• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා හිට්ලර් වුණොත්? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

April 17, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 5 mins read
A A
ගෝඨා හිට්ලර් වුණොත්? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ගෝඨාට ඉස්සෙල්ලාම හිට්ලර් වෙන්න කියල කිව්වේ වෙඬරුවේ උපාලි හිමියන්ය. ඒ ගෝඨාගේ 69 වැනි උපන් දිනයේදීය.

‘සමහරු ඔබව හිට්ලර් කෙනෙක් හැටියට දකිනවා. හිට්ලර් කෙනෙක් වෙන්න. හමුදාව එක්ක යන්න. රට හදන්න…’

මේ උපාලි හිමි ගෝඨාභයගේ 69 වැනි උපන් දිනයදා දුන්න ඔවදන්ය. ඒ මෙයට වසර දෙකකටත් එහාය. අද ගෝඨාභය රටේ ජනාධිපතිය. ජනාධිපති වී වසර එකහමාරක් ගතවන විට පොදුජන පෙරමුණේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම ගෝඨාට හිට්ලර් පාලනයක් ගෙන යා යුතු යැයි උපදෙස් දී තිබේ.

දිලුම් අමුණුගමගේ එම ප්‍රකාශයට වහා ප්‍රතිචාර දැක්වූයේ මෙරට ජර්මානු තානාපතිවරයාය. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ කීවේය.

‘මට ඇහෙනවා සමහරු ප්‍රකාශ කරනවා හිට්ලර් ලංකාවට හොඳ වෙයි කියා. මිලියන ගණනකගේ මරණයට පත්වීමත් සමඟ මිනිසුන්ගේ දුක් වේදනා බලාපොරොත්තු සුන්වීම්වලට හිට්ලර් වගකිව යුතුයි. එවැනි පුද්ගලයකු නිසැකවම කිසිදු දේශපාලනඥයකුට ආදර්ශයක් නොවේ…’

හිට්ලර් ගැන අන්කාටත් වඩා හොඳින් දන්නේ ජර්මානුවන්ය. හිට්ලර් ජර්මනිය ලොව සුපිරි බලවත් රාජ්‍ය බවට පත්කරනවා කියා ජර්මනිය විනාශ කළේය. අන්තිමට ලොවම එක් වී හිට්ලර්ව පරාජය කරන්න විනාශ කළේ ජර්මනියය. හිට්ලර් විරෝධී මිත්‍ර හමුදා ගුවන් බෝම්බවලින් ජර්මනියේ ඓතිහාසික නගර විනාශ විය. මිනිස්සු ලක්‍ෂ ගණන් මියගියහ. හිට්ලර් පරාජය කිරීමෙන් පසු ඇමෙරිකාව සහ එවකට සෝවියට් දේශය ජර්මනිය දෙකට බෙදා වෙන්කර ගත්හ. බටහිර ජර්මනිය සහ නැඟෙනහිර ජර්මනිය ලෙස බර්ලින් තාප්පයකින් ජර්මනිය වෙන් විය. තාප්පය කඩා ජර්මනිය එක් වූයේ සෝවියට් දේශය කඩා වැටීමෙන් පසුවය.

ජර්මානුවන් මේ ඉතිහාසය දනී. යළිත් ලොව කිසිදු රටක හිට්ලර් කෙනෙක් බිහි නොවන්න ලොව විවිධ රටවල ජනතාව දැනුවත් කරන්න ජර්මනිය සිය ධනය අදටත් වියදම් කරනු ලැබේ. අපට අත් වූ විපත ලොව අන් කාටත් අත්නොවේවා යන්න ඔවුන්ගේ සටන් පාඨයය. වෙනතක් තබා හිට්ලර්ගේ විනාශය පෙන්වනවා හැරෙන්න ඔහුගේ රූපයක්වත් පෙන්නන්න ජර්මනිය සූදානම් නැත. හිට්ලර් මියගිය තැන ඇත්තේ ගසක් පමණි. ඒ තරමට ඔවුන් ඒ චරිතය අමතක කරන්න ඉතිහාසයෙන් අකාමකා දමන්න උත්සාහ ගනී.

‘ඉතින් අපේ අයට මොකද මේ හිට්ලර්ව ඕනෑ වෙලා තියෙන්නේ..?’

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි අද ගෝඨාගේ ආණ්ඩුවට අඩු හිට්ලර් කෙනෙක් විතරය.

ලොව බලවත් රටවල්වලට ලංකාවට අත පොවන්න අවශ්‍ය කරුණු කාරණා සියල්ල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා සකස් වෙමින් තිබේ. දැනටමත් ජිනීවාහී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කාර්යාලය ලංකාව ගැන හොයන්න කාර්යාලයක් ස්ථාපිත කොට අවසන්ය. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් ලංකාව කිරීටයේ ආධිපත්‍යයෙන් මුදා ගත්තාට පසු පළමුවරට ලොව බලවත් රටවල නිරීක්‍ෂණයට ලක්වන රටක් බවට ලංකාව පත්වී තිබේ.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල් බලාගෙන ඉන්නේ ලංකාවට සම්බාධක පනවන දිනය එනතෙක්ය. ලංකාවේ ඇඟලුම් කර්මාන්තය යැපෙන්නේ ජී.එස්.පී. ප්ලස් සහනය නිසාය. එම සහනය අහිමි කළොත් ලංකාවේ ඇඟලුම් කර්මාන්තය කඩාගෙන වැටෙයි.

ලංකාව වැඩියෙන්ම අපනයනය කරන රට ඇමෙරිකාව ඇතුළු යුරෝපයය. ඇමෙරිකාව ඇතුළු යුරෝපය ලංකාවේ අපනයන තහනම් කළොත් මෙරට අපනයන කර්මාන්ත ශාලා වහන්න සිදුවෙයි. එවිට ලක්‍ෂ ගණනකට රැකියා අහිමි වෙයි.

ඊළඟට ලංකාවේ බලාපොරොත්තුව සංචාරක කර්මාන්තයය. ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු වූයේ මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලයේය. එයට හේතුව ඔවුන්ගේ දක්‍ෂකමක් නොව ඇමෙරිකාව ඇතුළු යුරෝපය එම රටවල සංචාරකයන්ට ලංකාවට යෑමට අනුබල දීමය. 2015ට පෙර රාජපක්‍ෂ ආණ්ඩු සමයේ ඔවුන් ලංකාවට යන සංචාරකයන්ට සංචාරය නොකරන ලෙස සංචාරක අනතුරු ඇඟවීම් කර තිබුණි. මෛත්‍රි-රනිල් ආණ්ඩුව බලයට ආවාට පසු එම රටවල් එම අනතුරු ඇඟවීම් ඉවත් කර ගත්හ.

වෙන කවරදාටත් වඩා ඔවුන්ට ලංකාවට එරෙහිව සංචාරක අනතුරු ඇඟවීම් කරන්න පොදු ආයුධයක් ලැබී තිබේ. ඒ කොවිඩ්-19ය. කොවිඩ්-19 නිසා ලංකාවට යන සංචාරකයන්ට සංචරණය තහනම් කරන්න වුවද ඔවුන්ට පුළුවන. අනෙක් අතට ලංකාවෙන් එම රටවලට ව්‍යාපාර කටයුතු සඳහා පැමිණෙන ව්‍යාපාරිකයන්ටද එරට සංචාරය තහනම් කිරීමට ඔවුන්ට හැකියාව ඇත. ඒ සඳහා හොඳම ආයුධය කොවිඩ්ය. එසේ වුවහොත් කොවිඩ් ව්‍යාප්තිය අවම වුවත් ලංකාවේ සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටීම නවත්වන්න බැරිය. කොවිඩ්වලින් වැටුණු සංචාරක ව්‍යාපාරය පශ්චාත් කොවිඩ් සමයේ හොම්බෙන්ම යනු ඇත. ව්‍යාපාරිකයන්ට එම රටවලට යෑම තහනම් වුවහොත් ලංකාවේ අපනයන කර්මාන්තයට සොරිඩොට්කොම්ය.

මේ හැමටත් වඩා අද ලංකාව ඇදවැටී තියෙන අගාධයෙන් ගොඩ එන්න නම් විදේශ ආයෝජන අවශ්‍යයය. විදේශ ආයෝජන නැත්නම් ලංකාවට ඉදිර ගමනක් නැත. චීනය ගැන කොයිතරම් බලාපොරොත්තු තියාගත්තත් චීනයෙන් විදේශ ආයෝජකයෝ ලංකාවට එන්නේ නැත. රනිල් හම්බන්තොට වරාය චීනයට පවරා දුන්නේ ඒ අවට ඉඩම් විශාල ප්‍රමාණයක් සමඟය. රනිල් හිතුවේ චීනය එම ඉඩම්වල සල්ලි ආයෝජනය කොට කර්මාන්ත ශාලා හදා හම්බන්තොට වරායෙන් ඒ කර්මාන්ත ශාලාවල හදන භාණ්ඩ පිටරට පටවා හම්බන්තොට සුරපුරයක් කරයි කියාය. එයින් මුළු දකුණේම රැකියා පැනය විසඳෙනු ඇතැයි ඔහු සිතුවේය. හම්බන්තොට වරාය චීනයට පවරා 2019 ජනාධිපතිවරණය වන විට වසර 2කටත් වැඩිය. ඒත් චීනය ඒ ඉඩම්වල කර්මාන්ත ශාලා හදන්න මුල්ගලවත් තියල නැත. දැන් බලයට ඇවිත් තියෙන්නේ චීන හිතවාදී රාජපක්‍ෂ ආණ්ඩුවක් වුණත් චීනය තවම කර්මාන්ත ශාලා හදන්න හිතලවත් නැත. ඉතින් චීනයෙන් ආයෝජකයෝ බලාගෙන ඉන්නවා නම් ඒක විහිළුවකි. ආයෝජකයෝ එන්නේ ඇමෙරිකාව ඇතුළු බටහිර යුරෝපයෙන්ය. ජේ. ආර්. නිදහස් වෙළෙඳ කලාප හැදුවේ ඒ ආයෝජකයන්ගෙන්ය. ප්‍රේමදාස ඇඟලුම් කම්හල් 100ක් හැදුවේ ඒ ආයෝජකයන්ගෙන්ය.

අද ගෝඨාගේ ආණ්ඩුව ඉන්නේ එම රටවල් තරහ කරගෙනය. මිලේනියම් ආධාරය ඇමෙරිකාව අපිට බලෙන් ඇඟේ ගහන්න ආවේ නැත. එය ඉල්ලා සිටියේ 2015ට පෙර මහින්දගේ ආණ්ඩුවය. ඒත් මහින්දගේ ආණ්ඩුවේ මානව හිමිකම් කඩකිරීම් නිසා ඇමෙරිකාව එය ලංකාවට දුන්නේ නැත. මෛත්‍රි – රනිල් ආණ්ඩුව ඇවිත් යළි ඒ සඳහා අයැදුම් කළාම ඇමෙරිකාව මිලේනියම් ආධාර පැකේජය ඉල්ලා සිටි රටවල් විශාල ගණනක් ඉවත දමා ලංකාවට එය දෙන්න කැමැත්ත පළ කළේය. මෛත්‍රි – රනිල් ආණ්ඩුව මෙය ලබාගත හොත් ලංකාව දියුණු වී ලංකාවට ආයෝජකයෝ එයි කියලා බයේ රාජපක්‍ෂලා රටේ මිලේනියම් විරෝධී රැල්ලක් හදා බලයට ඇවිත් මේ රැල්ල අන්දලා මිලේනියම් සහනය ගන්නේ කොහොම දැයි හිත හිතා සිටියදී ඇමෙරිකාව එය ඉවත් කර ගෙන වෙනත් රටකට දුන්නේය.

ඉතින් මින් පසු ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල ආයෝජකයෝ මෙහෙ එයි කියා හිතන්න බැරිය. ජිනීවාහී ලංකාවට එරෙහි යෝජනාව ඉදිරිපත් කළ සහ එයට සහාය දුන් රටවල් දිහා බලන විට ලෝකයේ හොඳම ලොකුම ආයෝජකයේ ඉන්නේ ඒ රටවලය. ඔවුන් මෙහෙ එනවා කියා හිතන්නේවත් නැත.

අනෙක ගෝඨාව හිට්ලර් කරන්න ගියොත් එහි වාසිය ගන්නේ මෙරට සුළු ජාතිකයන්ය. හිට්ලර් ඊශ්‍රායල් ජාතිකයන් මර්දනය කළා සේ ගෝඨා තමන්ව මර්දනය කරනවා යැයි සුළු ජාතිකයන් කෑමොර දෙනු ඇත. එවිට දැනටමත් ලංකාව නිරීක්‍ෂණය කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවට ගොඩබහින්න ලෙහෙසියෙන් පාරක් කපාගනු ඇත.

එවැනි පරිසරයක දිලුම් අමුණුගම කියන විදියට ගෝඨා හිට්ලර් වෙන්න ගියොත් වෙන්නේ හිට්ලර්ට එරෙහිව මිත්‍ර හමුදා ජර්මනියට බැස්සා සේ ගෝඨාගේ ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතීන්ගේ හමුදා ලංකාවට බහින එකය. එදා හිට්ලර් විරෝධී මිත්‍ර හමුදා ලෝක ඉතිහාසයෙන් හිට්ලර් නාමය අකාමකා දැම්මේය. එක්සත් ජාතීන්ගේ හමුදා ලංකාවට ආවොත් ලෝක සිතියමෙන් ලංකාව අකාමකා දමනවා සත්තය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජනපති ඉන්නේ තට්ටු 2ක සාමාන්‍ය ගෙයක: තියෙන්නේ වාහන 3යි: බිලියන 1.7ක් ඉතුරු කරපු නිහතමානී නායකයෙක් (VIDEO)

Next Post

දැකලා තිබුණට අහල නැති ගෝල් පාස්

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.