නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සදහා ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ කාලය මේ වනවිට ඉක්ම ගොස් ඇතත් මෙතෙක් කිසිදු ලියවිල්ලක් සකස් කර නොමැති බව දැනගන්නට තිබේ.
ඉකුත් මාර්තු 31 දින මෙම කමිටුවේ නිල කාලය අවසන් වුවද ජනාධිපතිවරයා එම කමිටුවේ කාලය දීර්ඝ කිරීමට මෙතෙක් පියවර ගෙන නැත.
ජනාධිපති නීතීඥ රොමේෂ් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවට නීති විශාරදයන් රැසක් ඇතුළත්ව තිබිණ.
එමෙන්ම විශාල යෝජනා ප්‍රමාණයක්ද පසුගිය කාලයේදී විවිධ දේශපාලන පක්ෂ, සංවිධාන සහ පුද්ගලයන් විසින් එම කමිටුවට ඉදිරිපත් කොට තිබිණ.










