පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශ 70ක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද තීරණය කර තිබේ.
මේ අතර මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා අද (17) අලුයම 04.00 ට ඉවත් කෙරුණි.
පසුගිය 13 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00 සිට පැනවූ සංචරණ සීමා මෙලෙස අද අලුයම 04.00 ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් අද දිනයේ සිට දෛනිකව රාත්‍රී 11.00 සිට පසුදින 04.00 දක්වා සංචරණ සීමා බලපැවැත්වේ.














