රසායනික පොහොර භාවිතය තහනම සදහා පැනවූ නීති යළි සංශෝධනය කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුවී ඇති බව දැනගන්නට ඇත.
රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ආණ්ඩුව තීන්දු කිරීමෙන් පසු පාර්ශ්ව ගණනාවක්ම ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කරවීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
විශේෂයෙන්ම තේ වතු හිමිකරුවන් එහිදී පෙන්වා දී ඇත්තේ අනෙකුත් භෝගවලට මෙන් නොව තේ වගාව සදහා රසායනික පොහොර අත්‍යවශ්‍ය බවකි.
ඒ අනුව තේ අපනයනය කරන සමාගම්වලට පමණක් මුල් අදියරේදී මෙම තහනම ඉවත් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට ඇත.










