හිස කඳින් වෙන් කළ මළ සිරුරක් ඇහැළියගොඩ, මින්නාන ප්රදේශයේ මාර්ගයක් අසළින් හමු වී ඇත.
මෙම සිරුර අවිස්සාවේල්ල, ගලපිටමඩ ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ තරුණයෙකුගේ බවට අනාවරණය වී තිබේ.
හිස නොමැති මළ සිරුර පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ දී සිරුරට මීටර 100ක් පමණ දුරින් තිබූ බෑගයක් හමුවී ඇති අතර පසුව කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ සිරුරෙන් වෙන් කළ හිස එම බෑගය තුළ ඇති බවටය.
මෙම තරුණයාට මීට වසරකට පමණ පෙර ඝාතන චෝදනා එල්ල වී තිබූ බව පැවසෙන අතර ඒ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පැවති බව දැනගන්නට ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.










