කතානායක කරු ජයසූරිය මහතා හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර ඊයේ (21) පැවැති විශේෂ සාකච්ජාවෙන් පසු සජිත් ප‌්‍රේමදාස මහතා දැඩි කලබලයට පත්ව සිටි බව දැනගන්නට ඇත.
ඊයේ පෙරවරු 10.00ට කතානායක නිල නිවෙසේ පැවැති මෙම හමුවේදී අගමැතිවරයා ලබා දුන් විශේෂ පණිවුඩයක් කතානායකවරයා විසින් සජිත්ට දැනුම් දීමෙන් අනතුරුව හෙතෙම මෙසේ කලබලයට පත්ව ඇති බව පැවසේ.
එහිදී කතානායකවරයා සදහන් කොට ඇත්තේ පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීන්දු කර ඇති බවත්, සජිත් ප්‍රේමදාස මහතාද ඊට ඉදිරිපත් වන්නේ නම් පක්ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ජන්ද විමසුමකට යාමට අගමැතිවරයා සූදානමින් සිටින බවත්ය.
කෙසේවෙතත් කතානායවරයා කළ මෙම දැනුම් දීමත් සමග සජිත්‌ගේ මුහුණේ ඉරියව් වෙනස් වී කලබලයට පත්ව ඇත. ඊට හේතුව වී ඇත්තේ තමන්ට අගමැතිවරයා ජනපති අපේක්ෂකත්වය ලබා දෙනු ඇති බවට වූ පූර්ව නිගමනයකට එළඹ සජිත් මෙම සාකච්ජාවට පැමිණ තිබීම නිසාය.
ඒ අනුව එම සාකච්ජාවෙන් පසුව නැවතත් සජිත් ඊයේ රාත්‍රියේදීම කතානායක කරු ජයසූරිය මහතා සමග තවත් සාකච්ජාවකට එක්ව තිබේ. ඊට අගමැතිවරයාට හිතවත් ප්‍රබල කැබිනට් ඇමැතිවරයකුද සහභාගීව සිට ඇති අතර මෙහිදීද සජිත් උත්සාහ දරා ඇත්තේ කෙසේ හෝ ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීමටය. නමුත් එහිදීද අවසන් එකගතාවයකට පැමිණ නැති බවක් දැනගන්නට ඇත.
ඒ අනුව අද (22) පෙරවරු 10.30ට අගමැතිවරයා, කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන තිදෙනාම අරලිය ගහ මන්දිරයේදී තවත් තීරණාත්මක සාකච්ජාවකට එක්වීමට නියමිතය.