රටෙහි මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කොට ඇත.
අද (22) සිට බලපැවැත්වෙන පරිදි රට පුරා මහජන සාමය පවත්වාගෙන යන ලෙස ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මහජන ආරක්ෂණ ආඥා පනතේ 12 වන වගන්තිය (40 වන පරිච්ඡේදය) මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පවරා ඇති බලතල අනුව ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලති, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම් යන පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව කැඳවා ඇත.
එවැනි දිස්ත්‍රික්කවලට යාබදව පිහිටි මහනුවර, මාතලේ, නුවර එලිය, කිලිනොච්චි, වවුනියා, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව, බදුල්ල, මොණරගල, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කයන්ද මීට ඇතුළත්ය.












