කොවිඩ් මර්දනය සඳහා යොදා ගනු ලබන කොවිෂීල්ඩ් එන්නත ලබා දෙන ලෙසට ඉල්ලමින් තමන්ට ඉන්දියාවේ දේශපාලඥයින් සහ බලවත් පුද්ගලයින්ගෙන් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙන බව පවසමින් ලොව විශාලතම එන්නත් නිපදවීමේ ආයතනය වන ඉන්දියාවේ සීරම් ඉන්ස්ටියුට් හි ප්‍රධාන විධායක නිලධාරී ආදර් පූනවාලා මහතා ඉන්දියාවෙන් පිටත්ව එංගලන්තය බලා ගොස් ඇත.
බ්‍රිතාන්‍යයේ සිට මාධ්‍ය සමග සමමුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කොට තිබේ.
ඒ අනුව කොවිශිල්ඩ් එන්නත නිපදවනු ලබන සීරම් ඉන්ස්ටියුට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසන්නේ සියලු වගකීම් තමන්ගේ උරහිස මතට වැටී තිබෙන බවයි.
එමෙන්ම ඇතිව තිබෙන තත්ත්වය සලකා බලා කොවිෂිල්ඩ් එන්නත ඉන්දියාවෙන් පිට වෙනත් ස්ථානයක නිපදවීමට තමන් පියවර ගන්නා බවද ඒ මහතා විසින් ද ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකදී ප්‍රකාශ කර ඇත.









