කිරුළක් දිනු කිසිවෙකු මෙරටට සේවයක් නොකළ බවත්, යළිත් වරක් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගය පැවැත්විය යුතු බවත් ජනප්‍රිය නිරූපිකාවක් වන චුලා පද්මේන්ද්‍රන් ප්‍රකාශ කර සිටියාය.
තමන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේ දී එහි ඇතිව තිබු තත්ත්වය සම්බන්ධයෙන් හඬක් නැගු බවත් එය කිසිවෙකුත් කන් නොදුන් බවත් යුටියුබ් නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඇය ප්‍රකාශ කර සිටියාය.
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී තමන් බිමත්ව සිටිය බවට එල්ලවූ චෝදනාව අසත්‍ය බවද ඇය මෙහිදී සඳහන් කර සිටියාය.
නෙළුම් පොකුණ රංග ශාලාවට හානි සිදුව ඇති බවට සිදුකරන ලද චෝදනා සියල්ලම ප්‍රතිකෙෂ්ප කරනු ලැබූ චූලා නෙළුම් පොකුණ වැනි ස්ථානයක චන්දිමාල් ජයසිංහට මෙම තරගාවලිය පැවැත්වීමට අවස්ථාව ලැබුනේ කැරලොයින් ජුරි නිසා බවද ප්‍රකාශ කළාය.
චන්දිමාල් ජයසිංහ වැනි අයෙකු සමග මෙවැනි තරගාවලියක් පැවැත්වීමට තරම් ඔහුට දැනුමක් නොතිබූ බවත් කේෂ්ත්‍රයේ බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් චෝදනා කර සිටි බවත් ඇය කියා සිටියාය.










