සමාගමක් ලෙස JAT Holdings වෙත හිමිවී ඇති පිළිගැනීම තවදුරටත් තහවුරු කරන පියවරක් වනු ඇත.
‘WHITE by JAT’ ‘බි්‍රලියන්ට් වයිට්’ ඉමල්ෂන් තීන්ත එකතුව හඳුන්වා දී ඇත්තේ ‘ලෝකය සුදු පැහැයෙන් වර්ණවත් කරන්නට’ යන තේමාව මූලික කරගනිමින් සහ සුදු පැහැයේ සැබෑ සුන්දරත්වය ලෝකයට පෙන්වා දීම ඉලක්ක කරගනිමිනි. වර්තමාන පාරිභෝගිකයන් තම නිවෙස් තුළ දැකගැනීමට අපේක්ෂා කරන නිර්මලත්වය, පිරිසිදු බව, සරල බව සහ අලංකාරය යනාදී ගුණාංගවල සාරය WHITE by JAT තුළින් මැනැවින් සංකේතවත් වේ.











