ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ සිදු වූ ගැටුම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති අතර වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ එම ගැටුමට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
මීට අමතරව එම ගැටුමට සම්බන්ධ වූ හරීන් ප්‍රනාන්දු මහතාගෙන්ද පොලිසයි ප්‍රකාශයක් ගැනීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
මේ අතර අදාළ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.










