ඊයේ (05) පස්වරුවේ මරණ 11ක් සහ රාත්‍රියේ මරණ 14ක් වශයෙන් වාර්තා වීමත් සමග ගෙවුණු පැය 24ට කොරෝනා මරණ 25ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 734ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වයස අවුරුදු 35ත් 82ත් අතර අයගේ මරණ මෙසේ වාර්තා වී තිබූ අතර මරණ 14න් 10කටම හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයය.










