දිවයින පුරා පිහිටි සුරාබදු බලපත්‍රලාභී ස්ථාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.
සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙලෙස සුරාබදු බලපත්‍ර ලාභී ස්ථාන ස්ථාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
ඒ අනුව මත්පැන් අලෙවිසැල්, ආපනශාලා ඇතුළු දිවයින පුරා පිහිටි සුරාබදු බලපත්‍ර ලාභී ස්ථාන සඳහා එම මාර්ගෝපදේශ මාලාව බලපැවැත්වෙනු ඇත.









