තමාගේ ධූර කාලය නිමවීමට පෙර, පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහ ඊට ආධාර අනුබල දුන් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහජනතාවට දැනුම් දෙයි.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කරන්නේ, එම පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිම නොවීම ඊට හේතුව වී ඇති බව නීතිපතිවරයා විසින් පෙන්වා දුන් බවය.










