• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති-අගමැති මාර්ගඵලලාභීන්! හෙලුවෙන් වනන කෙරමිණියෝ ‘පහනට තෙල්’ දමති…

April 13, 2021
in Exclusive
Reading Time: 9 mins read
A A
ජනපති-අගමැති මාර්ගඵලලාභීන්! හෙලුවෙන් වනන කෙරමිණියෝ ‘පහනට තෙල්’ දමති…
Share on WhatsAppShare on Facebook

ඊයේ දිවිතුරවත්ත දමිළ ගම්මානයට ගිය මා මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ට එඩිබල පතමින් ගෝඨාභය රාජපක්ෂ දැහැමි රජිඳුන්ගේ රජයට දිගාසිරි පතමින් දිලිඳු පවුල්වල දරුවන්ට පාසල් උපකරණ ඇතුළු විවිධ දෑ පුදන්නට කටයුතු කළේ “පහනට තෙල්” – මිහිඳු නුවණ වැඩසටහන යටතේය.”

මේ, ග්‍රේෂන් කෙරමිණියන්ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලද වූ සටහනක්ය. එහි හේතෙමේ ගේ බසෙහි වෙනසත්, වැඩෙහි වෙනසත් ඔබට පසක් වෙනු ඇත. කෙරමිණය තෙමේ අමුතු පොරකි. සාමාන්‍ය දේශපාලනයට වඩා ඒ කෙරමිණියන්ගේ දේශපාලනය වෙනස්ය. ඔහු කවුරු කොහොම කිව්වත් පුළු පුළුවන් විදියට දේශපාලන සෙල්ලමක් දාගන්නා අමුතු අයෙක්ය. මෙවර කෙරමිණියෝ පැමිණෙන්නේ කුමන පොටකට දැයි දන්නෝ ඔහුම පමණක්ය. මේ කෙරමිණියෝ සිය සංවිධානය ගැන කියනා කතාවයි.

“පහනට තෙල්” ජාතික ව්‍යාපාරයට ජාතියක් ආගමක් බල ප්‍රදේශයක් අදාළ නොවේ. මුළු ශ්‍රී ලංකා භූමිතලයම මෙම ව්‍යාපාරයේ පාලිත බල ප්‍රදේශයයි. දමිළ ජාතිකයින් වසන ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිවිතුරවත්තට අති පූජනීය අම්බලන්ගොඩ ධම්මරුචිර තෙරපාණන් වහන්සේ සමඟ අදාළ කෝවිලේ කුරුක්කල්තුමාද කැටුව දමිළ තරුණයන්ගේ සහභාගිත්වයෙන් ජාතියේ පොහොර ගස එනම් මී ගස රෝපණය සඳහා “මිහිඳු සෙවණ” වැඩපිළිවෙළ යටතේ කටයුතු කළේ පසුගියදාය.

එහිදී දහඩිය හෙලන වතු කම්කරු තරුණයන්ට දිරිදීම සඳහා මුල්‍යාධාර සැපයීමටද මාගේ ඉෂ්ට දේවතාවිය වන දන්දිනා මාතෘ දෙව්තුමිය අවකාශ සැලැස්වූ බැවින් ඇයට පින් දීමටද මෙය අවස්ථාවක් කරගත්තෙමි.”

මේ කෙරමිණියෝ කියනා අමුත් කතාවලින් එකකි. ඔහුට අනුව ගෝඨාභයලා මහින්දලා මග පලවලට පිලිපන් උතුමෝය. උන්දාගේ දර්ශනයේ දේවා මෑණියෝ රාජපක්ෂ පවුලේ මෑණියන්ය. බටපොළදී අම්බානක කනු ලබන්නේත් ඔය කයි කතන්දර කියාපාන්නට ගොහින්ය. මේ ගැහුවේ විපක්ෂයක් අය නොවනා අතර කෙරමිණියන් හා එක්ව එකම පෙදෙස් සභාවේ වෙසෙනා මහත්තුරු ඒ ගැහිල්ලට ආවේය. මේ ඒ ගැන කෙරමිණියන්ගේ අදහසය.

“පහනට තෙල්” ව්‍යාපාරයට අද දින බටපොලදී සිදුවූ මැර ප්‍රහාරය සම්බන්ධවයි.

“පහනට තෙල්” ජාතික ව්‍යාපාරය මඟින් කෙරෙනුයේ ජනපතිඳු යන මඟ ගල්, මඩ, කටු ඉවත් කරවීමයි. බටපොල නගරයේදී ඊයේ රාත්‍රී පොලිසිය හා මැර කණ්ඩායමක් මා හට සිදුකළ ආසන්න අසාධාරණයක් රටට කියන්නට “මිහිඳු හඬ” නම් හඬක් නැති මුවඟට හඬක් දීමට අද උදෑසන කටයුතු කළෙමි. එතනට කඩාවැටුණු උක්ත අපේම මන්ත්‍රීවරු රජ පවුලේ නායකයින්ගේ කටවුට් කඩා අපේ හඬ තාවකාලිකව නිහඬ කළේය.

මා ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ අසරණ ජනයාගෙන් අසා දැනගෙන බටපොල තත්වය ගැන මිම්මක් ඇතිකරගෙන මෙම රුදුරු පාතාලය අතුගෑමට ීගඔගත්‍ග සහය බටපොලට ලබා දෙන ලෙසටය. බටපොල අපේ පොහොට්ටුව දේශපාලඥයන් කිහිපදෙනෙක් පොලිසිය සමඟ මිතුරුව මෙම ත්‍රාඩ, බියකරු තත්වය නිර්මාණය කර ඇත.

මේ කෙරමිණියෝ ගැන එකල ඔහු හා එකම සරසවියක දවසරින ලද මිතුරු තුමෙක් තැබූ සටහනක්ය.

“පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නායක ග්‍රේෂන් කෙරමිණියගේ හිටියේ පේරාදෙනියේ මට ජූනියර් බැච් එකේය. සමහරු ඔහුට පිස්සු යැයි සිතා සිනාසෙති. සමහරු ඔහුට අනුකම්පා කරති. එහෙත් මට නම් කිවහැක්කේ ගොනාට ඇඳගෙන ඇත්තේ ඔහු නොව අප වීමට ලොකු ඉඩක් ඇති බවය. මට එහෙම හිතෙන්නේ ඔහුගේ අතීතය ගැන ඇති අත්දැකීම නිසාය.

ඔහු නවකයෙකු ලෙස පැමිණි පසුව සංස්කෘතය සහ හෙල බස මුසු, ලිඛිතයට ආසන්න ඔහුගේ අමුතු කතා ශෛලිය නිසා ඔහු ප්‍රසිද්ධියටත්, උපහාසයටත් පාත්‍ර විය. ඔහු එදා අවුරුදු විස්සක යෞවනයෙකු ලෙස කතා කළේද අද ඔහු අර වීඩියෝවේ කතා කරන විදියටමය. නවකවද සමයේදී ජ්‍යෙෂ්ඨයන් කොතෙක් කීවත්, කුණුහරපයෙන් බැන්නත්, විහිළුවට ලක් කළත් ඔහු තම ශෛලිය වෙනස් කර ගත්තේම නැත. “මෙය මාගේ ස්වාභාවික කථන ශෛලියය, ජ්‍යෙෂ්ඨතුමනි”යි ඔහු කීවේය. ඔහුව වෙනස් කරන්නට බැරි තැන ඔහුට ඒ වනවිට තිබූ කාඩ් එක වෙනුවට, “සකලඥාණ” යන ගැලපෙන නම යොදා ජ්‍යෙෂ්ඨයෝ ඔහුව හදන වඩේ අතහැර දැමූහ. ඔහු බැච් එකේ ලොකුම බයිට් එක ලෙස සැලකුනි.

ඔහු එසේ ජ්‍යෙෂ්ඨයන්ට අවශ්‍ය තරමටම බයිට් වෙමින් ජෝකරයෙකු ලෙස සිටින අතරතුර ඔහු වැදගත් රහසක් අනාවරණය කළේය. එනම් ඔහුට දේහ ලක්ෂණ අනුව ශාස්ත්‍ර කීමේ හැකියාවක් ඇති බවය.

මුලින් ඔහුව රැග් කිරීමේ හා බයිට් කිරීමේ කොටසක් ලෙසම පටන් ගත්තත් ඔහු කියන සාත්තරවල යම් ඇත්තක් තිබෙන බව බොහෝ අයට තේරෙන්නට පටන් ගත්තේය. ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් බොහෝ දෙනා ඔහුගෙන් ශාස්තර අසන්නට පෙළ ගැසුනහ. මුලින් මුහුණ දෙස බලා ශාස්තර කියූ අපේ සකලඥාණතුමා, පසුව අවශ්‍යතාවය අනුව යම් යම් ඉල්ලීම්ද කළේය. “ජ්‍යෙෂ්ඨතුමාට හැකිනම් ඔබතුමාගේ නළල මඳක් රැළි ගන්වා පෙන්විය හැකිද?” ඒ වන විට සාත්තරය ඇසීමේ නොතිත් ආශාවෙන් සිටි ජ්‍යෙෂ්ඨයෝ නළල මඳක් රැලි ගන්වා පෙන්වූහ. “ඔබතුමාගේ නළලෙහි රැලි පිහිටන ආකාරයෙන් කිව හැක්කේ ඔබතුමා පමණ ඉක්මවා යහළුවන් විශ්වාස කිරීමෙන් අලාභ සිදුකර ගන්නා බවයි” ඒ ගැන කල්පනා කරන ජ්‍යෙෂ්ඨයන්ට ඔහු පවසන දෙයෙහි සත්‍යයක් ඇති බව පෙනෙන්නට වෙයි.

තවත් විටෙක ඔහු මෙසේ කියයි. “ජ්‍යෙෂ්ඨතුමියනි, මට ඔබතුමියගේ විළුඹ මඳක් දක්වාලිය හැකිද?” ඉතින් එතුමියලා එසේ දක්වාලති. සකලඥාණ එවිට ඒ ඇසුරෙන් ඇයගේ චරිත ලක්ෂණයක් හෝ පලාඵලයක් නිරාවරණය කරයි.

ඔහුගේ මේ දුර්ලභ හැකියාව කොතෙක් ප්‍රචලිත වූයේද කිවහොත් පීඨ භේදයකින් තොරව, දේශපාලන භේදයකින් තොරව බොහෝ දෙනා ඔහුගේ ශාස්තර ඇසූහ. සමහරු ඔහුගේ ශාස්තර විශ්වාස කළේ නැත. සමහරු ටිකක් විශ්වාස කළහ. විශ්වාසම කරන අයත් සිටියහ. කෙසේ වෙතත් ඒ සියලු දෙනා ඔහු කියන පරිදි නළල් තලය රැලි කළහ, විළුඹ දක්වාලූහ, නිකට උස්සා ග්‍රීවය පූර්ණ ලෙස ප්‍රදර්ශනය කළහ.

දෙමසකට පසුව නවකවද සමය අවසන් විය. එයින් පසුව ඔහු මෙසේ කීවේය. “දේහ ලක්ෂණ බලා ශාස්ත්‍ර කිව හැකියැයි මා කීවේ මුසාවකි”.

ඒ අනුව රැග් ලීඩර්ස්ලා ඇතුළු ජ්‍යෙෂ්ඨ කේසර සිංහයන්ට එක දෙයක් අවබෝධ විය. එනම් මේ කපටි හිවලා විසින් ඇත්තෙන්ම නම් කර ඇත්තේ නවකවද කාලයේදී ජ්‍යෙෂ්ඨයන්ව රැග් කිරීම බවයි. නවකවද සමයෙන් පසුව මොකුත් කිරීමට බැරි බැවින් ඒ ජ්‍යෙෂ්ඨයෝ එක්කෝ තමන්ටම හිනාවෙමින් නැතිනම් දත්කූරුකමින් නිකම් සිටියහ. වෙන මොනවා කරන්නද?

නවකවද සමයෙන් පසුව ඔහුව කාටත් අමතක විය. ඒ බැච් එකේ දේශපාලනය කරන, බ්‍රයිට්, ක්‍රීඩක, ලස්සන ආදී කිසිම වැදගත් කුලකයකට ඔහු අයත් වූයේ නැත. කතාකරන විදියේ විකාර සහගත ගතිය හැර අන් කිසිදු විශේෂත්වයක් ඔහුට තිබුණේ නැත. කොටින්ම ඔහුගේ කාඩ් එක මිස සත්‍ය නමවත් කාටවත් මතක තිබුණේ නැත.

නමුත් මිත්‍රවරුණි, එයින් වසර විසිහතරකට පසුව අද ඔහුගේ බැච් එකේ ලංකාවේ ප්‍රසිද්ධම පුද්ගලයා සකලඥාණ හෙවත්, පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ ග්‍රේෂන් කෙරමිණියගේ මහතාය.

ඡන්ද දේශපාලනයට අත්‍යවශ්‍යම එක සාධකයක්, එනම් ප්‍රසිද්ධිය ඔහු එක රැයින් සතපහක්වත් වියදම් නොකර හැකි උපරිමයෙන් අත්කරගෙන හමාරය. ඒ බැච් එකේ දේශපාලනය කළ කිසිම ශිෂ්‍යයෙකුව සමාජය දැන් දන්නේ නැත.

එසේම ඔහු අපරාජිතව 18 වසරක් නගර සභාව නියෝජනය කරන්නේය යන කරුණ මගින් කියවෙන්නේ ඡන්ද දේශපාලනේ නාඩිය බොහෝ දෙනෙකුට වඩා හොඳින් ඔහු දන්නා බවය.

ඉතින් මිත්‍රවරුණි, ඔහුට පිස්සු යැයි ඔබ තවමත් හිතනවා නම් පහත කරුණු දෙක කෙරෙහි ඔබගේ අවධානය යොමුකරන්න. එනම්,

(1) 18 වසරක් නගර සභාවේ සිටි කෙනෙකුගේ ඊළඟ දේශපාලන ඉලක්කය පළාත් සභාවය.
(2) පළාත් සභා ඡන්දය තව කෙටි කාලයකින් පැවැත්වීමට තීරණය කර ඇත.

සීරියස් හෝ වියත් චරිත වූ පමණින් ඔබට ඡන්දයක් දිනන්නට නොහැකිය. ඒ සඳහා වැදගත්ම දේ ප්‍රසිද්ධියයි. ඒ සඳහා අපේක්ෂකයෝ මිලියන ගණන් වියදම් කරති. එහෙත් අවශ්‍ය ප්‍රසිද්ධිය ලබා ගත නොහැකිව අසාර්ථක වෙති. මතක තබා ගන්න. ඔබ දැනට දන්නා ගාලු දිස්ත්‍රික්කයේ එකම පළාත් පාලන නියෝජිතයා කෙරමිණියගේ මහතාය. එහෙම කෙනෙක් ඉන්නා බව අප කවුරුවත් ගිය සතියේ දැන සිටියේ නැත. මේ සතියේ ඔහු ගැන නොදන්නා කිසිම දේශපාලන සත්ත්වයෙකු මේ රටේ නැත.

ප්‍රසිද්ධිය ලද පසුව චරිතය ගොඩනගා ගැනීම ඒ හැටි අපහසු නැත. අනෙක් අතට ඡන්දයක් දිනන්නට සීරියස් චරිතයක් වෙන්නම ඕනෑද? සීරියස් අය වැඩි බැවින් ඔවුන්ගෙන් සමහරු පරාජය වෙන අතරතුර, නිශ්චිත සමාජ තීරුවක් දැනුවත්ව ආමන්ත්‍රණය කරන මර්වින් සිල්වලා ජයගනිති. මර්වින් සිල්වාට ඡන්දය දීමට සැදී පැහැදුණු පිරිසක් සිටින බව සත්‍යයක් සේම දන්දිනා මැතිනිය දේවතාවියකව ස්වර්ණමාලී චෛත්‍යයට අධිගෘහිතව සිටින බව විශ්වාස කරන පිරිසක්ද මේ රටේ සිටින බවද සත්‍යයකි. ඒ ගැන ඔබට සැකද? එසේනම් ධම්මික පැණියට පෝලිම් ගැසුනු ජන ගඟ සිහියට නගාගන්න.

ඒත් මදි නම් ගයාන් මහතාගේ රාවණා වීඩියෝවලට වැටෙන කමෙන්ට්ස් කියවන්න.

ඒ සමාජ තීරුව නිශ්චිතවම සහ දැනුවත්ව අමතන පළමුවැන්නා අපගේ හිතවත් ග්‍රේෂන් කෙරමිණියගේ මැතිතුමා විය හැකිය.

දැනට මේ ඇති.

දේශපාලනයේ සියල්ල දත් ජ්‍යෙෂ්ඨතුමන්ලා ඔබ යැයි ඔබ හිතනවාද? එසේනම්,

“නළල මඳක් රැලිගන්වා ගන්න”

මේ සටහන තැබූවෝ අනුරුද්ධ ප්‍රදීප් කරුණාසූරිය නම් අයෙක්ය. මේ අනුරුද්ධයන් කෙරමිණියන් ව කලක සිට දන්නා හඳුනනා බවක් ඉනික්බිත්තෙන් කෙරමිණියෝ තැබූ මේ සටහනින් පසක් වන්නේය.

“අන්තරයට ප්‍රමුඛ නායකත්වයක් දුන්, මගේ මතකයේ හැටියට ලංකෝනිස් අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අයියේ,
එදා සරසවි ජ්‍යෙෂ්ඨයින් ලෙස ඔබ අපට දුන් අකුටිල නායකත්වය සදා අප හදවත් තුළ පවතී. දශක දෙකකට ආසන්න කාලයකදී වුව ඔබ මේ බිමේ යහතින් දවසැරින බව සිතා සතුටට පත්වීමි. සකලඥාණ එදා කළ ආධ්‍යාත්මික විත්තධර්ම විද්‍යා වැඩ ඔබ අගයා තිබුණි. ඩෙඟා, රූකඩයා, බටදැල්ලා තාමත් අම්බලන්ගොඩ පුරවරයේ රජයේ උස් පුටුවල සිටින බවද ඔබට මතක් කරමි. ඔබ උක්ත ලිපියේ සඳහන් කර තිබූ කරුණක් පිළිබඳව මම එකඟ නොවෙමි. එනම් නවකවද කාලච්ඡේදයෙන් පසු මගේ අධිමානසික තත්වය හෑල්ලුවට ලක් කළ එක අසත්‍ය බව පැවසීමයි.

අයියේ,

මාගේ ආධ්‍යාත්මික දියුණුව මේ වන විට මිනිසෙකුට ලබන්නට හැකි ඉහළම තත්වයට පත්වෙමින් තිබේ. ඉදිරි සතිය ඇතුළත රාජපක්ෂ සහ ලේ ඥාතීන් සමඟ දන්දිනා දෙව් මව වැඩ වසන රන්මැලි සෑ සුපින්බිමට ගොස් අපේ රජයට එරෙහි එදිරිවාදී බලවේග සියල්ල මැඬලන පූජා චාරිත්‍රය පැවැත්වීමට දැහැමි නන්දසේන ගෝඨාභය ජනපතිඳුන්ගේ අවසරය ලබා ගැනීමට කඩිනමින් ක්‍රියා කරන්නෙමි. ඉන් අනතුරුව අන්තවාදි, භෞතිකවාදීන්ගේ තාඩන පීඩන අපේ දැහැමි රජුන් ප්‍රමුඛ රජයට කලිකාලයකට ඇති නොවනු ඇත.

ඔබේ නුවණැස යථාර්ථය කෙරෙහි පහළවේවා!!

මෙයට පේරාදෙණිය මිතුරු සකලඥාණ”

SendShareShare
Previous Post

අලුත් අවුරුද්දේ රන්ජන් හිරේ ඉඳන් පක්ෂ-විපක්ෂ දේශපාලකයන්ට කරපු ආරාධනාව! EXCLUSIVE

Next Post

ලෝකෙම පුදුම කරවපු සුදු හාමුදුරුවන්ගේ ආදාහනයේදී සිදුවූ අසිරිමත් සිදුවීම

MORE NEWS

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ශ්‍රී ලාංකීය සමාජ දේහය සහමුලින්ම කලඹමින්, ආගමික සහ සංස්කෘතික පදනම් දැඩි ලෙස ප්‍රශ්න කිරීමකට ලක්කළ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.