• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

නාමල් මගුල් ඇදුම ෆවුසුල් හමීඩ්ගෙන් මැහුවේ විමල්ට-උදයට-ජාතිවාදීන්ට කනේ පාරක් ගහන්නද?

September 22, 2019
in News, Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
නාමල් මගුල් ඇදුම ෆවුසුල් හමීඩ්ගෙන් මැහුවේ විමල්ට-උදයට-ජාතිවාදීන්ට කනේ පාරක් ගහන්නද?
Share on WhatsAppShare on Facebook

පසුගිය වසර කිහිපය පුරා ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් විරෝධය යම් ආකාරයකින් ක්‍රියාත්මක වූ නමුත් එහි උපරිමය එළැඹුණේ පාස්කු ප්‍රහාරයට පසුවය. පාස්කු ඉරිදා ප්‍රහාරයට සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධ බව දැනගැනීමත් සමඟම තමන් එතෙක් දැරූ මතය සත්‍ය බව සමාජයට ඒත්තු ගැන්වීම මුස්ලිම් විරෝධීන්ගේ ප්‍රධානම උත්සාහය විය. ඔවුන් සමාජයට එල්ල කළ ප්‍රබලම බලපෑම වූයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කළ යුතුය යන්නය. මෙරට ප්‍රධාන පෙළේ මුස්ලිම් ව්‍යාපාර සියල්ලේම නම් ජනතාවගේ දැනගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාප්ත විය. කලින් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත්ව තිබූ නමුත් වර්තමානය වන විට වෙනත් හිමිකරුවන්ට අයත් ව්‍යාපාර කිහිපයක්ද ඒ ලැයිස්තුවේ විය. එලෙස එල්ල කළ බලපෑම කෙතරම් වීද යත් ඒ ව්‍යාපාර සියල්ලම විශාල පරිමාණයෙන් පාඩු ලබන තත්ත්වයට පත්විය. එලෙස වර්ජනය කළ ව්‍යාපාර අතර ඉදිරියේම තිබුණේ ආහාර සහ රෙදිපිළි කර්මාන්තයට අයත් ව්‍යාපාරයන්ය.

ෆවුසුල් හමීඩ්

මුස්ලිම් ජාතිකයන්ට අයත් ආහාර වෙළෙඳසල් තුළ සිංහල ජාතිකයන් සඳහා වඳ බෙහෙත් යෙදූ ආහාර ලබාදෙන බව පාස්කු ප්‍රහාරයට පෙර සිටම මුස්ලිම් විරෝධීන් රට පුරා ගෙනගිය මතයක් විය. එමෙන්ම මුස්ලිම් ජාතිකයන්ට අයත් රෙදිපිළි වෙළෙඳසල්හි අලෙවියට තබා ඇති ඇඟලුම්වල වඳ බෙහෙත් ගල්වා ඇති බවද ඔවුන්ගේ මතය විය. මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් ප්‍රධාන පෙළේ රෙදිපිළි වෙළෙඳසල් වෙත යන සිංහල ජාතිකයන්ට බිත්තර ප්‍රහාර එල්ල කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක්ද මීට වසර කිහිපයකට පෙර ක්‍රියාත්මක විය.
ෆව්සුල් හමීඞ් මහතාට අයත් ‘හමිඩීයාස්’ ආයතනයද පාස්කු ප්‍රහාරයෙන් පසු වර්ජනය කළ යුතු යැයි මුස්ලිම් විරෝධීන් ප්‍රකාශ කළ ආයතන අතර ඉදිරියේම විය. මේ අතර පසුගියදා විවාහ වුණු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තම විවාහ ඇඳුම සකස් කරගෙන ඇත්තේ එකී ‘හමීඩියාස්’ ආයතනයෙන් බව ප්‍රචාරය වීම බොහෝ දෙනකු විමතියට පත් කළ සිදුවීමක් විය. තමාගේ මංගල ඇඳුම තමන්ට රිසි තැනකින් මසා නිමකර ගැනීමේ අයිතිය නාමල් රාජපක්ෂ මහතාට තිබෙන බවට කිසිදු විවාදයක් නැත. නමුත් නාමල්ගේ ඇඳුම ‘හමීඩියාස්’ වෙතින් සකස් කරගැනීම විමතියට කරුණක් වන්නේ නාමල් රාජපක්ෂ පිටුපස සිටින නඩයේ දේශපාලන භාවිතාව මතය.
පාස්කු ප්‍රහාරයෙන් පසු ඇතිවූ දැඩි මුස්ලිම් විරෝධය මෙහෙයවීම පිටුපස ක්‍රියාත්මක වූ ප්‍රධානම දේශපාලන බලවේගය වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි පොදුජන පෙරමුණේ ප්‍රධාන පෙළේ නායකයෝ ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනී සිටියහ. සමාජ මාධ්‍ය ඔස්සේ මුස්ලිම් විරෝධී ජන මතය හැඩගැස්වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ය. තම මතය ප්‍රකාශ කිරීම සඳහා ඔවුහු සියලු දෙනාම ප්‍රසිද්ධියේ පෙනීසිටියහ. වඳ සැත්කම් සිදුකළා යැයි චෝදනා එල්ල වූ මොහොමඞ් ෂාෆි පිළිබඳ දැඩි කතාබහක් සමාජය තුළ ඇතිකිරීම වෙනුවෙන් පෙනී සිටියේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ය. එමෙන්ම ඉදිරියේදී තමන් පිහිටුවන ආණ්ඩුවකට කොයි ලෙසකින්වත් රිෂාඞ් බදුර්දීන් වැනි මුස්ලිම් නායකයන් එකතු කර නොගන්නා බවද පොදුජන පෙරමුණේ නායකයෝ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළහ.
මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කළ යුතු බවට සමාජය පුරා පැතිර යන මතය තමන්ද අනුමත කරන්නේ යැයි අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් සිදුකළ ප්‍රකාශයද රට තුළ දැඩි ආන්දෝලනයක් ඇතිකිරීමට සමත් විය. සියලු දෙනාට සම සේ සැලකිය යුතු බවට වන බුද්ධ වචනය දේශනා කරන නායක හිමිනමක් මේ ආකාරයේ අදහස් දැක්වීම බොහෝ දෙනකුගේ විවේචනයට හේතු වූ අතර ඒ අවස්ථාවේ ඥානරතන හිමියන්ගේ මතය සාධාරණීකරණය කිරීම වෙනුවෙන් පෙනී සිටියේද පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුය. වගකිව යුතු හිමිනමක් වශයෙන් අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් කළ ප්‍රකාශය හෙළාදකින බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදුකළ ප්‍රකාශයට විරුද්ධව දැඩි ආවේගයකින් යුතුව කතා කළේද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුය.
තම මංගල ඇඳුම මැසීම සඳහා නාමල් රාජපක්ෂ මහතා හමීඩියාස් වෙත පානඟන්නේ මෙවන් පසුබිමකය. නාමල් රාජපක්ෂ මහතාගේ ඇඳුම සකස් කරන අවස්ථාවේ පූර්ව දර්ශන ඇතුළත් වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත මුදාහරින්නේ හමීඩියාස් ආයතනය විසින්මය. නාමල්ගේ මංගල ඇඳුම සකස් කිරීමේ කටයුතු සඳහා හමීඩියාස් ප්‍රධානියා වන ෆව්සුල් හමීඞ් මහතා මහත් උනන්දුවෙන් කටයුතු කරන ආකාරයද වීඩියෝවේ සටහන්ව ඇත. රටේ ප්‍රධාන පෙළේ පුද්ගලයන්ගේ එවැනි වීඩියෝ තම නිල යූටියුබ් චැනලය හරහා ප්‍රචාරය කිරීම හමීඩියාස් වැනි ප්‍රධාන පෙළේ ආයතනවල සාමාන්‍ය සිරිතය. එබැවින් හමීඩියාස්, නාමල්ගේ වීඩියෝ පටය නිකුත් කිරීමේද එතරම් විශේෂත්වයක් නැති නමුත් එය පාරාවළල්ලක් වී ඇත්තේ මුස්ලිම් විරෝධය පිළිබඳ දැඩි හඬක් නැඟූ නාමල්ලාගේ අනුගාමිකයන්ටය.

මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කළ යුතු බවට දැඩි මතයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යද්දී ඊට එරෙහිව හඬ නැඟූ බොහෝ පිරිසක්ද සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය. එම පිරිසගේ අදහස වූයේ සුළුතර ත්‍රස්තවාදීන් පිරිසක් සිදුකළ ක්‍රියාවකට බහුතර අහිංසක මුස්ලිම් ජනතාව වගකිව යුතු නැති බවය. එමෙන්ම ඒ ආකාරයෙන් මුස්ලිම් ජනතාව කොන්කිරීම එක් අතකින් ත්‍රස්තවාදයට අනුබල දීමක් බවද එම පිරිසගේ අදහස විය. නමුත් තම මතය සමාජගත කිරීමේදී ඔවුන්ට සිදුවූයේ මුස්ලිම් විරෝධීන්ගේ නිර්දය විවේචනයට ලක්වීමටය. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ තිත්ත කුණුහරුපෙන් එම පිරිසට බැණවැදුණු බොහෝ දෙනකු තම ෆේස්බුක් ගිණුම් ප්‍රධාන ඡායාරූපයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූපය යොදා සිටි අය වීම විශේෂත්වයක් විය. නාමල් හමීඩියාස් වෙතින් මංගල ඇඳුම සකස් කරගැනීමෙන් දැඩි ලැජ්ජාවකට සහ අපහසුතාවකට පත්ව ඇත්තේ එම පිරිසය. සමාජ මාධ්‍ය ඔස්සේ මුස්ලිම් ව්‍යාපාර නැතිභංගස්ථාන කිරීමට දිවා රෑ වෙහෙසුණු ඔවුන් මේ දිනවල මීයට පිම්බා සේ නිහඬය. මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කළ යුතු බව ඔවුනට මේ දිනවල අමතකවී ඇත. මුස්ලිම් ව්‍යාපාරිකයන් මසන ඇඳුම් ඇතුළේ සිංහල ජාතිය වඳකිරීම සඳහා වඳ බෙහෙත් ගල්වා ඇතැයි හඬ නැඟූ ස්වාමින් වහන්සේලාද නාමල්ගේ ඇඳුම ගැන හාවක් හූවක් නැත. විමල් වීරවංශ, උදය ගම්මන්පිල මෙන්ම ඔවුන්ගේ අනුගාමිකයෝද ඒ පිළිබඳ කිසිවක් කියන්නේද නැත.
මෙවැනි අවස්ථාවක හමීඩියාස් වැනි ආයතනයකින් තම මංගල ඇඳුම නිමකරවා ගැනීමට නාමල් රාජපක්ෂ මහතා ගත් තීරණය සැබැවින්ම අගය කළ යුතු එකක් බව අපේ අදහසය. එම තීරණය ගෝත්‍රික අදහස් දරන තම පාක්ෂිකයන් බහුතරයකගේ විවේචනයට හේතුවන්නක් බවද නාමල් හොඳකාරව දැන සිටින්නට ඇත. නමුත් නාමල්ගේ තීරණය ජාති ආගම් භේද පසෙකලා එක සමාජයක එකට ජීවත්වීමට කැමැති බොහා් දෙනකුගේ ප්‍රසාදයට හේතු වී ඇත.
මේ අතර නාමල් මේ ආකාරයෙන් හමීඩියාස් වෙතින් සිය මංගල ඇඳුම නිමකරවා ගැනීමද දේශපාලන උපක්‍රමයක් බවට මතයක්ද සමාජය තුළ ගොඩනැඟෙමින් ඇත. ඒ මතය දරන පිරිසගේ අදහස වන්නේ නාමල් මේ ආකාරයෙන් කටයුතු කළේ පොදුජන පෙරමුණ පිළිබඳ මුස්ලිම් සමාජයේ ඇති මතය වෙනස් කිරීමේ අරමුණෙන් බවය. ඒ සඳහා දැඩි ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කළේ ඒ හේතුවෙන් බවද ඔවුන්ගේ මතයවී ඇත.        

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඉන්දියාව පාකිස්තානය න්‍යෂ්ඨික යුද්ධයක

Next Post

කරු එක්ක සාකච්ජාවෙන් පසුු සජිත් කලබල ‌වෙයි: රනිල්-සජිත්-කරු සාකච්ජාවක් දැන්

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.