සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා දැනුම් දී තිබේ.
මීට පෙර අවස්ථාවේ නුෂාඩ් පෙරේරා මහතා සතොස ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඒ සමයේදී සීනි වංචාවක් සිදුවූ බවට චෝදනා එල්ල විය.
ඉන් අනතුරුව ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත්වී ඒමෙන් පසු ඇෆ්ලටොක්සීන් පිළිකාකරක පවතින පොල්තෙල් මුදා හැරි බවට විශාල චෝදනාවක් එල්ල විය.
ඒ අනුව ප්‍රමිති ආයතනයේ සභාපතිකමින්ද ඉවත්වීමට තීරණය කොට ඇති ඒ මහතා පෞද්ගලික අංශයට සම්බන්ධ වීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.










