අලුත් අවුරුදු සමයේ ජනතාව සෞඛ්‍ය නීතිවලට නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉදිරි දිනවලදී ඉන්දියාවේ වත්මන් තත්ත්වය මෙන් බරපතළ වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ දැනටමත් කොළඹ යාපනය ත්‍රිකුණාමලය පුත්තලම දිස්ත්‍රික්ක දැඩි අවදානමක් පවතින බවයි.
අද වන විට දෛනික සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව පහළ දමා ඇතත් එම ප්‍රමාණය 10,000 දක්වා හෝ වර්ධනය කළ යුතු බවත් ඇහඹු පරීක්‍ෂණ ඉහල දැමිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙති.
මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඉදිරි මාසවල මුව ආවරණ පැළඳීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි.
මුව ආවරණ නොමැතිව නිවසෙන් පිටතට නොඑන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම අවම වුවත් දැනට ඇතිවන තත්ත්වය මත එක්වරම රෝගී ප්‍රමාණය වැඩි වුනොත් රට විවෘතව තැබීම පවා අවදානම් විය හැකි යැයි ද ඔහු කියා සිටියේය.










