• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන අංක තුන එද්දී තානාපතිවරු සජිත් හමුවුණේ ඇයි? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 1, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 3 mins read
A A
චීන අංක තුන එද්දී තානාපතිවරු සජිත් හමුවුණේ ඇයි? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

1980 දශකයේ මුල ඉන්දියාවේ සවුත් බ්ලොක් නොහොත් විදේශ අමාත්‍යාංශය ගිනි ගත්තේ එවකට ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් කැස්පර් වෙයින්බර්ගර්ගේ ලංකා සංචාරයෙන්ය. ඉන්දියාව පමණක් නොව එකල ඇමෙරිකාව සමග කරට කර සිටි සෝවියට් දේශයද ඉන් කලබලයට පත් විය. ලංකාවට ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් පැමිණීම ඔවුන්ව නොසන්සුන් කළේ ඇමෙරිකාවේ ආරක්‍ෂක න්‍යාය පත්‍රයේ ලංකාව මුලට ආවේ කොහොමද කියන ප්‍රශ්නය සම්බන්ධයෙනි. සාමාන්‍යයෙන් ඇමෙරිකාව වැනි රටක ආරක්‍ෂක ලේකම් ලංකාව වැනි කුඩා රටකට යන්නේ ඇමෙරිකානු ආරක්‍ෂක න්‍යාය පත්‍රයට ලංකාව අත්‍යවශ්‍ය රටක් බවට පත්වූ විටදීය.

සෝවියට් දේශය මෙන්ම ඉන්දියාවද සැක කළේ ඇමෙරිකාව ත්‍රිකුණාමල වරායට බැල්ම හෙළනවා කියාය. එහි හමුදා කඳවුරක් පිහිටුවන්න ඇමෙරිකාව උත්සාහ දරනවා විය හැකි යැයි සෝවියට් දේශය සහ ඉන්දියාව ගණන් හැදීය. මහාචාර්ය රොහාන් ගුණරත්න සිය ඉන්දියානු මැදිහත්වීම නම් වූ ග්‍රන්ථයේ සඳහන් කරන්න එවකට ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි සහ මෙරට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය දුරකතනයෙන් මේ ගැන සාකච්ඡා කළ බවකි. ඉන්දියාව ලංකාවේ උතුරු – නැඟෙනහිර දමිළ සන්නද්ධ කල්ලිවලට උදව් කරන්න පටන් ගත්තේ මින් පසුවය.

ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම්ගේ ලංකා සංචාරයෙන් පසු ඉන්දියාව බය වුණේ දැඩි සෝවියට් හිතවාදී ඉන්දියාවට තර්ජනය කරන්න ඇමෙරිකාව ඉන්දියාවේ අල්ලපු ගෙදර වූ ලංකාවට බින්නබහින්න යනවා කියාය. එතැන් සිට ඉන්දියාව බැලුවේ තමන්ව මට්ටු කරන්න එන ජේ. ආර්.ගේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්නේ කෙසේද කියාය. ඒ වන විට ජේ. ආර්. රටේ විධායක ජනාධිපතිය. ජනාධිපතිවරණයකින් හැර ඔහුව ඉවත් කළ නොහැකිය. අනෙක ජේ. ආර්.ට හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් තිබුණි. ආණ්ඩුව පෙරළනවා තියා හිතන්නවත් බැරි විය. ජේ. ආර්.ගේ ආණ්ඩුව දුර්වල කොට ඉන්දියාව පාමුලට දණින් ගෙන ආ හැක්කේ රට තුළ ඒ වන විටත් හිස ඔසවමින් තිබූ දමිළ සන්නද්ධ අරගලයට සහාය දීමෙන් පමණක් බව ලංකාව පිළිබඳ ඉන්දීය උපදේශකයෝ ඉන්දිරා ගාන්ධිට ඒත්තු ගැන්වූහ. සෝවියට් දේශයේ ඔත්තු සේවාවන් ඉන්දිරා ගාන්ධිට එය ඒත්තු ගන්වන්න විශාල සේවයක් කළේය. ලංකාවේ දමිළ සන්නද්ධ කල්ලිවලට උදව් කරන්න ඉන්දියාව තීරණය කළේ ඉන් පසුවය. අවසානයේ ජේ. ආර්. කකුල් දෙකෙන් පමණක් නොව කකුල් හතරෙන්ම ගිහින් ඉන්දියාව ළඟ දණ ගැසුවේය.

මේ පරණ කතාව මතක් වන්නේ චීන ආරක්‍ෂක ඇමැතිගේ ලංකා සංචාරය ගැන ඉන්දීය සවුත් බ්ලොක් නොහොත් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ උකුසු ඇස යොමුව තිබෙන පසුබිමකය. චීනය ලංකාවේ හම්බන්තොට වරාය හදන්න යුවාන් වීසි කරද්දී ඉන්දියාව කලබලයට පත්විය. මේ වෙන කොට සෝවියට් දේශයක් නැත. රුසියාව එතරම් බලගතු රටක් නොවේ. මේ නිසා අද ඇමෙරිකාව ඉන්දියාවේ මිතුරාය. පරණ තරහ මරහ අමතක කොට ඉන්දියාවයි ඇමෙරිකාවයි අද ඉන්නේ අයියයි, මල්ලියි වගේය. හම්බන්තොට වරාය ගැන ඉන්දියාව කලබල වෙන තරමට ඇමෙරිකාවත් කලබලයට පත් විය. ඒ වේලාවේ චීනය ලෝකෙටම ඇහෙන්න කීවේ තමන්ට ලංකාව තුළ ආර්ථික න්‍යාය පත්‍රයක් මිස ආරක්‍ෂක න්‍යාය පත්‍රයක් නැති බවය. චීන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආවේ ඉන් පසුවය. කොළඹ වරායට චීන සබ්මැරීන් ආවේ ඊටත් පසුවය. එයින් ඉන්දියාව කුලප්පු විය. ඇමෙරිකාව ඊට එහා කුලප්පු විය. ප්‍රතිඵලය රාජපක්‍ෂලාට අකුලාගෙන ගෙදර යන්න සිදු වීමය. ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ වේලාවට චීන සබ්මැරීන් ආවේ 2015 ජනාධිපතිවරණය ආසන්නයේය. ඒ වේලාවේත් මහින්ද විධායක ජනාධිපති විය. ජේ. ආර්.ටත් වඩා බලවත් විධායක ජනාධිපති කෙනෙක් විය. හේතුව ඔහු ජේ. ආර්.ට තෙවෙනි වරට ජනාධිපතිවරණය තරග කරන්න තිබුණු බාධාව ඉවත් කරගෙන තිබුණි. මහින්දටත් තුනෙන් දෙකක බලයක් තිබුණි. ඒත් ජේ. ආර්.ගේ ආණ්ඩු කාලයේ මෙන් දමිළ සන්නද්ධ අරගලවලට උදව් කරන දුරදිග යන ගේම් ප්ලෑන් එකකට වඩා ලේසි ගේම් ප්ලෑන් එකක් ඇමෙරිකාව සහ ඉන්දියාව ගැහුවේ ජනාධිපතිවරණයක් අත ළඟ තිබූ නිසාය.

මේ වෙන කොට වත්මන් ගෝඨාභය – මහින්ද ආණ්ඩුවට වසර එකහමාරකි. 1980 දශකයේ මුල ආවේ ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම්ය. 2014 ආවේ චීන සබ්මැරීන්ය. ඊයේ පෙරේදා ආවේ චීන ආරක්‍ෂක ඇමැතිය. ඔහු එන්නත් පෙර හම්බන්තොට වරායට චීනයේ න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු නැවක් ආවේය.

චීනයේ ආරක්‍ෂක ලේකම් මෙහි එන්නේ ආර්ථික ප්‍රශ්න ගැන කතා කරන්න නොවන බව ඉන්දියාව මෙන්ම ඇමෙරිකාවද දනී. ඔහු එන්නේ ආරක්‍ෂක න්‍යාය පත්‍රයක් අතැතිවය. ඔහු එන විට හම්බන්තොට වරායට න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු නැවක් පැමිණ ඇත. කොළඹ වරාය නගරය විශේෂ කොමිසමක් යටතට පත්කරන පනත අධිකරණයේ විභාග වෙමින් පවතී. මේ වරාය නගරය වෙනම රාජ්‍යයක් යැයි විපක්‍ෂය චෝදනා කරමින් සිටී.

චීන ආරක්‍ෂක ඇමැති ලංකාවට පය තිබ්බේ මෙවැනි පසුබිමකය. හරියටම චීන තානාපති ලංකාවට එන දවසේම මෙරට ඇමෙරිකානු තානාපතිනිය ඇතුළු බටහිර රටවල් සියලුම තානාපතිවරු විපක්‍ෂ නායක සජිත්ව හමු විය.

‘මොකද මේ හිටි හැටියේ තානාපතිවරු සජිත්ව හම්බවෙන්නේ…’

මේ රාජපක්‍ෂවරු පවා කලබලයට පත් නිවුස් එකකි. තානාපතිවරු සජිත් හමුවීම චීන ආරක්‍ෂක ඇමැති ලංකාවට එන දවසේම සිදුවීම අහම්බයක් විය නොහැකිය. අනෙක මේ හමුව කලින් යොදා ගත් හමුවක් නොවන බවද තානාපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි. සජිත්ට මෙරට විශේෂයෙන්ම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල තානාපතිවරු සමඟ සබඳකම් නැතැයිද එම රටවල් තෝරා ගත් දේශපාලනඥයන් දෙදෙනා මංගල සහ රනිල් යැයි යූ.ඇන්.පී.ය සමාජ මාධ්‍ය හරහා මත ව්‍යාප්ත කරමින් හිටියේ එල්ලෙන්න වැලක් නැතිවය. ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපතිවරණය දින්න විට ඔබාමාගේ ආණ්ඩුව කාලයේ මංගල සමග සමීපව වැඩ කළ එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නියෝජිත සමන්තා පවර් බලවත් වී රනිල් සහ මංගලව ලංකාව තුළ බලවත් කොට ගෝඨාගේ ආණ්ඩුව පෙරළනු ඇතැයි මේ යූ.ඇන්.පී. සමාජ මාධ්‍ය උඩ පැන පැන කීහ.

ලංකාවේ පාර්ලිමේන්තු ආසනයක් දිනාගන්න බැරි දේශපාලනඥයන් බලවත් කරන්න ඇමෙරිකාවට හෝ බටහිර රටවලට පිස්සුවක් නැත. ඔවුන්ට සජිත් ගැනත් පිස්සුවක් නැත. 1994 සිට 2015 දක්වා මේ රටේ විපක්‍ෂ නායකයා සහ මන්ත්‍රිවරු 60ක් 65ක් හිටිය පක්‍ෂයේ නායකයා රනිල්ය. මංගල රනිල්ගේ අගසව්වෙකි.

ඉතින් 2015 මහින්දගේ ආණ්ඩුව පෙරළන්න ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වැඩ කළේ රනිල් සහ මංගල සමගය. අද මංගලට වෙලා තියෙන්නේ මිලින්ද මොරගොඩට වෙච්ච දෙයමය. 2006 වන තෙක් රනිල්ගේ ඇමෙරිකානු අගසව් වූයේ මිලින්දය. මිලින්ද මහින්දගේ ආණ්ඩුවට එක්වී 2010 මහ මැතිවරණය තරග කොට පරාජය වීමෙන් පසු ඇමෙරිකාව මිලින්දව අතහැරියේය. මිලින්ද යළි ඇමෙරිකාවේ බලවත් වූයේ ගෝඨාගේ ඇමෙරිකානු අගසව් වීමෙන් පසුවය. එදා මිලින්ද ආණ්ඩුවට ගිය විට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල රනිල් වෙනුවෙන් මිලින්දගේ තැන ගත්තේ මංගලය. අද රනිල් සහ මංගල අවලංගු දේශපාලන චරිතය. අද රනිල්ගේ තැන ඉන්නේ සජිත්ය. මංගලගේ තැන ඉන්නේ හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්නය. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ගනුදෙනු කරන්නේ ඔවුන් එක්කය. චීන ආරක්‍ෂක ලේකම් ලංකාවට එන දිනම ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර තානාපතිවරු සජිත් හමු වෙන්න දිව ගියේ ඒකය. ඔවුන් ආණ්ඩුවට දුන්නේ සිග්නල් එකකි. චීන රතු මකරාගෙන් ලංකාව බේරාගෙන ඉන්දියාවත් කලාපයේ ආරක්‍ෂාවත් රකින්න තමන් සජිත් ප්‍රේමදාස සමග ගේමක් ගහන්න වුවද පසුබට නොවන බවය. ඔවුහු තම තමන් තවමත් නායකයන්, ජනාධිපති අපේක්‍ෂකයන්, අගමැති අපේක්‍ෂකයන් යැයි හිතාගෙන ඉන්න යූ.ඇන්.පී.යේ පරාජිත නායකයන්ටත් පණිවුඩයක් දුන්හ. එනම් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල තේරීම සජිත් බවය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අද උදේ සිට තවත් ගම් 7ක් වහයි

Next Post

චිප් එක විසිවෙයි: කෝඩ් එකක් එයි

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.