රටම ව්‍යසනයකට පත්ව සිටින අවස්ථාවේදී සිදු කළ යුත්තේ අධිවේගී මාර්ග හැදීම හෝ ජිම් කට්ටල බෙදන එක නොවන බවත්, වහාම රටේ ජනතාව ව්‍යසනකාරී අවස්ථාවෙන් මුදා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ආණ්ඩුවට තවමත් පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැතිව කටයුතු කරන බවද හෙතෙම කීය.
ජනතාවට මරණය වැළද ගැනීම සදහා ආණ්ඩුව විකල්ප දෙකක් ලබා දී ඇති බව ඉන් එකක් කොරෝනාව බවත්, අනෙක කුසගින්න බවත් හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.










