• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩාලි පාරෙන් හමන සුළගෙන් පොහොට්ටුවට රිදෙයිද?

April 19, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ඩාලි පාරෙන් හමන සුළගෙන් පොහොට්ටුවට රිදෙයිද?
Share on WhatsAppShare on Facebook

දේශපාලනයේ බොහෝ දේ වෙනස් වෙන කාල වකවානුවකට අපි ඇවිල්ලා ඉන්නවා කියල පෙනෙන ලක්ෂණ බොහොමයි. ඒ අතර විශේෂදෙයක් තමයි ඩාර්ලි පාරේ පහුගිය දවසක තිබුණු විශේෂ දේශපාලන රැස්වීම. මේ රැස්වීම පැවැත්වුණේ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ.

නෙලුම් මාවතේ පොහොට්ටු කාර්යාලය පිහිටුවා ගැනීමෙන් පස්සේ දේශපාලන වටිනාකම අතින් ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ලැබුණේ ඉතාම අඩු අවධානයක්. ඒකට හේතුව වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවත් එක්ක අලුතින් ඇතිකර ගත්ත දීගේ. මේ දීගයේ මුල කොටස නිසා දෙගොල්ලොම හිටියේ ඉතාම සතුටින්. සියල්ල අත ඇරලා දාලා දෙදහස් පහළවේ ජනාධිපතිවරණ සටනට ආපු සිරිසේන මහත්තයා පස්මහ බැලුම් බලලා ඇති කරපු දේශපාලන කෝන්තරයේ ඉතාම හොඳින් පාවිච්චි කරගන්න පොහොට්ටු පිල සමත් වුණා.

මේ හරහාම ඇති වෙච්ච අලුත් පොහොට්ටුව ඇතුළේ ශ්‍රී ලංකා දේශපාලනයේ ඓතිහාසික මතක සටහන් දිය වෙලා යද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මන්ත්‍රීවරුන්ට පොහොට්ටුවෙන් නාමයෝජනා ලැබුණා. ඒ අතර සිරිසේන ජනාධිපතිතුමා, නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර වගේම ඉතාම ආන්දෝලනාත්මක දේශපාලන චරිත බවට පත් වුණු දුමින්ද දිසානායකලත් හිටියා. ඒත් කාලයක් ගත වෙලා යනකොට මේ දෙගොල්ලොන්ගේ බැඳීමේ පොඩි පොඩි ඉරිතැලුම් මතු වුණා. ඇත්තටම ඒකට හේතු වෙන්න ඇත්තේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ තීන්දුව වෙන්න පුළුවන් කියලා ලියුම්කරු හිතනවා.

ඉතාම අඩු කැබිනට් මන්ත්‍රී ධුර ගණනක් ගැන සිහින දකිමින් සිටි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහජනතාවට උත්තර බැඳීමේ වගකීම අලුතින් පත්වුණු ආණ්ඩුවට පැවරුණු එකක්. ඒ නිසාම මේ නව කැබිනට්ටුව පත් කිරීම පිටට පෙනුණේ අන්තෝ ජටා බහි ජටා වර්ගයේ දේශපාලන ව්‍යාපෘතියක් විදිහට. කෙසේ නමුත් කැබිනට්ටුව පත් වෙන්නේ රාජපක්ෂලා සියලු දෙනාටම කැබිනට් ඇමති ධුර සමග. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ බොහෝ දෙනෙක් රාජ්‍ය අමාත්‍ය ධුර දක්වා පහත දාලා තිබුණා. ඒ ලැබුණු අමාත්‍ය ධුර පවා වැඩකට නැති ඒවා බව ඔවුන් දැන් කියන්නෙ.

හිටපු ජනාධිපති සිරිසේනට මොකක් හෝ හේතුවක් නිසා අමාත්‍ය ධූරයක් ලැබුණේම නෑ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ප්‍රබල ඇමතිවරුන් වූ සුසිල් ප්‍රෙම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී. දිසානායක, රංජිත් සියඹලාපිටිය, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා සහ විජේදාස රාජපක්ෂ යන අයට කිසිම ඇමති ධුරයක් ලැබුණෙ නෑ. මේ අය සියලුම දෙනා පහු ගිය රජයයන්හි ප්‍රබල අමාත්‍ය ධුර දරපු අය. ඒ යට තියෙන දේශපාලන කතන්දරය කුමක් වුණත් දැන් හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඉන්නේ නිකන්ම නිකන් මන්ත්‍රීවරයෙක් විදියට. මේවා අපි නොදන්නවා වුණාට අළු යට ගින්දර විදියට තියෙන්න ඇති. මේ ගින්දර ඇවිලෙන්න පටන් ගන්නේ දැන් කියලයි අපිට හිතෙන්නේ .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබිච්ච රැස්වීම ඒ ගැන පෙරනිමිත්තක්ද කියලා දේශපාලනය දන්න අය කතා වෙනවා. විශේෂයෙන් මේ රැස්වීමට පෙර සහ පසු ඇතිවෙච්ච කතාබහවලුත් ඒකට එක්තරා හේතුවක්. නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ කීපදෙනෙක්ම තැන් තැන්වල කියලා තිබුණේ තමන් දැඩි කලකිරීමෙන් ඉන්නවාය කියලා. පහුගිය වතාවේ එජාපයත් එක්ක කාපු දීගේ කෙළවර වෙන්න ළඟ කාලෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු ඔය විදිහට කතා කියූ බව අපිට මතකයි. ඒ නිසා තමයි මේ වතාවෙත් මොකක් හෝ දෙයක් වෙන්න පුළුවන් කියලා දේශපාලනය දන්න අය කියන්නේ. වෙනදාට වඩා මේ වෙලාව ගැන අවධානෙන් බලන්න හිතෙන්නේ තවත් හේතු කීපයක් හින්දා. ඉන් ප්‍රධානම එකක් වුණේ මේ විදිහට ගැටුම නිර්මාණය කරමින් එළියට බහිනවා නම් බහින්නේ කවුද කියන එක. මොකද ඒ රැස්වීමට පොහොට්ටුව නියෝජනය කරන පොහොට්ටුවට අයිති නැති පොඩි පක්ෂ කීපයකම අය ඇවිල්ලා හිටියා.

ඒ පක්ෂ පොඩි වුණත් ආණ්ඩුව ගෙන ඒමේ සටනේ දැවැන්ත මෙහෙවරක් කරපු අය. එදා ඒ අය ආවේ මොන විදියෙ සාකච්ඡාවකටද කියන එක අපි දන්නෙ නෑ. ඒත් මේ විදියට පොහොට්ටුවට පිට පාරෙන් ඇවිත් වෙනම තැනක වෙනමම රැස්වෙන්න ඒ අය හිත හදාගත්ත එක වුණත් අරුමයක්. මොක ද මේ රැස්වීමට එදා ඇවිල්ලා හිටපු අය අතර විමල් වීරවංශ ඇමතිතුමා, උදය ගම්මන්පිල ඇමතිතුමා වගේම වාසුදේව නානායක්කාර ඇමති තුමත් හිටියා. මේ වෙද්දි විමල් වීරවංශ අමාත්‍යාවරයා කීප වතාවක්ම ආණ්ඩුවට එරෙහිවෙමින් නොවෙමින් ඉන්නා බවක් පෙනුනා. ඒ ගැන විවිධ කයි කතන්දර කියවුණත් ඒ කිසිවක්ම ඇත්තම කියන තැනට ඔප්පු කරගන්න පුළුවන් වුණේ නෑ.

ඒත් 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එන කොට විමල් හිටියෙ ඒකට එරෙහිව. ඒ ටික දවසක් යද්දිත් විමල්ගේ හිත කොහොම නමුත් මේ වෙන කොට නිදහස් පක්ෂ කණ්ඩායමේ හිත නොහොද වෙලා කියල පේන ලක්ෂණ තියෙනවා. හැබැයි මේ විදියට නොහොඳ වුණ හැම වෙලාවකම බැසිල් රාජපක්ෂ මහත්තයා ඇතුළු අය කළේ ඒකට අවශ්‍ය එන්නත දීපු එක. ඒ එන්නතේ බලයෙන් තමයි විරසක වෙලා හිටිපු ශ්‍රී ලංකාකාරයො මේ විදියට පොහොට්ටුවේ ලැයිස්තුවෙන් ඡන්ද සටනට එන්නෙත්. කොහොමටත් මේ හැමෝගෙම කැරැට්ටුව ගැන අපිට ඒ හැටි විශ්වාසයක් නෑ.

ගල්ලෙන බිඳලා කියලා එළියට බැහැපු ගම්මන්පිල ආයෙත් යූ ටර්න් එකක් ගහලා ඒ ගල්ලෙනටම ගිහිල්ලා සතුටෙන් සමාදානෙන් ඉන්න කෙනෙක්. විමල් සීනුවෙන් එළියට බැස්සට පස්සෙ කියන එකයි කරන එකයි අතර තියෙන්නෙ මාර පරතරයක්. වාසුදේව කියන්නෙ ලංකාවෙ වාමාංශික දේශපාලනයේ සලකුණක් වුණත් එදා ඩාලි පාරෙ නිදහස් පක්ෂ මූලස්ථානයට ආවෙ කිසිම ලැජ්ජාවක් බයක් නැතිව. එදා මොකක්දෝ ප්‍රශ්නයක් අහපු මාධ්‍යවේදියෙක්ට වාසු කිව්වෙ මේක “ටර්න්” එකක් කියලා. ඒ වගේම ඊළඟ හමුව තමන්ගෙ මූලස්ථානයේදී තියනවා කියලත් ඔහු කිව්වා. ඒ වගේම දයාසිරි මහත්තයත් කීප වතාවක්ම මේ වගේ උද්වේගකර කතා කිව්වත්, ගොරෝන තරමටම වැස්සෙ නෑ.

සිරිසේන මහත්තයත් දවසක් කිව්වෙ රාජපක්ෂලා ආවොත් තමන් අඩි හයක් යට කියලා. ඒත් එහෙම කියලා අවුරුදු කීපෙකින් මහින්ද මහත්තයව පෑල දොරින් ගෙට අරගෙන අගමැති පුටුවෙ ඉන්දුවෙ මුළු රටටම කොළේ වහලා. ඒ නිසා මේ හැමෝගෙම කෙරුවාවෙ වමට සිග්නල් දාලා දකුණට හරවපු අවස්ථා එමටයි. හැබැයි ලංකාවෙ දේශපාලකයො දේශපාලන වාසි තකා අම්මා අප්පා පවා අමතක කරපු තැන් ඕනෑ තරම්.

ඒ නිසා බලා ගෙන ඉමු, මොනවා කළත් මොකක් වුණත් ඒ මේ අය මහජනතාව වෙනුවෙන් අපිට තියෙන ආදරේට නේද?

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

විමල්-වාසු-උදය නැති පක්ෂ නායක රැස්වීමේ ජායාරූප එළියට

Next Post

අප්‍රේල් ඉපදිලා අප්‍රේල්වල මැරිලා අප්‍රේල්වලම ලංකාවෙන් යළි මතුවුණු කව්ද මේ හිට්ලර්!!!

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.