• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිළියන්දල කොරෝනා දරුණු වෙයි: වගකියන්න ඕනෙ සෞඛ්‍යයද-ලොක්ඩවුන් ඇරපු ලොකුගේද?

May 12, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පිළියන්දල කොරෝනා දරුණු වෙයි: වගකියන්න ඕනෙ සෞඛ්‍යයද-ලොක්ඩවුන් ඇරපු ලොකුගේද?
Share on WhatsAppShare on Facebook

කොවිඩ් වළක්වන්න නම් මිනිස්සු පියවර ගත යුතුයි. ඒ කියන්නේ පොඩි සරල දේවල් ටිකක් තමයි මිනිසුන්ට කරන්න පැවරෙන්නේ. මුහුණු ආවරණ හරියාකාරව පලඳින එක, නිවැරැදිව අත හෝදන එක, අත හෝදන අවස්ථාවේදී සබන් සහ ජලය ලබාගන්න බැරි නම් විෂබීජ නාශක දියරයක් පාවිච්චි කරන එක, ඒ වගේම මීටරෙන් ඉන්න එක, ඒ කියන්නේ සමාජ පරතරය තියාගනිමින් අඩුම තරමේ මීටරයක දුරකින් ඉන්න එක, හැකි සෑම අවස්ථාවකම ජනතාව ගැවසෙන ස්ථානවල නොයා ඉන්න එක, පුළුවන් තරම් උත්සවවලට සහභාගි නොවී ඉන්න එක, මේ සියල්ල ජනතාවට පැවරෙන වගකීම්. මේ වගකීම් සියල්ලම තමන් විසින් ඉෂ්ට කරනවා නම් මේ රට ඇතුළේ කිසිසේත්ම කොවිඩ් පැතිරෙන්නේ නෑ කියන එක විශ්වාසයි. හැබැයි මේ වන විට ලෝකයේ කෝටි ගණනක් කොවිඩ් රෝගීන් බිහිවෙලා ඉවරයි. මේ බිහිවෙච්ච රෝගීන් අතරින් අඩුම තරමින් සියයට හැටක් හැත්තෑවක්වත් මේ සියලු නීති රීති අනුව ජීවත් වෙන්න උත්සාහ කරපු අය. ඒ අයට ඒ නීති රීති අනුව ජීවත් වෙන්න බැරි වුණාද, පුළුවන් වුණාද කියන එක කෙසේ වෙතත් ඔවුන් මේ නීති රීති දැනගෙන හිටිය අය.

සමහර විට ඉන්දියාවේ කෝටි ගානක් රෝගී වෙනකොට දහස් ගානක් මියයනකොට ඒ අයත් යම් තරමකින් හෝ මේ නීතිරීතිවලට අනුගත වෙලා ජීවත් වෙන්න උත්සාහ කළා. ලංකාවේ කොහේවත් පුරුද්දක් ලෙස මුහුණු ආවරණ නොපැලඳ නගරවලට එන අය අපිට දකින්න හම්බ වෙන්නේ නෑ. ඇත්තටම මුහුණු ආවරණ නොපැලඳූ අය ගම්මානවල ඉන්න බව ඇත්ත. තමන්ගේ ගෙදරින් එළියට බහින මිනිස්සු මුහුණු ආවරණය දාගෙන එන්නේ නැති බව ඇත්ත. ඒක හරි කියලා කියනවා නෙමෙයි. හැබැයි එහෙම එකක් තියෙනවා. නමුත් අපේ රටේ මිනිස්සුත් පුළුවන් තරම් මේකෙන් මිදෙන්න උත්සාහ කළා. පුළුවන් තරම් සබන් දියර පාවිච්චි කළා.පුළුවන් තරම් සැනිටයිසර් පාවිච්චි කළා. පුළුවන් තරම් මුහුණු ආවරණ පාවිච්චි කළා. මිනිසුන්ට සල්ලි නැතුවත් මිනිස්සු මුහුණු ආවරණ මිලදී ගත්තා. සමහර අය ණභ 95 වර්ගයේ මුහුණු ආවරණයක් මුලින්ම මිලට ගත්තේ රුපියල් තුන් සියයක් දීලා. අදටත් විෂබීජ නාශක දියර බෝතලයක් දරාගන්න බැරි තරම් ගණන්. මිනිසුන්ගේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් වැය වෙන්නේ මේ විෂබීජ නාශක දියරවලට.

හැබැයි මේ සියල්ලත් එක්කම විතරක් වැරැද්ද පටවලා පාලකයෝ ඇහැ කන පියාගෙන ඉන්නව නම් ඒ ගැන හොයන්න බලන්න රටක් විදිහට අපිට විශාල වගකීමක් තියෙනවා. විශ්වාස කරනවා. මිනිස්සු මුහුණු ආවරණ පළඳින්න ඕනේ වගේම පාලකයොත් මේ රටට ආවරණ දාන්න ඕනේ. එහෙම ආවරණ නොදා ඉන්නවා නම් ඒ දෙගොල්ලොම වැරදියි. මුහුණු ආවරණ නොපැලඳ කටයුතු කරන අයට නිරෝධායන නීතිරීති යටතේ නඩු දානවා නම් රටට ආවරණ නොපලඳින පාලකයින්ටත් නිරෝධායන නීතිරීති යටතේ නඩු දාන්න පොලීසියට කොන්දක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වතාවේ කතා කරන්න සිද්ධ වෙන්නේ පිළියන්දල සිදුවීම ගැන. පිළියන්දල සිදුවීම ලෝකය පුදුම කරවන සහ ලෝකය හිනාගස්සන සුලු එකක්. ඒ වගේම මේ විහිළුව ඉතාම නරක විහිළුවක්. අර අපි ගම්වල සාමාන්‍යයෙන් කියන්නේ ඇස් රතු වෙන විහිළු කියලා, අන්න ඒ ජාතියෙ එකක්. ඒකට හේතුව තමයි කොවිඩ් රෝගීන් දිනකට වාර්තා වන ප්‍රමාණය ලැයිස්තුව බැලුවට පස්සේ පිළියන්දල තියෙන්නේ අසාමාන්‍ය තත්ත්වයක් කියලා අපි හැමෝටම තේරෙනවා.

පිළියන්දල එක දිනකදී වාර්තා වන රෝගීන් ප්‍රමාණය සමහර දිනෙක 50ක්. සමහර දිනෙක 60ක්. සමහර දිනක ඊටත් වැඩි ගණනක් බවට පත්වෙනවා. ඉඳහිට එහෙන් මෙහෙන් අඩු වුණාට මේ කොවිඩ් රෝගීන් ගණන විශාල වශයෙන් පිළියන්දලින් වාර්තා වෙද්දී හදිසියේම තීන්දුවක් ගන්නවා පිළියන්දල වසා දමන බවට. මේ වසා දමන්නේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශය. පොලිස් බලප්‍රදේශය වසා දැමුවාට පසුව පිළියන්දල නගර සීමාව ඇතුළු විශාල ප්‍රදේශයක් ආවරණය වෙනවා. ඒ විදිහට පොලිස් බල ප්‍රදේශයක් වසා දැමීමේ තීන්දුව ගන්නේ ඊට අදාළ සෞඛ්‍ය බලධාරීන්. ඇත්තටම මේ නීතිරීති පැනවීමේ බලය තියෙන්නෙත් සෞඛ්‍ය බලධාරීන්ට.

මේ නීතිරීති පැනවීමේ බලය සෞඛ්‍ය බලධාරීන්ට තියෙනවා වගේම ඒ නීතිරීති ආරක්ෂා කිරීම හෝ ආරක්ෂා නොකිරීම ගැන සියලු නීතිමය පියවර ගැනීමේ බලය ඒ පොලිසියට පැවරෙනවා. දැන් පිළියන්දල පොලිස් බලප්‍රදේශයට මේ විදිහට සංචරණ සීමා පනවලා හැරෙන තැපෑලෙන් ඒක ඉවත් වෙනවා. ඒක ඉවත්වෙලා පිළියන්දල ග්‍රාමසේවක කොට්ඨාස කීපයකට විතරක් සීමා මායිම් දාන්න තීරණය කරනවා. ඇත්තටම මේ ග්‍රාම සේවක කොට්ඨාසවලට එහෙම නැත්නම් පොලිස් බලප්‍රදේශවලට සීමා මායිම් දාන එක ඉතාම අසීරු වැඩක්. ඒකට හේතුව වෙන්නේ පොලිස් බලප්‍රදේශයක නිමාව සටහන් වන තැන නිවැරැදිව ඉරක් ගහලා නැත්නම් ඇළකින් දොළකින් අඩුම තරමේ වෙල්යායකින් වෙන්වෙච්ච තැනක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි දන්නවා පළාත් සීමාවක් වෙන් වෙනකොට ඒ පළාත් සීමාවට බොහෝ විට නිශ්චිත සීමාවක් තියෙනවා.

දැන් වයඹ පළාතේ සිට බස්නාහිර පළාතට පැමිණෙන හැම වේලාවකම ඔවුන්ට පාලමක් පහුකරගෙන එන්න සිද්ධ වෙනවා. බස්නාහිර පළාතෙන් සමහර පළාත්වලට යන එනකොට, දකුණු පළාතට යන එනකොටත් එහෙම පළාත් සීමා වෙන්වෙන තැන් තියෙනවා. ඒ නිසා මුර කපොලු යොදන්න ලේසියි. මේ කපොලුවලින් පැනලා එහාට මෙහාට මිනිසුන්ට යන්න බැරි වෙන විදිහට ආරක්ෂාව තර නොකළොත් කවදාවත් කොවිඩ් මර්දනය කරන්න බෑ කියන එකයි අපේ විශ්වාසය. අපි එහෙම කිව්වම කෙනෙක් කියන්න පුළුවන් නීති දාලා රකින්න දෙයක් නෑ, මිනිස්සු මේක දන්නවනේ කියලා. ඔව්, ඇත්ත. අපි දන්නවා එක ප්‍රදේශයක විතරක් තියෙන රෝගයක් නම් ඒ ප්‍රදේශයට පිටින් එන අය ඒ රෝගය ගැන දන්නේ නැත්නම් ඒ ප්‍රදේශය පුරා දැන්වීම් පුවරු අලවලා දැන්වීම් පුවරුවල පණිවිඩ දාලා ඔවුන්ට නිතර නිවේදන නිකුත් කරලා මේ ගැන දැනුවත් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි හිතමු කොළඹ විතරක් පැතිරෙන රෝගයක් නම් කොවිඩ් අපි කොළඹට එන සියලු දෙනාට කියන්න වෙනවා, “කොළඹ කොවිඩ් කියලා රෝගයක් තියෙනවා. ඒ නිසා ප්‍රවේශමෙන් හැසිරෙන්න කියලා.” මොකද පිටස්තරව කොළඹට එන බොහෝ දෙනෙක් කොවිඩ් ගැන නොදන්න නිසා. හැබැයි ඒ විතරක් නෙවෙයි මුළු ලෝකෙම මිනිස්සු කොවිඩ් ගැන දන්නවා. ඒ නිසා අමුතුවෙන් මතක් කරන්න අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

ඒත් ඔබ දන්නවා ඔබත්, මමත් ඇතුළු අපි සියලු දෙනාම හොඳ මිනිස්සු නෙමෙයි. අපි පොලීසිය පේන්න නැත්නම් හිස් ආවරණ නොපැලඳ පුළුවන් තරම් ගමනක් යන්න හදන මිනිස්සු. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ සීට් බෙල්ට් එක නොදා වාහනය එළවන්න. සාමාන්‍යයෙන් කහ ඉරෙන් පාර පනින මිනිහෙක් හොයාගන්න පුදුම අමාරුවක් තියෙන්නේ. මිනිස්සු දකුණෙන් යන්නෙ නෑ. මිනිස්සු දකුණෙන් ඉස්සර කිරීමට කොච්චර ඉඩ තිබුණත් හැම වෙලාවෙම වම් පැත්තෙන් අස්සෙන් රිංගලා වාහනයකට ඉස්සර කරනවා. පොලීසිය පේන්න නැත්නම් වේග සීමා ගැන හිතන්නෙවත් නෑ. වේග සීමාව කියන එක ගැන අපි කිසිම තැකීමක් නොකරන මිනිස්සු. එහෙම නීති නොරකින මිනිස්සු අතර කොහොමද මේ වගේ නීතියක් ආරක්ෂා කරන සමාජයක් අපි බලාපොරොත්තු වෙන්නේ? අන්න ඒ නිසයි අපි සංචරණ සීමා පැනවිය යුත්තේ. ඒ නිසයි අපි මුහුණු ආවරණ දානවා වගේම නගර ආවරණ දාන්න ඕනේ. ඒ විදිහට පිළියන්දලට දාපු නගර ආවරණය හැරෙන තැපෑලෙන් ඉවත් කරනවා. මේ ඉවත්කිරීම පිටිපස්සේ කවුද හිටියේ? ඒ ගැන විශේෂ හෙළිදරව්වක් එහෙන් මෙහෙන් කනින් කොනින් ඇහෙනවා. මේ අපි කියන්නේ නිශ්චිතව නිවැරැදිව කෙළින්ම ඇඟිල්ල දික් කරලා පැහැදිලි කිරීමක් නොවෙන්න පුළුවන්. හැබැයි අපිට විශ්වාසයි ගින්නක් නැතුව කවදාවත් දුමක් නැගෙන්නෙ නෑ කියලා. ඒ නිසා මේ ගින්නට හේතුව, මේ දුමට හේතුව මේ ගින්න නම් ඒක මහ භයානකයි. පිළියන්දල පොලිස් බලප්‍රදේශයට පැනවූ සංචරණ සීමා, මේ කඩ සාප්පු සියල්ල වසා දැමීම ඉවත් කරන්නේ ගාමිණී ලොකුගේ කියන පොහොට්ටුවේ ඇමැතිවරයා කියලයි අපිට අහන්න හම්බවුණේ. මේ විදිහට තීන්දුවක් අරගත්තට පස්සේ ඒ තීන්දුව නිසා පීඩා විඳින්න වෙන්නේ මිනිසුන්ට.

පිළියන්දල පොලිස් වසම හුදෙකලා කරන්න ගත්ත තීන්දුව වෙනස් කළේ තමන්ගේ කිසිම අනුදැනුමකින් තොරව කියලයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර එදාම මාධ්‍යයට ප්‍රකාශ කළේ. ඈ මේ ගැන සඳහන් කරන්නේ ජනාධිපති කාර්යසාධක බළකාය මගින් මේ පණිවිඩය ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ එදින රාත්‍රියේම හුදෙකලා බව ඉවත් කිරීම නිසා ඒ ගැන කරන ලද ප්‍රශ්න කිරීම් අනුව. ඉන් පස්සෙ පොලිස් බල ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් වසංගතය පැතිරිලා තියෙද්දිත් ග්‍රාම නිලධාරි වසම් දහයක් පමණක් හුදෙකලා කිරීමට පියවර ගත්තා. වෛද්‍ය නිලධාරිතුමිය දිගින් දිගටම කිව්වේ මේ හුදෙකලා කිරීමේ ක්‍රමවේදය නිවැරැදි නොවන බවයි. ඒ වගේම මේ හුදෙකලා බව ඉවත් කරන බවට නැවත රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන තුරු ඈ දැන නොසිටි බවත් ඇය කියනවා. ඈත් ඒ බව දැනගෙන තියෙන්නෙ ඒ ගැන කියන ලද මාධ්‍ය ඔස්සේ බවයි ඈ ප්‍රකාශ කරන්නේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාත් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා තොරතුරු කියලා තිබුණා . ඔහු කියන්නේ මේ ඉවත් කිරීමේ තීරණය අරගෙන තියෙන්නේ ගාමිණි ලොකුගේ මහතාගේ බලපෑමක් අනුව බව. නමුත් ඔහුගේ නිවෙසේ පවත්වාගෙන යනු ලබන පොදුජන පෙරමුණ කාර්යාලයේ සේවය කරන කිහිප දෙනෙකුටත් කොවිඩ් ආසාදනය වී ඇති බව ලක්ෂ්මන් නිපුණආරච්චි මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යයට කියනවා. ඉතින් මේ සම්බන්ධව ගාමිණි ලොකුගේ මහත්තයගෙනුත් මාධ්‍ය හතරවැනිදාම ප්‍රශ්න කරලා තිබුණා. ඒ ප්‍රශ්න කිරීම්වලට ඔහු දුන්න උත්තරය වුණේ ග්‍රාම සේවා වසම් දහයක පවතින කොවිඩ් තත්ත්වය වෙනුවෙන් මුළු පිළියන්දලම හුදෙකලා කිරීම ප්‍රායෝගික නෑ කියලා. ඒවගේම ඔහු කියනවා, නගරයේ එවැනි රෝගීන් හමුවෙලත් නෑ කියලා. ඒ වගේම ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කළේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ මේ තත්ත්වය ඉවත් කරලා දෙන්න නෙමෙයි බුද්ධි තොරතුරුවලට අනුව කටයුතු කරන්න කියලයි කියලත් ඔහු කියනවා. මේ සම්බන්ධව ඔහු තවදුරටත් කියන්නේ,
“මගේ නිවෙසේ පවතින කාර්යාලයේ කිහිප දෙනකුටත් කොවිඩ් ආසාදිත බව ඇත්ත. ඔවුන් සමග ඇසුරු කළ අය නිරෝධායනයට ලක් කරලා තියෙනවා. මමත් පී.සී.ආර්. පරීක්ෂණ දෙකක්ම කළා. ගැටලුවක් නැහැ” කියලා.

ඉතින් මේ සම්බන්ධව විවිධ කතා විවිධ තීන්දු විවිධ තීරණ ප්‍රකාශයට පත් වෙනකොට රටේ බොහෝ ප්‍රදේශ හුදෙකලා නොකිරීමට මේ විදිහට දේශපාලකයන් බලපෑම් කරනවා ඇති කියලා සාමාන්‍ය මහජනතාවට හිතෙන්න පටන් අරගෙන තියෙනවා. එහෙම වෙන්නේ මේ වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසන සමහර කාරණාත් එක්ක. ඈ කොවිඩ් සම්බන්ධව වගකිව යුතු නිලධාරිනියක්. ඒ නිසා එතුමිය මේ හුදෙකලා කිරීමේ තීන්දුව අර ගත්තට පස්සේ ඊට ඉහළින් ඉන්න යම් කිසි කෙනෙක් මේ හුදෙකලා කිරීමේ තීන්දුව ඉවත් කරලා පොලිස් බලප්‍රදේශයක ඇඳිරිය ග්‍රාමසේවා වසම් දහයකට පමණක් සීමා කරනවා නම් එතැන ඇත්තටම විශාල ගැටලුවක් තියෙනවා. ඒකට හේතුව වෙන්නේ පිළියන්දල කොවිඩ් වර්ධනය හිතාගන්න බැරි තරම් ඉහළ මට්ටමක තිබුණු නිසා. ඒ නිසා අපි සියලු දෙනාම අවධානයෙන් ඉන්නවා. දේශපාලකයන්ට මේ වෙලාවේ තමන්ට ඕන විදිහට වැඩ කරන්න බෑ. ඒකට හේතුව වෙන්නේ කිසියම් දේශපාලකයෙක්ට මේ කොවිඩ් එක්ක සටන් කරන්න පුළුවන් නම් කොවිඩ් පරද්දන්න පුළුවන් නම් ඔහු ජාතික වීරයෙක් විදිහට පිළිගන්න අපි සූදානම්. ඒ වගේම ඔහුට කොවිඩ්වලට එරෙහිව යම් කිසි වැඩපිළිවෙළක් තියෙනවා නම් කිසි ගැටලුවක් නෑ, මේ හුදෙකලා බව ඉවත් කිරීමේ සිට ගන්නා ඕනෑම තීන්දුවකට අපි හිස නමා ආචාර කරනවා.

නමුත් තමන් දේශපාලකයෙකු වූ පමණින්, තමන්ට ඡන්දෙට වියදම් කළ පමණින් අහල පහළ ඉන්න ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම්වලට හරි කාගේ හරි වුවමනාවකට හරි කන් දීලා මේ රට මේ භයානක ව්‍යසනයට ඇද දානවා නම්, ඔහුට ලබන ඡන්දෙදි උත්තර දෙන එක විතරක් නෙමෙයි ඔහුට ලබන ආත්මෙදිත් උත්තර දෙන්න වේවි. ඒ තරමටම මේ ප්‍රශ්නය බරපතළ වෙලා ඉවරයි. ඒ නිසා කල්පනාවෙන් ඉන්න. මේක දේශපාලකයින්ට සෙල්ලම් කරන්න තවදුරටත් පිට්ටනියක් නෙමෙයි. මොකද හේතුව කොවිඩ් කියන්නේ හිතාගන්න බැරි තරම් ඉක්මනට පැතිරෙන ලෙඩක්. කොවිඩ් එක්ක සෙල්ලම් කරන්න බෑ කියල අපිට ලෝකයේ ඕන තරම් උදාහරණ තිබ්බත් ඒ ගැන අපි පිළිගත්තේ නැති වුණාට දැන්වත් අපේ අහල පහළ රටේ ඉන්දියාවේ සිද්ධ වෙන දේවල් දැකලා බලලා හොයාගත්ත නම් වඩාත්ම හොඳයි. ඉන්දියාවේ අපිට කාරණා දෙකක් ඔප්පු කරලා පෙන්නුවා. එකක් තමයි කොවිඩ් එක්ක සෙල්ලම් කරන්න බෑ කියන එක. කොවිඩ් එක්ක සෙල්ලම් කරන්න බෑ, කොවිඩ් නිසා මිනිස්සු මැරෙනවා, මළ සිරුරු පවා ආදාහනය කරගැනීම ප්‍රශ්නයක් අද වන විට ඉන්දියාවට. ඒ වගේම ඊළඟ පාඩම තමයි ඉන්දියාවේ පාලක පක්ෂය මේ වෙනකොට බරපතළ පරාජයකට ලක්වෙමින් ඉන්නවා. මෝදිට කට උත්තර නැති වෙන ප්‍රතිඵලයක් දැන් එමින් තියෙනවා. ඒ නිසා පරිස්සමට. කොවිඩ් එක්ක සෙල්ලම් කරන්න එපා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

විමල් අතුරුදන්! මහින්ද එක්ක තිබ්බ පක්ෂ නායක රැස්වීමත් මගහරී!!

Next Post

ගාල්ල රත්වෙයි! කොරෝනා හැදුණු ඉන්දියානුවන් 5ක් ගිංතොට හෝටලයක!

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.