• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් අවුරුද්දේ රන්ජන් හිරේ ඉඳන් පක්ෂ-විපක්ෂ දේශපාලකයන්ට කරපු ආරාධනාව! EXCLUSIVE

April 13, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
අලුත් අවුරුද්දේ රන්ජන් හිරේ ඉඳන් පක්ෂ-විපක්ෂ දේශපාලකයන්ට කරපු ආරාධනාව! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිව් වරසකට සිරදඬුවම් නියමව අගුණුකොළපැලැස්ස බන්ධනාගාරායේ රඳවා සිටින රන්ජන් රාමනායක මේ වන විට රඳවා සිටින්නේ කුඩා සිරමැදිරියක බිත්ති හතරකට කොටුවය. පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානයේ නිරෝධායනය වීමෙන් අනතුරුව අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය රන්ජන්ට තවත් සතියක් එහිද හුදෙකලාව ගතකරන්නට සිදුවන්නේ නිරෝධායන නීතිවලට අනුවය. පසුව ඔහුව සී.01 වාට්ටුවට දමන්නේ එන් 12516 සිරකරු අංකයද නිකුත් කරමිනි.

එම වාට්ටුව සිරකරුවන් විශාල පිරිසක් රඳවා ඇති විශාල ශාලාවකි. රන්ජන් ඒ සිරකරුවන් සමග විනෝදයෙන් ගත කළේය. ජුලම්පිටියේ අමරේ මෙන්ම දකුණේ නම ගිය අපරාධකරුවන් රැසක්ම සිටියේ එම වාට්ටුවේය. ඒ අයගෙන් රන්ජන්ට ඇල්පෙනෙති තුඩකින්වත් අනතුරක් නොවීය. ගීත ගායනා කරමින් රස කතා කියමින් රන්ජන් සෙසු සිරකරුවන් සමග කාලය ගත කළේ සිරකරුවෙකුගේ සේ නොව, සාමාන්‍ය පුද්ගලයෙක් ලෙසිනි. ආහාර පාන පවා කිසිදු හිඟයක් ඔහුට නොවීය. රිමාන්ඩ් සිරකරුවන් විසින් නිවසින් රැගෙන එන පළතුරු මෙන්ම රසවත් ආහාර පවා ඔහුට ලැබුණේය. එහෙත් රන්ජන්ට කණකොකා හැඬලෙන්නේ ඔහුව වැලිකඩ බන්ධනාගාරයට මාරුකරගන්නට විපක්ෂයේ දේශපාලනඥයන් පිරිසක් ගත් උත්සහයක් හේතුවෙනි. නැති තර්ජනයක් මවා පාමින් රන්ජන්ට මරණීය තර්ජන ඇතැයි කීවේය. එය සනාථ කරන්නට ඉදිරිපත් කරනු ලබන්නේ ජුලම්පිටියේ අමරේ ඇතුළු දරුණු ගණයේ සිරකරුවන් කිහිප දෙනෙකුගේ නම්ය.

සැබවින්ම රන්ජන්ට ඒ කිසිවෙකුගෙන් තර්ජනයක් නොවීය. විපක්ෂයේ දේශපාලනඥයන් රන්ජන්ව වැලිකඩට ගෙන එන්නට ඒ සැලසුම දියත්කරන්නේ ඔහුගේ දුකසැක සොයා බලන්නට අගුණුකොලපැලැස්සට පැමිණීම දුෂ්කර සහ කාලය ගතවන්නක් වූ නිසාය. එහෙත් අවසානයේදී සිදුවන්නේ තනි සිරමැදිරියක රන්ජන්ට තනිවම ගතකරන්නට සිදුවීමය. බන්ධනාගාරය තුළ ඔහුව බෙදා වෙන්කළ සනීපාරක්ෂක වැඩ පාටියෙන්ද ඔහුව ඉවත් කරනු ලැබීය. දැන් ඔහුට වැඩි කාලයක් ගෙවන්නට සිදුව ඇත්තේ එම සිරමැදිරියේය. එහි වැසිකිලි පහසුකම්ද සහිතය. ඒ පෝච්චි වැසිකිළියකි. රන්ජන්ගේ දණහිස් ආබාධයක් හේතුවෙන් ඔහුට පෝච්චි වැසිකිළිය භාවිතා කරන්නට වන්නේ වේදනාකාරීවය. ඒ ගැන බන්ධනාගාර පාලනාධිකාරියට කියා ඔහු සහනයක්ද පැතුවේය. ඒ අනුව පෝච්චි වැසිකිළිය මත තබා පරිහරණය කරන්නට පුටුවක්ද ඔහු ගෙන්වා ගත්තේය. එහෙත් දිනකට දෙකකට වඩා ඔහුට එම පුටුව භාවිතා කරන්නට ඉඩක් නොවීය. ඒ ඉහළින් ලද නියෝගයකට අනුව පුටුව පැත්තකට දමා ඇති බැවිනි.

රන්ජන් සිය සිරුර ගැන මෙන්ම හමේ පැහැය ගැනද දැඩි උනන්දුවක් දැක්වූවෙකි. ඔහු හම සහ පැහැය ආරක්ෂාකර ගැනීමට විවිධ ආලේපන වර්ග භාවිතා කළේය. අවුරුදු 50ක් ඉක්මව ගියත් ඔහු තරුණ පෙනුමෙන් සිටි රහස එයය. එහෙත් දැන් රන්ජන් සිටින්නේ ඒ කිසිත් නැතිවය. හමේ රැල් පවා වැටෙමින් ඇත්තේය. පූෂ්ටිමත් මස් පිඬු පවා දැන් ක්‍රමයෙන් ඇත්තේ අතුරුදන් වෙමින් පවතින බව වාර්තා වේ.

තතුදත් මගින් දැනගන්නට ඇති ආකාරයට අනුව රන්ජන් බන්ධනගාරගත වන විට ඔහුගේ සිරුරෙහි බර සටහන් වන්නේ කිලෝ 82ක් ලෙසිනි. දැන් ඒ බර කිලෝ 10කින් අඩුවී ඇත්තේ කිලෝ 72ක් බවට පත්වෙමිනි.
තනි සිරකුටියක සිරවන්නට පෙර ඔහුට සෙසු සිරකරුවන් සමග ශාරීරික අභ්‍යාසවල නිරතවන්නට කොතෙකුත් අවස්ථාව තිබුණි. ලීටර් 05 ප්‍රමාණයේ ජල බෝතල්වලින් සකස් කරන ලද බර උසුලන යොදාගෙන සෙසු සිරකරුවන් සමග කායවර්ධන අභ්‍යාසවල පවා ඔහු නිරතවිය. සිරුර කෘෂ වෙමන් ඇත්තේ දැන් ඒ අභ්‍යාසද සිරුරට නොලැබෙන නිසාය. එසේම ඔහු සිරුර වර්ධනය කර ගැනීමට විවිධ ඹෟෂධ වර්ග සහ ශක්ති ජනක භාවිතා කළේය. හිරේ ඉන්න ඔහුට ඒවා දැන් නැත. රන්ජන්ගේ පෙනුම දිනෙන් දින වෙනස් වෙමින් ඇත්තේ එබැවිනි.

රන්ජන් තුන් වේලටම මස් මාළු ආහාරයට ගත්තද දැන් ඔහුට උදෑසන ආහාර වේලට ලැබෙන්නේ පොල් සම්බෝල සහ බත්ය. මස් හෝ මාළු කෑල්ලක රස බලන්නට අවස්ථාවක් ලැබෙන්නේ දහවල් ආහාර වේලෙනි. ඒද ඔහුට රසකරමින් ආහාරයට ගන්නට හැකි ප්‍රමාණයෙන් නොවේ. රාත්‍රියට ලැබෙන්නේ සරල ආහාර වේලකි. තුන්වේලම මස් බිත්තර සහ මාළු ආහාරයට ගත් රන්ජන්ට හිරගෙදරින් දැන් ලැබෙන්නේ මෙවන් ආහාර වට්ටෝරුවක්ය. මරණිය තර්ජනක් නොමැතිව ඔහු සෙසු සිරකරුවන් සමග සී 01 වාට්ටුවේ රැඳී සිටියේ නම් ඔහුට තුන් වේලටම රෝස් කළ කුකුල් අඬුවක්වත් ආහාරයට ගන්නට තිබුණු ඉඩකඩ බොහෝය.

පාර්ලිමේන්තුවේ මේ දිනවල රන්ජන් වෙනුවෙන් නැගෙන්නේ විප්ලවීය හඬවල්ය. ඒ විපක්ෂයෙනි. පාර්ලිමේන්තුව තුළ උද්ඝෝෂණ පවා සිදුවූයේ රන්ජන්ගේ මන්ත්‍රී පුටුව ආරක්ෂාකර ගන්නටය. එහෙත් එය ඔහුට අහිමිවන්නේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිවරණ කොමිසමට යොමු කළ ලිපියක්ද සමගිනි. ඒ තුළින් කියැවෙන්නේ රන්ජන්ගේ මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇතැයි කියාය. ඒ අනුව පැය 24ක් යන්නට මත්තෙන් මැතිවරණ කොමිසම රන්ජන්ගේ පුරප්පාඩුවට පසුගිය මහා මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික් සජබ අපේක්ෂක ලැයිස්තුවේ තේරීපත් නොවූ මන්ත්‍රී ලැයිස්තුවේ ඉහළින්ම සිටි අපේක්ෂකයාගේ නම ගැසට් කළේය. ඔහු අජිත් මාන්නප්පෙරුමයි.

රන්ජන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬ නගන මන්ත්‍රීවරුන්ගෙන් මෙතෙක් ඔහුගේ දුක සැප බලන්නට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් ඇත්තේ දෑතේ ඇඟිලි ගණනටත් අඩු මන්ත්‍රීවරුන් පමණි. වැඩිම වාර ගණනක් අගුණුකොලපැලැස්සට ගොස් ඇත්තේ නම් ඒ දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා පමණි. වරක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද රන්ජන් බලන්න ගියේය.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා රන්ජන්ගේ දුක සැප සොයා බලන්නට ගොස් අන්තිමේදී සෙල්ෆියක්ද ගසා එය මුහුණු පොතේ ප්‍රසිද්ධ කිරීමත් සමග එහි වරද පවා පැටවෙන්නේ රන්ජන්ගේ කර මතය. ඒ අනුව දැන් රන්ජන්ගේ දුක සැප බලන්නට කොයි කාටත් හිමිකම් ලැබෙන්නේ සතියකට වරක් පමණි. ඒ බදාදා දිනයේදීය. එහෙත් දැන් ඔහුගේ දුක සැප විමසන්නට පැමිණෙන්නේ පවුලේ සමීපතයෙක් පමණී. ඉකුත් බදාදා ඔහුගේ දුකසැප සොයා බලන්නට මන්ත්‍රිවරුන් කිසිවෙකුත් අගුණුකොලපැලැස්සට ගොස් තිබුණේ නැත.

එදා රන්ජන් සමග දිවෙන් දිව ගාගෙන සිටි මිතුරන් බො‍හෝ දෙනෙක් ඔහු සමග නැත. රන්ජන් සිටින්නේ හුදකලාවය. ඒ නිසාම ඔහු ඉල්ලීමක් කරන්නේ ඉඩ ලැබෙන හැම මොහොතකම තමාව බලන්නට අගුණුකොලපැලැස්සට පැමිණෙන ලෙසය. ඒ ඉල්ලීම විපක්ෂයේ දේශපාලනඥයන්ට පමණක් ඉදිරිපත්වන්නක් නොවේ. ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ටත් විවෘතය. ඒ ඉල්ලීම ඒ අයට දැනුම් දෙන ලෙස රන්ජන් තමාගේ දුක සැප විමසන්නට බන්ධනාගාරයට එන යන සිය සගයාට මේ වන විටත් දැනුම් දී හමාරය. ඔහු දැන් රන්ජන්ගේ එම පණිවිඩය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ලබාදෙමින් ඇත්තේ රන්ජන් විසින් ලබාදුන් නම් ලැයිස්තුවකට අනුවය.

රන්ජන්ට දුරකතන ඇමතුම් ලබාගැනීමේ පහසුකම් පවා බන්ධනාගාර බලධාරීන් විසින් ලබාදී ඇත. ඒ ජංගම දුරකතන සඟවාගෙන භාවිතා කරන්නට නොවේ. බන්ධනාගාරයේ ඇති පොදු දුරකතනයකින් නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් ඇමතුම් ගන්නටය. ඒ අනුව ඉකුත් සතියේ ඔහු තමන්ට හිමි ඇමතුම ගන්නේ ඕස්ටේ්‍රලියාවේ ජීවත් වන සිය සහෝදරියටය. එම අවස්ථාවේදී රන්ජන් තරමක් හැගුම්බර වන්නේ තමාට දැන් සිටින්නේ සහෝදරිය පමණක් බව ඇතිවූ හැඟීමකින් විය හැකිය. සහෝදරිය රන්ජන්ට එම ඇමතුමේදී පවසා ඇත්තේ බන්ධනාගාරයෙන් එළියට පැමිණි වහාම ඕස්ටේ්‍රලියාවට පැමිණන ලෙසටය. ඒ මෙරට පදිංචිය අතහැර එරට ජීවත්වන්නටය. ඊට නිසි පිළිතුරක් රන්ජන් ලබාදී නැති අතර “ බලමු” යන්න ඔහුගේ පිළිතුර වී ඇත.

රන්ජන් සිරගතකර සිටින කුඩා කාමරයෙන් පිටතට පහසුවෙන් එන්නට බැරිය. ඒ මරණීය තර්ජනයක් ඇතැයි පැවැසීම නිසා ඔහුගේම ආරක්ෂාවට තහන්චි පැනවී ඇති බැවිනි. මේ තත්වය මත ඔහුට සෙසු සිරකරුවන්ට මෙන් පොදු ශාලාවේ ඇති රූපවාහිනිය නැරඹිමට පත්තරයක් කියවන්නට ඇති අවස්ථාද ගිලිහී ගොස් තිබේ. මේ තත්වය මත රටේ ලෝකයේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්නට රූපවාහිනී යන්ත්‍රයක්වත් සිය කුටියට ලබාදෙන ලෙස මේ වන විටත් රන්ජන්ගෙන් ඉල්ලීමක් යොමුව ඇත. එහෙත් ඊට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නම් ලැබී ඇති බවක් පෙනෙන්නට නැත.

කෙසේ වෙතත් පසුගිය සතියේ රන්ජන් බැලීම සඳහා තවත් විශේෂ පුද්ගලයෙක් අඟුණුකොළපැලැස්සට ගියේය. ඒ රන්ජන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයෙක්. මෙහිදී රන්ජන් පිළිබඳ ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට නීතිඥවරයා යෝජනා කළද රන්ජන් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ. ඒ තමන් මුල්කරගෙන රටත්, රටේ ජනතාවත් අමාරුවේ දමන්නට නොහැකි බවට කරුණු පෙන්වමිනි. ඒ අනුව රන්ජන් හිරගෙදර දුක් වින්දද ඒ දුකේදී පවා තම රටත්, තම ජනතාවත් අසීරුතාවයට පත් නොකිරීමට ක්‍රියා කිරීම අනෙකුත් දේශපාලනඥයන්ටද ආදර්ශයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

මේ අවුරුද්දේ පළාත් සභා නෑ!

Next Post

ජනපති-අගමැති මාර්ගඵලලාභීන්! හෙලුවෙන් වනන කෙරමිණියෝ ‘පහනට තෙල්’ දමති…

MORE NEWS

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

Load More
තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

දේශපාලන කරළියේ ඇතැම් චරිත කුණාටු මැදින් නැගී සිටිති. තවත් සමහරු කුණාටු තමන් විසින්ම නිර්මාණය කරති. එහෙත්, මේ මොහොත වනවිට ශ්‍රී...

Read more
පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.