මෙරටට කුමන ආයෝජකයෙක් පැමිණියත් මෙරට නීතිය සෑම කෙනෙකුට මෙන්ම සෑම තැනකටම ක්‍රියාත්මක වියයුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
හොංකොං ලෙස මෙරට වෙනම පාලන තන්ත්‍රයක් ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දීමට හැකියාවක් නොමැති බව ඔහු කියා සිටියේය.
මේ කටයුතු මෙරට ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කරනු ලබන්නේ නම් ඉන් මෙරට ඉදිරි ගමනට විශාල ශක්තියක් ලැබිය යුතු බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.
කොළඹ පෝට් සිටිය පිළිබඳව ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමත්‍යවරයා මේ අදහස් පළ කළේය.










