එයාර්ටෙල් ලංකා සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සමඟ එක්ව දිවයින පුරා පවතින ආවරණ ජාලයේ බාධාවන් මගහරවා ගැනීම සඳහා ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන සඳහා සිය සහයෝගය ලබා දුන්නේය.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ නව ආවරණ කලාප 37ක් ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතිය සමඟින් මෙම වැඩසටහනේ පළමු අදියර ආරම්භ කරන ලදී. දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම මගින් සෑම පුද්ගලයෙකුම ඔවුන්ගේ දෛනික වැඩ කටයුතු සමඟ සම්බන්ධ කරමින් වඩාත් ඵලදායිව ඒවා සිදු කරගැනීමට සහ බාධාවකින් තොර අඛණ්ඩ දුරස්ථ ඉගෙනුම් හා නම්‍යශීලී සේවා අවශ්‍යතා සඳහා එය උපකාරී වනු ඇත.











