පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහි කිරීම නිමිත්තෙන් කොච්චිකඩේ දේවස්ථානයේ අද (20) සිට ආරම්භ වන විශේෂ දේව මෙහෙයන් සදහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ආරක්ෂක අංශ සැලසුම් කර ඇත.
ඒ අනුව අද සවස 4 සිට හෙට දහවල් 12 දක්වා මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.
මෙහිදී සාන්ත අන්තෝනි මාවත, රාමනාදන් මාවත සහ ක්‍රිස්ටි පෙරේරා මාවත ආදී ප්‍රදේශවල රථවාහන ඇතුලුවීම සීමා කොට ඇති බව පොලිසිය පවසයි.
ඒ සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.










