• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කල්ක-චූර්ණ-දුම් හට්ටි-අරිෂ්ට මැද ‘ධම්මික පැණියෙන්’ පස්සෙ ආ ‘ශ්‍රියන්තගේ පෙත්ත’

May 4, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ධම්මික වෙනුවට ශ්‍රියන්ත ඉදිරියට එයි: පෙති 12යි: දවස් හතරෙන් කොරෝනා ඉවරයි
Share on WhatsAppShare on Facebook

දැන් නැවත වරක් කොවිඩ් 19 පිළිබඳ බිය සමාජය වෙලා ගනිමින් ඇත. මේ ආකාරයෙන් කොවිඩ් 19 අපේ සමාජය බිලිගත් තෙවැනි අවස්ථාවය. රට තුළ ආසාදිතයන් වැඩිවද්දී කොරෝනා ගැන සැලකිලිමත් වන ජනතාවට කාලයක් ගත වෙත්ම එය සාමාන්‍යකරණය වෙන ආකාරයක් දැක ගත හැක. කොවිඩ් 19 මෙරටට ඇතුළු වූ දා සිටම සිදු වූයේ එයය.

පසුගිය අලුත් අවුරුදු සමය සිත් සේ සැමරූ ජනතාව වර්තමානයේ ඉන්දියාවේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දැඩි භීතියකට පත්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වී ඇත්තේ කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කිරීමට ඇති එකම මාර්ගය එන්නත්කරණය පමණක් වන බවය. එම මතය තහවුරු කරමින් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ප්‍රකාශ කළේ කොවිඩ් 19 වෛරසය මෙරටින් තුරන් කිරීමට ඇති එකම මාර්ගයද එන්නත්කරණය පමණක් වන බවය. එසේ වුවද, මෙරට ජනතාව සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් කරන්නේ කවදාද, ඒ සඳහා ඇති වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳව කිසිදු බලධාරියෙකු මේ වන තුරු හෙළිදරව් කර නැත. අඩුම තරමේ මීට මාස කිහිපයකට පෙර තෝරා ගත් පිරිසකට ලබා දුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දී අවසන් කිරීමට රජය මේ වන විටද අසමත් වී ඇත. ඊට හේතු වූ කරුණු කාරණා පිළිබඳව රජයේ බලධාරීන් විවිධ හේතු ප්‍රකාශ කරන නමුත් ඒ කිසිවක් හරහා මෙරට ජනතාවගේ සුරක්ෂිතතාවය තහවුරු වන්නේ නැත. බොහෝ දෙනකුගේ අදහස වන්නේ මේ පැතිර යන්නේ කොරෝනා වසංගතයේ තෙවැනි රැල්ල වන බවය. විශේෂත්වය වන්නේ මෙවර වසංගතය පැතිර යන ආකාරය වෙනදාටත් වඩා බරපතළ බවක් පෙනී යාමය.

එමෙන්ම වෙනදා මෙන් නොව මෙවර එය තරුණ පිරිස් වෙතටද පැතිර යාමේ අවදානමක් මතුව තිබෙන අතර නිදන් ගත රෝග කිසිවක් නොමැති පුද්ගලයන් පවා කොවිඩ් 19 වෛරසය හේතුවෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති බව දැනගන්නට ඇත. කොවිඩ් වසංගතයේ පළමු රැල්ල ගෙවී ගියේ මුළු රටම හුදෙකළා කොට දැඩි නීති රීති පැනවූ පසුබිමකය. නමුත් එහි දෙවැනි රැල්ල පැමිණෙන විට රට තරමක් සාමාන්‍යකරණය වී තිබුණු අතර කොවිඩ් සමඟ ජීවත් වීමට ජනතාව හුරු විය යුතු බව බලධාරීන්ගේ මතය වී තිබිණි.

ඒ සඳහා අනුගමනය කළ යුතු විවිධාකාරයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වූ අතර ඒ සඳහා ජනතාව හුරු වෙන ආකාරයද දැක ගත හැකි විය. නමුත් කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල ඇති වන විටද මෙරට බලධාරීන් එන්නත්කරණයට සූදානම් වන ආකාරයක් දැක ගත නොහැකි විය. ඒ වෙනුවට සෞඛ්‍ය ඇමැතිවරිය ඇතුළු රජයේ ප්‍රධානීන් සිදු කළේ වෙනත් විවිධ දේ සිදු කරමින් කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට උත්සාහ කිරීමය. එවැනි දේ හරහා කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා විය හැකි යැයි විශ්වාස කිරීමය.

එක් අවස්ථාවක සෞඛ්‍ය ඇමැතිවරිය ඇතුළු රජයේ ප්‍රබල ඇමැතිවරු කිහිප දෙනකු දිවයිනේ ස්ථාන හතරකදී ගංගා හතරකට පිරිත් පැන් ඇතුළත් කළ කළ හතරක් මුදාහරින ආකාරය දැක ගත හැකි විය. අනතුරුව රජයේ ඇමැතිවරු බොහෝ දෙනකු උත්සාහ කළේ දේශීය ඖෂධ ඇසුරින් සකස් කළ කොරෝනා ඖෂධ ප්‍රවර්ධනය කිරීමටය.
වසර දහස් ගණනක් පැරැණි මෙරට දේශීය ඖෂධ වට්ටෝරු යොදා ගනිමින් සකස් කළ කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කළ හැකි ඖෂධ වර්ග කිහිපයක්ම මෙරටදී නිෂ්පාදනය විය. ඒ ඇතැම් ඖෂධ වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි රෝගීන් සඳහා ලබා දුන් බවටද තොරතුරු වාර්තා විය. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලය වැනි දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පර්යේෂණ සිදු කරන ආයතන මඟින් නිෂ්පාදනය කළ ඖෂධද ඒ අතර විය.

එසේ නමුදු ඒ අතරින් වැඩි දෙනාගේ අවධානය යොමු වූයේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කළ කොරෝනා පැණිය වෙතටය. වෙන කිසිදු ඖෂධයකට නැති තරමේ ආන්දෝලනයක් ධම්මික පැණිය සඳහා රට තුළ ඇති විය. මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ඒ පිළිබඳ පුවත් ප්‍රචාරය විය. ඒ හරහා ඇති වුණු උනන්දුව හේතුවෙන් ධම්මික පැණිය ලබා ගැනීම සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කෑගල්ලේ ඔහුගේ නිවෙසට ගිය ආකාරයද දැක ගත හැකි විය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු තවත් ඇමැතිවරුන් කිහිප දෙනෙක් එම පැණිය ප්‍රසිද්ධියේ පානය කළේ ජනතාවටද ආදර්ශයක් සපයමිනි.

   එතැන් පටන් කාලයක් යනතුරුම මෙරට ප්‍රධාන පුවත වූයේ ධම්මික පැණියය. මාස දෙකක පමණ කාලයක් අඩුම තරමේ සතියකට එකක් හෝ ධම්මික පැණිය සම්බන්ධ අලුත් පුවතක් නිර්මාණය වන ආකාරයක්ද දක්නට ලැබිණි. මෙරට පමණක් නොව ධම්මික පැණිය සම්බන්ධ පුවත් ජාත්‍යන්තර මාධ්‍යයේද පළ විය. අනුරාධපුරයේ අටමස්ථානාධිපති හිමියන් ඉදිරියේ ආවේගශීලීව හැසිරීම, තමන්ගෙන් පැණිය ලබා ගැනීමට ආ තරුණියකට බැන වැදීම ඇතුළු සිදුවීම් ගණනාවක් ඒ අතර විය. පැණිය සෑදිය යුතු බෙහෙත් වට්ටෝරුව තමන්ට ලබා දුන්නේ කාලි මෑණියන් විසින් බව ධම්මික බණ්ඩාර මහතා මුලදීම ප්‍රකාශ කළ අතර ඊට පසුවද ඒ මහතා කාල මෑණියන් පිළිබඳව විවිධාකාරයේ ප්‍රකාශ සිදු කළේය.

ධම්මික පැණිය හඳුන්වා දුන් මුල් කාලයේ සිටම ඒ පිළිබඳ විවිධ විවේචන දක්නට ලැබුණු නමුත් පැණිය පිළිබඳ වූ ජනතා ප්‍රසාදය වෙනස් කිරීමට එම විවේචන ප්‍රමාණවත් නොවීය. එලෙස විවේචන එල්ල කළ බොහෝ දෙනකු විමසා සිටියේ පැණිය නිෂ්පාදනය කළ වට්ටෝරුව සහ එහි ප්‍රමිතිය පිළිබඳව වගකීම ගන්නේ කවුරුන්ද යන්නය. පැණිය පිළිබඳ ප්‍රසාදයෙන් කතා කළ කිසිදු ඇමැතිවරයෙකු හෝ බලධාරියෙකු එම විවේචනවලට පිළිතුරු දීමට ඉදිරිපත් වූයේද නැත.
එම තත්ත්වය වෙනස් වූයේ ධම්මික පැණිය පානය කළ බොහෝ දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමඟිනි. ඒ අතර ප්‍රධාන වූයේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියය. කොවිඩ් ආසාදනය වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ ඇමැතිවරිය ටික දිනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවද වාර්තා විය.

ඉන් අනතුරුව කෙමෙන් කෙමෙන් අමතක වූ ධම්මික පැණිය පිළිබඳව අද කිසිවෙකු කතා කරන්නේ නැත. පැණිය මහා ඉහළින් වර්ණනා කළ ඇමැතිවරු පවා ඇස්ට්‍රාසෙනෙකා එන්නත විද ගන්නා අයුරුද දැක ගත හැකි විය. ඒ හරහා ධම්මික බණ්ඩාර මහතා පිළිබඳ මතකයද කෙමෙන් සමාජයෙන් ඈත් විය. අද ඉඳහිටක සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පළ කිරීමක හැර ධම්මික බණ්ඩාර මහතා පිළිබඳ කතාබහක් අපේ සමාජයේ නැත. ඒ මහතාට සිදු වුණේ කුමක්ද කියා කිසිවෙකු දන්නේද නැත.

කොවිඩ් 19 වෛරසයේ තෙවැනි රැල්ල හේතුවෙන් නැවත වරක් රට තුළ නීති රීති තරමක් දැඩි කිරීමට රජය තීරණය කරන්නේ එවැනි පසුබිමකය. කොවිඩ් සඳහා ඇති එකම විසඳුම එන්නත්කරණය පමණක් බවට ජනාධිපතිවරයා පවා ප්‍රකාශ කර ඇති පසුබිමක කොවිඩ් තෙවැනි රැල්ල පැතිර යද්දී වෙනත් කිසිවක් පිළිබඳ විශ්වාසය තැබීමට රජයේ ඇමැතිවරු පවා සූදානමින් ඇති බවක් පෙනෙන්නට නැත.

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා විය හැකි ඖෂධයක් පිළිබඳව ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා සිදු කර තිබූ හෙළිදරව්වක් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ මෙවැනි පසුබිමකය. කොවිඩ් 19න් ආරක්ෂා විය හැකි දේශීය ආයුර්වේද ශිල්පය භාවිතා කරමින් නිෂ්පාදනය කළ ඖෂධයක් පිළිබඳව මෙන්ඩිස් මහතා අදහස් දක්වා තිබුණේ එම ඖෂධය හඳුන්වා දීම සඳහා පැවැති උත්සවයේදීය.

එතැන් පටන් මේ පුවතට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රතිචාර පළ වන්නට විය. එලෙස ප්‍රතිචාර දැක්වූ ඇතෙමුන් ප්‍රකාශ කර තිබුණේ එදා ධම්මික බණ්ඩාර චරිතයට මෙදා ශ්‍රියන්ත මෙන්ඩිස් පණ පෙවීමට සූදානමින් සිටිනවා යන්නය. මේ හරහා ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාට ධම්මික බණ්ඩාර මහතාට අත් වූ ඉරණමම අත් වෙනු ඇද්දැයි විමසන ආකාරයද දැක ගත හැකි විය.

අප ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා අමතනු ලැබූවේ ඒ සම්බන්ධයෙන් ඒ මහතාගෙන්ම තොරතුරු දැන ගැනීම සඳහාය. මෙන්ඩිස් මහතා අප සමඟ කතාබහට එකතු වූයේ “මේක තවත් පැණියක් නෙවෙයි” යනුවෙන් සිදුකළ සිනහාමුසු ප්‍රකාශයත් සමඟිනි.

“කොරෝනා කියන්නේ ව්‍යවසනයක්. වේගයෙන් පැතිර යන රෝගකාරකයක්. මෙවර පැතිර යන තුන්වැනි රැල්ල පෙරටත් වඩා භයානකයි. ඒක දඩබ්බරයි. රළුයි. කෲරයි. ඒ බව අපට ඉන්දියාවෙන් පේනවා. ඒත් දෙයියන්ගේම පිහිටයි. අපිට අපේ කියලා වසර දහස් ගණනක් පැරැණි වෛද්‍ය විද්‍යාවක් තියෙනවා. ඒක අපේ උරුමය. ඒත් පසුගිය දවස්වල ඒක කරුමයක් කර ගත්තා.

අපේ දේශීය වෛද්‍ය විද්‍යාව බොරුවක් නම් ඒක මේ තරම් කාලයක් පවතින්නේ නැහැ. එහෙනම් ජනතාව ඒක විශ්වාස කරන්නේ නැහැ. එහි ගුණය ජනතාව අත්දැකලා තියෙන හින්දා තමයි ඒ වෛද්‍ය ක්‍රම අදටත් පවතින්නේ. එහි ගුණය බටහිර වෛද්‍ය විද්‍යාව තරම් වේගවත් නොවෙන්න පුළුවන්. නමුත් එහි ගුණයක් නැහැ කියලා කියන්න බැහැ.”
ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා කතාබහට මුලපිරුවේ එසේය. අනතුරුව තමන් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් වූ ඖෂධය සම්බන්ධයෙන් ඒ මහතා අදහස් දැක්වීය.

“අපේ පාරම්පරික සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ හොඳින් අධ්‍යයනය කළ බටහිර වෛද්‍යවරුන් පිරිසක් තමයි මේ ඖෂධය නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක ඇත්තටම පෙත්තක්. මේ පෙති තුන බැගින් දින හතරක් එක දිගට පානය කළාම කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් සුවපත් වෙන බව සොයා ගෙන තියෙනවා. පර්යේෂණ මඟින් ඒ බව තහවුරු කරගෙන තියෙනවා. ඉඟුරු, කොත්තමල්ලි, මදුරුතලා, සුදු ලූනු, වද කහ සහ ආඩතෝඩා කියන දේශීය ඖෂධ අනුසාරයෙන් තමයි ඒක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ ඖෂධ සියල්ලම අපි පරම්පරා ගණනාවක් පුරා උණට, සෙමට ප්‍රතිකාර වශයෙන් යොදා ගත්ත දේවල්. ඉතිං කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වෙන්න මේ ඖෂධ යොදා ගන්න අපට බැරි කමක් නැහැනේ.” ඒ ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ අදහස්ය.

කෙසේ නමුත් දේශීය වෛද්‍ය ක්‍රමය ආශ්‍රයෙන් නිෂ්පාදනය කළ මෙවැනි ඖෂධවලට පසුගිය කාලයේ අත් වූ ඉරණම එතරම් යහපත් නැත. ඒ හේතුවෙන් ඒ පිළිබඳවද අප මෙන්ඩිස් මහතාගෙන් විමසුවෙමු.

“මං හිතන්නේ මෙහෙමයි. ධම්මික බණ්ඩාර මහත්මයා වුණත් සද්භාවයෙන් තමයි මේක කරන්න ඇත්තේ. ඒ ඖෂධයේ බලපෑම කොහොම වුණත් ඒ හරහා ජනතාවගේ මානසික තත්ත්වය හෝ ඉහළ නංවන්න පුළුවන් වුණා. නමුත් පසුව විවිධ දේවල් සිදු වුණා. ඒ වගේම ඒ ඖෂධය ප්‍රචාරය වීමත් වැඩි වුණා. ඒ හරහාත් අනවශ්‍ය ආකාරයේ ජනතා ප්‍රතිචාරයක් ලැබුණා. නමුත් එවැනි අනවශ්‍ය ප්‍රතිචාරයක් නොලැබෙන විදියට තමයි මේ වෛද්‍ය කණ්ඩායම මේ ඖෂධය එළි දක්වලා තියෙන්නේ. මේ ගැන මාධ්‍ය හරහාත් ලොකු ප්‍රචාරණයක් නැහැ. දැනටමත් කොවිඩ් ආසාදිතයන් වැඩි ප්‍රදේශවල ජනතාවට මේ ඖෂධය ලබා දීලා තියෙනවා.”

එලෙස අදහස් දැක්වූ මෙන්ඩිස් මහතා තමන් එහි ප්‍රචාරණය සඳහා සම්බන්ධ වූයේ ඇයිදැයි යන්න කෙරෙහිද අදහස් පළ කළේය.

“ඇත්තටම කලාකරුවෙක් විදියට අපේ ජනතාව සුවපත් කර ගන්න එක මගේ යුතුකමක්. ඒ මානව හිතවාදයෙන් තමයි මම මේ වැඩේට සම්බන්ධ වුණේ. නැතිව මේකෙන් මට කිසිම මූල්‍ය හෝ වෙනත් ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඉදිරියේදී මේ ඖෂධය ජර්මනිය, ඉතාලිය, ඉන්දියාව සහ පෝලන්තය කියන රටවලට අපනයනය කරන්න ඒ වෛද්‍ය කණ්ඩායම කටයුතු සම්පාදනය කර ගෙන යනවා. හැමදාම පිටරටින් බෙහෙත් ගෙනාපු අපට අපේ බෙහෙතක් පිට රටට යවන්න පුළුවන් වෙන එක ගැන අපි ආඩම්බර වෙන්න ඕනෑ. ඒක අපේ ආර්ථිකයටත් ශක්තියක් වේවි.”

ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා අදහස් දැක්වූයේ එලෙසිනි. එම ඖෂධය කොයි ආකාරයෙන් සමාජයට බලපානු ඇද්දැයි යන්න සහ එයට කෙබඳු ඉරණමක් අත්වෙනු ඇද්දැයි යන්න අනාගතයේදී තීරණය වනු ඇත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

එංගලන්තෙ අවුරුදු 148ක් පරණ පල්ලියක් පන්සලක් කරලා… එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ…

Next Post

මරණ 700 පන්නයි: දිනක රෝගීන් 2000ට කිට්ටු කරයි

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.